ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත නම් කෙරේ

Asian Games 2023

3434
Asia Cup 2023

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ක්‍රිකට් සංචිත නිවේදනය කර තිබෙනවා.

තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා A සංචිතයේ නායකත්වය සහන් ආරච්ච්ගේ හට හිමි වී තිබෙන අතර ඔහුගේ නායකත්වය යටතේ අශේන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, නුවන් තුශාර වැනි ජාතික වරම් ලද ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.

මේ අතර ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා.

පසුගිය දා එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඉතිහාසගත විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් බහුතරයක් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත මෙසේයි;

Men’s Squad Women’s Squad
1) ලසිත් කෲස්පුල්ලේ

2) ශෙවෝන් ඩැනියෙල්

3) අශේන් බණ්ඩාර

4) සහන් ආරච්ච්ගේ – නායක

5) අහන් වික්‍රමසිංහ

6) ලහිරු උදාර (කඩුලු රකින්නා)

7) රවිඳු ප්‍රනාන්දු

8) රනිත ලියනාරච්චි

9) නුවනිඳු ප්‍රනාන්දු

10) සචිත ජයතිලක

11) විජයකාන්ත් වියස්කාන්ත්

12) නිමේශ් විමුක්ති

13) ලහිරු සමරකෝන්

14) නුවන් තුශාර

15) ඉසිත විජේසුන්දර

1.)  චමරි අතපත්තු – Captain

2.)  හර්ශිතා සමරවික්‍රම

3.) විශ්මි ගුණරත්න 4.)නිලක්ශි ද සිල්වා

5.) කවීෂා දිල්හාරි

6.)  ඉමේශා දුලනි

7.)  අනුෂ්කා සංජීවනී

8.)  ඕෂධී රණසිංහ

9.) සුගන්දිකා කුමාරි

10.) ඉනෝකා රණවීර

11.) උදේශිකා ප්‍රබෝධනී

12.) හසිනි පෙරේරා

13.) කෞශිනී නුත්‍යාංගනා  14.) අචිනි කුලසූරිය

15.) ඉනෝෂි ප්‍රනාන්දු

මෙම මස 23 වැනි දා චීනයේ Hangzhou හිදි ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ක්‍රීඩා ඉසව්ව විස්සයි විස්ස තරග රටාවෙන් මෙම මස 27 වැනි දා පටන් ආරම්භ වීමට නියමිතයි.

මෙම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා දැනටමත් කාන්තා සහ පිරිමි අංශ දෙකෙන් ම ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම් හතර ම සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව පිරිමි ක්‍රිකට් ඉසව්ව සඳහා කාණ්ඩ හතරකින් කණ්ඩායම් 11ක් මූලික වටයට තරග කිරීමෙන් අනතුරුව ඉන් තේරී පත් වන කණ්ඩායම් සමඟයි ශ්‍රී ලංකාවට තරග කිරීමට සිදු වන්නේ.

එමෙන්ම කාන්තා ඉසව්වේ ද මූලික වටයේ කාණ්ඩ දෙකකින් තරග වදින රටවල් හතරකින් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් සමඟයි ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් රටවල් තුන තරග වැදීමට නියමිත ව ඇත්තේ.

ක්‍රිකට් ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන් සහභාගී වීමට නියමිත රටවල්;

2023 ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<