ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක Sudeep Tyagi ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ඊයේ (17) සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.
මේ වන විට 33 වියේ පසුවන Tyagi ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග හතරකට සහ එක් පන්දුවාර විස්ස තරගයකට සහභාගි වී තිබූ අතර ඔහු දේශීය තරග පිටියේ දී Uttar Pradesh කණ්ඩායම ද, ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායම ද නියෝජනය කර ඇත.
This is the most difficult decision i ever made , to say goodbye to my dream . #sudeeptyagi #teamindia #indiancricket #indiancricketer #bcci #dreamteam #ipl pic.twitter.com/tN3EzQy9lM
— Sudeep Tyagi (@sudeeptyagi005) November 17, 2020
සිය සමුගැනීම පිළිබඳව සටහනක් තබමින් Sudeep Tyagi සඳහන් කර තිබුණේ තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කිරීම ඔහුට ඉතා අපහසු වූ බවත්, තමන්ට ඉඩක් ලැබෙන අවස්ථාවක දී නැවතත් ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තුවෙන් පසුවන බවත්ය.
“සෑම ක්‍රීඩකයෙකුගේම සිහිනය වන තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිහිනය මෙන්ම ඉන්දීය ධජය යටතේ ක්‍රීඩා කිරීමට තිබූ මාගේ සිහිනය සපුරා ගන්න පුළුවන් වුනා. මම කැමතියි මගේ මුල්ම තරගයට නායකත්වය දුන් MS Dhoni හට ස්තුති කරන්න. ඒ වගේම මම කැමතියි මගේ වීරයන් වුන Mohammad Kaif, RP Singh සහ Suresh Raina යන අයටත් ස්තුතිය පුද කරන්න.
මගේ ජීවිතය ක්‍රිකට් විතරයි, එයට ඉහළින් කිසිවක් නෑ. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ පියාණන්ට, මගේ අත අල්ලන් මාව පුහුණුවීම්වලට අරගෙන ගිහින් මට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිහිනය ලබා දුන්නට. අදටත් ඔහු ආසාවෙන් ඉන්නේ මම නැවතත් ඉන්දියානු ජර්සිය සමඟින් දකින්න. ඔහුගේ රටට සහ ක්‍රීඩාවට ඇති ආදරය අසමසමයි” යැයි එහි සඳහන් කර තිබුණි.
තවත් ක්‍රිකට් පුවත්:
- LPL උණුසුමත් රැගෙන Jaffna Stallions හම්බන්තොටට
- Mitchell Starc වසර හයකට පසු Big Bash පිටියට
- 2020 LPL නිල අනුග්‍රාහකත්වය තීන්දු වෙයි
- නවකයන් කිහිපයක් දෙනෙක් ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට
Uttar Pradesh කණ්ඩායම නියෝජනය කරමින් තරග 41කට සිය දායකත්වය ලබා දුන් Tyagi එහි දී කඩුලු 109ක් දවා ගැනීමට සමත් වූ අතර 2007-08 රංජි කුසලානයේ දී සිය කණ්ඩායම නියෝජනය කර එම තරග වාරයේ දී කඩුලු 41ක් දවා ගනිමින් ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.
පසුව 2009 සහ 2010 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරමින් කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ Tyagi, 2009 ශ්‍රී ලංකාව සමඟ පැවති පන්දුවාර විස්ස තරගයක් නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වූ අතර පසුව එම තරගාවලියේම එක්දින වරම් දිනා ගැනීමට ද ඔහු සමත් විය.
එක්දින ක්‍රිකට් දිවියේ තරග 4ක් තුළ කඩුලු 3ක් දවා ගත් Tyagi 2010 වසරේ දී අවසන් වරට ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ අතර 2017 වසරේ දී අවසන් වරට පළමු පෙළ තරගයක් නියෝජනය කළ ඔහු, 2014 වසරින් පසු List A හෝ පන්දුවාර 20 තරග ක්‍රීඩා කර තිබුණේ නැත.
Sudeep Tyagi ජාත්‍යන්තර තරග පිටියෙන් සමුගැනීමට තීරණය කළ නමුත්, මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත Lanka Premier League තරගාවලියේ දී දඹුල්ල කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් පසු වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<