සුපිරි දස්කම් මැද තියුණු ජයග්‍රහණ

261

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක්දින තරග 8ක් ඊයේ (9) පැවැත්වුනා.

එම තරගවලින් මහානාම, දේවපතිරාජ, සාන්ත ජෝසප් වාස්, සාන්ත ජෝසප්, ධර්මාශෝක, මාරිස් ස්ටෙල්ලා, සාන්ත සෙබස්තියන් සහ මොරටු මහා විද්‍යාල යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

ඒ අතරින් ධර්මාශෝක විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් මොහොතේ දී ලබා ගත් තීරණාත්මක ජයග්‍රහණ නිසාවෙන් දෙවන වටය (පිළිමළුන් පිටුදැකීමේ වටය) සඳහා අවතීර්ණ වීමට හැකියාව ලැබුණා.

දිනයේ වාර්තා වූ දස්කම් සලකා බැලීමේ දී කිසිදු ශතකයක් වාර්තා නොවුණු නමුත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ක්‍රිශේන් පෙරේරා සහ ධර්මාශෝක විද්‍යාලයේ සහන් සංකල්ප  කඩුලු 6 බැගින් දවා ගනිමින් දස්කම් පෙන්නුම් කරන විට දේවපතිරාජ විද්‍යාලයේ සසංක නිර්මාල් කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.

තවත් ක්‍රිකට් පුවත්:  

ඊට අමතරව පිතිකරුවන් සදිශාන් චමෝද්‍ය (මහානාම), පුල්ශාන් රෝහන (මහානාම), දුනිත් වෙල්ලාලගේ (සාන්ත ජෝසප්), ශෙරන් ෆොන්සේකා (සාන්ත ජෝසප්), ශෙවෝන් ඩැනියල් (සාන්ත ජෝසප්), සවිඳු රොද්‍රිගෝ (සාන්ත සෙබස්තියන්), හසිත අමරසිංහ (සාන්ත සර්වේසස්), පවන් සංදේශ් (දේවපතිරාජ), නිරාජ් කවිෂ්ක (මොරටු මහා විද්‍යාලය), චමෝද් ලක්ෂාන් (සහිරා), රයීඩ් රිස්වාන් (සහිරා) සහ තරුෂ ප්‍රනාන්දු (සාන්ත ජෝසප් වාස්) යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගන්නා විට, දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ හංසජ හිරුණයි. ඔහු පිතිකරණ දස්කම්වලට අමතරව සහිරා විද්‍යාලයේ කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වුනා.

TIER A කාණ්ඩයෙන් රාජකීය විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, මහානාම විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය මේ වන විටත් පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

රිච්මන්ඩ් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පැවැත්වෙන තරගයට පසුව  TIER A කාණ්ඩයෙන් මීළඟ වටයට යන අවසන් ආසනය සම්පූර්ණ වීමට නියමිත අතර ඒ අසුන වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලය (තරග 5ම අවසන්) සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සටන් වදිමින් සිටිනවා.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා TIER B කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

TIER A කාණ්ඩයේ එක්දින තරග 

මහානාම විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය 

සාන්ත තෝමස් විද්‍යාලය  – 188/10 (49.3): හරිඳු ජයසේකර 48, නිපුන් සමරසිංහ 36, වෝෂිත අමරසිංහ 33, දෙවිඳු කැකිරිදෙණිය 3/31, සම්පත් නිශ්ශංක 3/37, සදිශාන් චමෝද්‍ය 2/36.

මහානාම විද්‍යාලය – 192/6 (39): සදිශාන් චමෝද්‍ය 58, පුල්ශාන් රෝහන 57, පවන් රත්නායක 38, නවීජ් ද සේරම් 2/22, හරිඳු ජයසේකර 2/50.

මහානාම විද්‍යාලයට කඩුලු 4ක ජයක් 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

සාන්ත ජෝසප් විද්‍යාලය – 275/8 (50): දුනිත් වෙල්ලාලගේ 58, ශෙරන් ෆොන්සේකා 56, ශෙවෝන් ඩැනියල් 53, දිනාල් අනුරාධ  28, මලින්ද පෙරේරා 5/29.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 132 (41): ශරුජන් ශන්මුගනාතන් 38*, මලින්ද පෙරේරා 31, ලහිරු අමරසේකර 2/20, දේශාන් සෙනෙවිරත්න 2/23, යෙනුල දෙව්තුෂ 2/27.

සාන්ත ජෝසප් විද්‍යාලයට 143ක ජයක්

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 210/9 (50): සවිඳු රොද්‍රිගෝ 56, සුකිත ප්‍රසන්න 27, බිහඟ මෙන්ඩිස් 26, පසිඳු තෙන්නකෝන් 3/46, ත්‍රිමල්ෂ සිල්වා 2/11, කළිඳු විජේසිංහ 2/36.

සාන්ත ආනා විද්‍යාලය – 100 (32.3): පසිඳු තෙන්නකෝන් 27, බිම්සර කල්හාර 26, ක්‍රිශේන් පෙරේරා 6/27, බිහඟ මෙන්ඩිස් 2/07.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 110ක ජයක්

TIER B කාණ්ඩයේ එක්දින තරග 

දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය – 118 (41.1): හසිත අමරසිංහ 52, දිනිරු අබේවික්‍රමසිංහ 24, සසංක නිර්මාල් 5/27.

දේවපතිරාජ විද්‍යාලය – 122/2 (15.1): පවන් සංදේශ් 51, කීවක ශෂීන් 37, දමිඳු සංකල්ප 2/32.

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 8ක ජයක්

මොරටු මහා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය 

මොරටු මහා විද්‍යාලය – 170 (39.2): නිරාජ් කවිෂ්ක 60, තුෂාන් නිමන්ත 20, ශාන් සිරිවර්ධන 3/24, තිසරු වන්නිනායක 2/46

ධර්මරාජ විද්‍යාලය – 162 (32.5): දිනුක ප්‍රතිරාජ 40, පුලිඳු පෙරේරා 36, ශාන් සිරිවර්ධන 28, සන්තුක අමෝද් 3/22, විශ්ව දිදුලන 3/27.

මොරටු මහා විද්‍යාලයට ලකුණු 8ක ජයක්.

ධර්මාශෝක විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලය – 119 (31): සනුල ගුණරත්න 28, සසංක නෙත්මිණ 4/29, ටශික නිර්මාල් 2/09, යසිරු ජයසිංහ 2/20

ලුම්බිණි – 115 (27.3): සහන් සංකල්ප 6/15, චානක ජනංග 2/30.

ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 4ක ජයක් 

සහිරා විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 220/8 (50): හංසජ හිරුන 96, චෙමිඳු වීරවංස 60, සචිරු හන්සල 30*, ආදිල් ඉස්මයිල් 3/14, ඉශාන් රූහයිම්  2/28

සහිරා විද්‍යාලය – 217/9 (50): චමෝද් ලක්ෂාන් 64, රයීඩ් රිස්වාන් 61, ආදිල් ඉස්මයිල් 27,අශේන් ප්‍රනාන්දු 2/11, හංසජ හිරුන 2/41, කවිත දිනල්‍ය 2/45.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලකුණු 3ක ජයක්

ධර්මපාල විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 258/9 (50): තරුෂ ප්‍රනාන්දු 70, කෞශාන් විජේරත්න 42, පසිඳු දසනායක 36, අචින්ත දේශාන් 35,සචින්ත චාමික 3/30, කවිඳු නිශාන් 2/37.

ධර්මපාල විද්‍යාලය – 159 (42): පසිඳු තීක්ෂණ 34, ඔරාල් පෙරේරා 29, දිනිත් ප්‍රනාන්දු 4/17, අචින්ත දේශාන් 2/17, ධනුක නිර්මාල් 2/21, මෙනූෂ පෙරේරා 2/32.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 99ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<