ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ගැන සංගාගේ අදහස

ICC Cricket World Cup 2023

18491

2023 එක්දින ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සිය ආරම්භක පිතිකරු යුගලය ස්ථාවර කර ගත යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.

Sky Sports සමඟ එක් වූ විස්තර විචාරයක් අතරතුර සංගක්කාර විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩා විශාලය අගය කරමින් අවධාරණය කළේ, ඔවුන් සිය ආරම්භක පිතිකරණ සංයෝජනය නිසි ආකාරයෙන් සකස් කර ගත යුතු බවයි.

එමෙන්ම ලෝක කුසලානය වන විට ඔවුන් (ආරම්භක පිතිකරුවන් දෙදෙනා) අදාළ පිතිකරණ ස්ථාන තුළ ස්ථාවර කරමින් අඛණ්ඩව ක්‍රීඩා කරවීම අත්‍යාවශ්‍ය බවත් සංගක්කාර විසින් මෙහි දී සඳහන් කර තිබුණා.

“ඒ වන විට ඔවුන් ලකුණු ලබා ගනිමින් තමන් ක්‍රීඩා කළ යුතු ආකාරය තේරුම් ගෙන තිබේ වී. වැදගත් ම දෙය තමයි, ඔවුන් දිගටම ක්‍රීඩා කරනවා වගේම තරගකාරී ව සිටීම.”

මේ අතර ශ්‍රී ලංකාව පසුගිය දා ඉන්දියාව හමුවේ ලද අවාසනාවන්ත පරාජයත් සමඟින් ඔවුන් තරග 13ක් තිස්සේ අඛණ්ඩව පවත්වා ගෙන ආ ජයග්‍රාහී රිද්මය බිඳී ගිය නමුත්, ඔවුන් සිය ප්‍රතිවාදීන් ව දවා ගැනීමේ කර්තව්‍යය නම් සාර්ථකව සිදු කිරීමට සමත් වුනා.

ඒ අනුව මේ වන විට ඔවුන් නොකඩවා තරග 14ක දී තම ප්‍රතිවාදී ඉනිම් සියල්ල ම සම්පූර්ණයෙන් ම දවා ගැනීමට සමත් වී තිබෙනවා. සංගක්කාර විසින් මෙහි දී ශ්‍රී ලංකාවේ මෙම පන්දු යැවීමේ දක්ෂතා පිළිබඳ ව ද ප්‍රශංසාත්මක ව අදහස් පළ කර තිබුණා.

“තත්වය (ක්‍රීඩාංගණයේ) සත්කාරකයින්ට හිතකර එකක් වුනත්, පන්දු යැවීමේ බළඇණිය විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළා.”

කෙසේ වෙතත් එළඹෙන ලෝක කුසලානය පැවැත්වීමට නියමිත ඉන්දීය තණතීරු දඟපන්දු යවන්නන් හට කෙතරම් හිතකර වේ ද යන්න පිළිබඳ සැකසංකා මතු කළ සංගා විසින් අවධාරණය කරන්නේ, එක් අංශයකට තනිව තරගයක වගකීම වෙන් නොකර කණ්ඩායම විසින් තරගයේ වගකීම් බෙදා ගත යුතු බවයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Newswire ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<