ඉන්දියාවේ අලුත් ම ගැටලුව “කවුද මේ වෙල්ලාලගේ?”

Asia Cup 2023

10750

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (12) පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කිරීමට සමත් වුව ද, මේ වන විට ඉන්දීය මාධ්‍ය මගින් වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ වෙතයි. 

මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගත්තත්, තරගයේ වැඩි ගෞරවය කිසිදු ඉන්දීය ක්‍රීඩකයකුට ලබා ගැනීමට ඉඩ නොදීමට ඉරියව්වෙන් ම දක්ෂතා පෙන්වූ දුනිත් වග බලා ගත්තා. 

2023 ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ තරගයක් ලෙස පැවැත්වුණු මෙම තරගයේ දී පන්දුවෙන් ලකුණු 40කට කඩුලු 5ක්, පිත්තෙන් නොදැවුණු ලකුණු 42ක් සහ උඩ පන්දු දෙකක් ද රැක ගැනීමට සමත් වූ දුනිත් විසින් සිය කඩුලු 5 ලෙස දවා ගැනීමට සමත් වුනේ Shubman Gill, Virat Kohli, Rohit Sharma, KL Rahul සහ Hardik Pandya යන ඉන්දීය මුල් පෙළ ප්‍රධානතම පිතිකරුවන් පස් දෙනාවයි. 

මේ දක්ෂතා සියල්ල නිසා පරාජිත කණ්ඩායමේ සිටියත් තරගයේ වීරයා සම්මානයෙන් පවා පිදුම් ලැබීමට දුනිත් සමත් වුනා. ඒත් සමඟින් ම ඊයේ රාත්‍රියේ පටන් ඉන්දීය ප්‍රසිද්ධ වෙබ් අඩවි/මාධ්‍ය නාලිකා වලින් (Hindustan Times, Sportstar වැනි) දුනිත් වෙල්ලාලගේ යනු කවුරුන් ද යන සිරස්තලය යටතේ පුවත් පළ කිරීමට පටන් ගත්තා. 

එමෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද විශේෂයෙන්ම ඉන්දීය සහ පාකිස්තාන ක්‍රිකට් රසිකයින් වෙතින් වෙල්ලාලගේ වෙනුවෙන් විශේෂ ඇගයීම් ලැබුණා. මේ අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විස්තර විචාරකයින් පවා ඇතුළත් වී සිටීම විශේෂත්වයක්. 

වෙල්ලාලගේගෙන් Gill වෙත ලැබුණු පන්දුව ඕනෑම දඟපන්දු යවන්නෙකුගේ සිහින පන්දුවක්.”  

“තරගය අවසන් කිරීමට තවත් එක් කඩුල්ලක් පමණයි ඉන්දියාවට අවශ්‍ය. කොහොම වෙතත් මට DDSගේ (ධනංජය ද සිල්වාගේ) දඟපන්දු වලට  එරෙහි හැකියාව අගය කිරීමෙන් වැළකී සිටිය නොහැකි. ඔහු වෙනස් වීම් වලට (පන්දුවේ) කලාතුරකින් හසු වන්නේ. වඩාත් වැදගත් දෙය තමයි ඔහුගේ පිත්තේ කෝණය හැම විටම දඟකැවීම සමඟයි තියෙන්නේ. 

මට දුනිත් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ, මම දැනටමත් විශාල රසිකයෙක්.” 

ඉන්දීය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin විසින් ඊයේ තරගය අතරතුර අවස්ථා දෙකක  දුනිත් සහ ධනංජයගේ හැකියාවන් එසේ අගය කර තිබුණා. 

“වෙල්ලාලගේ ඉන්දීය පිතිකරණය රවටා දැමුවා. තරුණයා අත්‍යාවශ්‍ය සබඳතා බිඳ දැමුවා.” – හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Robin Uthappa  

තණතීරුව හිතකර එකක් (දඟපන්දුවට) නමුත් වෙල්ලාලගේ විශිෂ්ටයි. 19න් පහළ ක්‍රිකට්වල කැපී පෙනෙන ක්‍රීඩකයෙකු ලෙස ඔහු ලබා දුන් පොරොන්දු මල් ඵල ගැන්වෙමින් පවතිනවා.” – ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරක Harsha Bhogle  

මීට අමතරව Irfan Pathan, Akash Chopra වැනි ප්‍රසිද්ධ ඉන්දියානුවන් ද වෙල්ලාලගේ ගේ දක්ෂතා වෙනුවෙන් විශේෂ ඇගයීම් එක් කර තිබුණා. 

මේ අතර වෙල්ලාගේ විසින් ඊයේ දිනයේ දී දැක් වූ විශිෂ්ට දක්ෂතා සමඟ ඔහුට මීළඟ IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් සමඟින් IPL වරම් හිමි වනු ඇති බවත් බොහෝ දෙනෙකු විසින් අනුමාන කිරීමට පටන් ගෙන තිබෙනවා. 

එම අනුමාන කිරීම් අතරේ IPL තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම්වල නිල twitter ගිණුම් මගින් ද වෙල්ලාලගේ වෙනුවෙන් විශේෂ ඇගයීම් එක් කර තිබුණා. 

“ඔහුට පන්දු යවන්න සහ පිතිකරණයේ යෙදෙන්න පුළුවන්, සටන් කරන්න පුළුවන්. 

ශ්‍රී ලංකාවට අලුත් වීරයෙක් ලැබිලා, ඔහුට යන්තම් වයස අවුරුදු 20ක් පමණයි.” – Rajasthan Royals  

මේ හැරුණු කොට Mumbai Indians, Punjab Kings, Delhi Capitals වැනි කණ්ඩායම් බොහෝමයක් විසින් වෙල්ලාලගේ පිළිබඳ විශේෂ සටහන් තබා තිබුණා. 

එමෙන්ම තවත් ඉන්දීය ක්‍රිකට් රසිකයින් බොහෝ දෙනෙකු මෙම twitter පණිවුඩ වෙනුවෙන් සුබවාදී ප්‍රතිචාර ලබා දීමට ද ඉදිරිපත් වී තිබීම විශේෂත්වයක්. 

මේ සියලු අගය කිරීම් මධ්‍යයේ දුනිත් විසින් ලද වටිනා ම අගය කිරීම හිටපු සුපිරි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෙතින් ලද බව නම් සැකයකින් තොරව පැවසිය හැකි. 

ශ්‍රී ලංකාව අද ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් ක්‍රීඩා කළා කිව්වොත් නිවැරදි. ඒ තරම් දුනිත් හොඳින් ක්‍රීඩා කළා. 

ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා සමඟ ඉදිරියට යාමට ඔහුගේ උරහිස් මත විශිෂ්ට ඔළුවක් තිබෙනවා. 

ඉදිරි දශකය සඳහා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වල වැදගත් ම ක්‍රීඩකයා වීමට ඔහු ගමන් කරමින් සිටින බව මම විශ්වාස කරනවා.”  

ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ තරගය හෙට (14) පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් මහා තරගය පිවිසීමට නම් එම තරගය ජයග්‍රහණය කිරීම හෝ විසඳුමක් රහිතව අවසන් වීම අත්‍යාවශ්‍ය වනවා. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<