Pujaraට තරග තහනමක්!

LV= Insurance County Championship 2023

301

එංගලන්තයේ පැවැත්වෙන LV= Insurance ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන Sussex කණ්ඩායමේ නායකත්වය දරන ඉන්දීය පිතිකරු Cheteshwar Pujara හට එක් තරගයක තහනමක් පනවා තිබෙනවා. 

පසුගිය 13 වැනිදා Sussex සහ Leicestershire කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී ඇති වූ යම් ගැටුමක් නිසා එහි වැරදිකාර පාර්ශවය වන Sussex කණ්ඩායම වෙත දඬුවම් ලකුණු 12ක් ලබා දී ඇති අතර, සිදුවීමට සම්බන්ධ නොවුනත් කණ්ඩායම් නායකයා වීම නිසා Pujara හට ද එක් තරගයක් අත්හිටුවා තිබෙනවා. 

Leicestershire සමඟ පැවැත්වුණු තරගයේ දී එංගලන්තය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයින්ගේ වෘත්තිය හැසිරීම් වෙනුවෙන් පනවා ඇති නීති රෙගුලාසි කඩ කිරීම නිසා Sussex වෙත දඬුවම් ලකුණු දෙකක් ලබා දී ඇති අතර, මෙම තරග වාරයේ දී ඔවුන් මීට පෙර ද දඬුවම් ලකුණු දෙකක් ලබා තිබුණා. 

ඒ අනුව එක් තරග වාරයක කණ්ඩායමකට ලැබිය හැකි උපරිම දඬුවම් ලකුණු සීමාවට පැමිණීම නිසා ECB වෙතින් Sussex වෙත මෙම දඬුවම් හිමි වී තිබෙනවා. 

Sussex විසින් මෙම දඬුවම් අභියෝග කිරීමකින් තොරවම පිළිගෙන ඇති අතර එම තරගයේ දී සිදුවීමට සම්බන්ධ වූ ක්‍රීඩකයින් වන Tom Haines, Jack Carson සහ Ari Karvelas යන ක්‍රීඩකයින් Derbyshire සමඟ පැවැත්වීමට නියමිත මීළඟ තරගයට තෝරා නොගැනීමට ද කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් තීරණය කර තිබෙනවා. 

මෙම දඬුවම් ලකුණු 12ත් සමඟ Sussex කණ්ඩායම මෙවර තරග වාරයේ ලබා ඇති ලකුණු සංඛ්‍යාව 124ක් දක්වා අඩු වී ඇති අතර ලකුණු සටහනේ ද තෙවැනි වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය තෙක් පහතට ඇද වැටී තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<