මානසික සහනය තකා ඉන්දියාවෙන් සංචිත දෙකක්!

Australia tour of India 2023

3106

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව විසින් සංචිත දෙකක් නම් කර තිබෙනවා. 

ලබන මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ මුල් තරග දෙක සඳහා ඉන්දීය නිත්‍ය ක්‍රීඩකයින් වන නායක Rohit Sharma, Virat Kohli, Hardik Pandya සහ Kuldeep Yadav වැනි ක්‍රීඩකයින්ගෙන් තොර සංචිතයක් නම් කර ඇති අතර, තරගාවලියේ අවසන් තරගය සඳහා එළඹෙන ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් ඇතුළත් කරමින් තවත් සංචිතයක් නම් කර තිබෙනවා. 

  • පළමු තරග දෙක සඳහා නම් කළ ඉන්දීය සංචිතය: KL Rahul (නායක), Ravindra Jadeja (උප නායක), Shubman Gill, Ruturaj Gaikwad, Shreyas Iyer, Ishan Kishan, Suryakumar Yadav, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Siraj, Mohammed Shami, Tilak Varma, Prasidh Krishna, R Ashwin, Washington Sundar 

මෙම සංචිතයේ නායකත්වය KL Rahul හට හිමි වී ඇති අතර, මෙහි දී එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට නියමිත ඉන්දීය ක්‍රිකට් සංචිතයට නායකත්වය ලබා දෙන Ruturaj Gaikwadහට ද මෙම සංචිතයේ ඉඩ ලැබී තිබීම විශේෂත්වයක්. 

  • තෙවැනි තරගය සඳහා නම් කළ ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Hardik Pandya (උප නායක), Shubman Gill, Shreyas Iyer, KL Rahul, Ishan Kishan, Suryakumar Yadav, Ravindra Jadeja, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Siraj, Mohammed Shami, Virat Kohli, Kuldeep Yadav, Axar Patel (ආබාධය සුව වීම අනුව), R Ashwin, Washington Sundar 

මෙම සංචිතයට ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව Washington Sundar සහ Ravichandran Ashwinගේ නම් ඇතුළත් වී තිබෙනවා. 

නිමා වූ ආසියානු කුසලානය අතරතුර ආබාධයකට ලක් වූ Axar Patelගේ ආබාධය සුව වීම මත ඔහුගේ ලෝක කුසලාන ගමන පිළිබඳ තීරණයක් ලැබෙනු ඇති අතර, එවන් ගැටලුවක් ඇති වුවහොත් ඊට ආදේශක ක්‍රීඩකයින් ලෙස Washington සහ Ashwin මෙම ඉන්දීය සංචිතයට කැඳවා ඇති බව අනුමාන කළ හැකි. 

මෙම සංචිත ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ නමක් ලෙස Ravichandran Ashwinව හඳුන්වා දිය හැකි. ආසන්න වශයෙන් මාස 18ක පමණ කාලයකට පසු ඉන්දීය එක්දින සංචිතයකට ඇතුළත් වීමට අවස්ථාව ලද Ashwinට ලෝක කුසලානයට ඉතා ආසන්න අවස්ථාවක මෙසේ නැවත කණ්ඩායමට එක් වීමට ලැබීම විශේෂ සිදුවීමක්. 

“Ashwin වගේ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කළ කාලය, ක්‍රීඩා පිටියේ සිටි කාලය වැනි දේවල් සැලකිය යුතු නැහැ. ඔහුට ඇති අත්දැකීම් සමඟ ඔහු වැනි ක්‍රීඩකයින්ගේ හැමදේම තියෙන්නේ ඇඟට වඩා ඔළුවෙයි. 

ඔහුව ඇතුළට ගත්තොත් ඔහු ඉන්නේ කොතැන ද, ඔහුගේ ශරීරය කොහොමද වැනි දේවල් තේරුම් ගන්න පුළුවන් වේවී කියලා මම හිතුවා.” 

ඉන්දීය නිත්‍ය නායක Rohit Sharma විසින් Ashwinගේ වැදගත්කම එසේ පැහැදිලි කර තිබුණා. එමෙන්ම ප්‍රවීණ ක්‍රීඩකයින්ට ‘මානසික සහනයක්’ ලබා දීමට තිබූ අවශ්‍යතාව මත පළමු එක්දින තරග දෙක සඳහා වෙනස් සංචිතයක් නම් කිරීමට තීරණය කළ බව ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී Ajith Agarkar විසින් සඳහන් කර තිබුණා. 

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලිය එළඹෙන 22 දා ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<