සුජානි දකුණු ආසියානු තරගයේ දෙවැනි තැනට

Bangabandhu මැරතන් තරගය 2023

147

බංග්ලාදේශයේ පැවති සුප්‍රකට Bangabandhu මැරතන් තරගාවලියේ කාන්තා දකුණු ආසියානු කලාප මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සුජානි පියුමිකා පෙරේරා සමත් වුනා.

ඇය තරගය පැය 2:40.22ක කාලයකින් අවසන් කරමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර එම තරගය ජයග්‍රහණය කළ ක්‍රීඩිකා Puspa Bhandari තරගය අවසන් කළේ පැය 2:48.01 කාලයක් සමඟිනුයි.

එම තරගයට ඇයට අමතරව වත්සලා මධුශානි හේරත් ද සහභාගී වූ අතර පැය 2:54.20ක කාලයකින් සිය තරගය අවසන් කළ ඇය හිමිකර ගත්තේ පස්වැනි ස්ථානයයි.

තරගාවලියේ දකුණු ආසියානු කලාපයේ පිරිමි මැරතන් තරගය සඳහා සහභාගී වූ සිසිර කුමාර එම ඉසව්ව පැය 2:24.48ක කාලයකින් ඉසව්ව අවසන් කළ අතර ඔහු තරගයේ පස්වැනි ස්ථානය දිනා ගත්තා.

පිරිමි දකුණු ආසියානු කාණ්ඩයේ පළමු ස්ථානය Bangriya Vikram Bharatsinh හට හිමි වූ අතර ඔහු තරගය අවසන් කිරීමට පැය 2:18.26ක කාලයක් ගත කළා.

මෙම තරගාවලිය දකුණු ආසියානු කලාපයේ පැවැත්වෙන ප්‍රධානතම මැරතන් තරගාවලියක් වන අතර ඒ සඳහා මෙරටින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<