2020 LPL නිල අනුග්‍රාහකත්වය තීන්දු වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

545
My11Circle confirmed as the LPL title sponsor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) පළමු අදියරේ නිල අනුග්‍රාහකත්වය, Fantasy Sports Platforms අතර ඉදිරියෙන් සිටින ඉන්දියානු වෙළඳ නාමයක් වන My11Circle විසින් ලබාගෙන ඇත. ඒ අනුව තරගාවලියේ නාමය අද පටන් “My11Circle Lanka Premier League” ලෙස වෙනස් වේ.

My11Circle.com යනු fantasy sports platforms අතර ඉදිරියෙන් සිටින ඉන්දියානු සමාගමක් වන Games24x7 යටතේ පවතින ක්‍රීඩා වේදිකාවකි. 2019 දී ආරම්භ වූ My11Circle වෙබ් අඩවිය, වසරක් වැනි කෙටි කාලයක් තුළ ඉන්දියාවේ ඉහළම ක්‍රීඩා වේදිකාවක් බවට පත්වීම සඳහා ඔවුන්ට හැකියාව ලැබී තිබෙන අතර එය දිගින් දිගටම වර්ධනය වන බව පෙනෙන්නට තිබේ. 

හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරනු ලබන සෞරව් ගංගුලි මහතා My11Circle හි සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

තවත් ක්‍රිකට් පුවත්:

Games 24×7 හි සන්නාම හා අලෙවිකරණ උපාය මාර්ග අධ්‍යක්‍ෂ Avik Das Kanungo මහතා, “Games 24×7 හි ක්‍රිකට් ලෝලීන්ට පුදුමාකාර ක්‍රීඩා අත්දැකීම් ලබා දීමට අඛණ්ඩව අපි උත්සහ කරනවා. ඒ දරන උත්සාහය තවදුරටත් ඵල දරන්නට මේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියෙන් ලැබෙන පන්නරය ලොකු සවියක් වෙයි කියලා අපි හිතුවා, ඒක නිසා අපි මේ LPL තරගාවලියේ නිල අනුග්‍රාහකයින් ලෙස My11Circle වෙළඳ නාමය ඉදිරිපත් කළා. LPL තරගාවලිය ඉදිරියේ දී ලොව තරගකාරීම ක්‍රීඩා ලීගයන් අතරට එක්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

“2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස My11Circle අපි සාධරයෙන් පිළිගන්නවා. මේ ලීගයේ ප්‍රධාන අනුග්‍රාහකයා වීමට ඔවුන් ඇතුළු ආයතන රැසක් ලොකු කැමැත්තකින් හිටියා. මොකද මේ තරගාවලියේ සන්නාමය වැඩි කරවන්න ඒ තරගය අපිට ගොඩක් වැදගත් වෙනවා. ඔවුන් දක්වන කැමැත්ත LPL සන්නාමයට මහඟු සාක්ෂියක්” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හි උපසභාපති මෙන්ම LPL තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.

නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් සහ අවසන් මහා තරගය ඇතුළත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<