LPL උණුසුමත් රැගෙන Jaffna Stallions හම්බන්තොටට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

904
Jaffna Stallions
Image Credits - Jaffna Stallions Media Unit

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් පළමුවෙන්ම LPL තරග බිමට ළඟා වූ කණ්ඩායම බවට පත්වෙමින් Jaffna Stallions ඊයේ (16) හම්බන්තොට බලා පිටත්ව ගියා.

Jaffna Stallions මෙලෙස හම්බන්තොට බලා පිටත්ව ගියේ, ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බිගේ මෙහෙයවීමෙන් නොවැම්බර් 13 සිට 15 දක්වා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති ඉතා සාර්ථක නේවාසික පුහුණු සැසියකට සහභාගී වීමෙන් අනතුරුවයි. 

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව LPL තරගාවලිය සඳහා ඉදිරිපත් වී සිටින කණ්ඩායම් 05 අතරින් කණ්ඩායමක් ලෙස පළමුවෙන්ම පුහුණුවීම් ආරම්භ කළ කණ්ඩායම බවට පත් වූ Jaffna Stallions මෙවර තරගාවලිය පැවැත්වෙන තරග බිමට ළඟා වූ පළමු කණ්ඩායම බවට ද පත්විය.

Jaffna Stallions සමඟ එකතු වන විදේශීය ක්‍රීඩකයින් 6 දෙනා ද ඉදිරි දින කිහිපය තුල දී ඉතාමත් ඉක්මනින්ම සිය කණ්ඩායම සමඟ එක් වීමට නියමිත අතර නොවැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිත LPL තරගාවලිය සඳහා තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා සෑම ආකාරයකින්ම ඉහළ නැංවීමට ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි ඇතුළු විශේෂඥ පුහුණුකරුවන් කණ්ඩායම ඉදිරි දින කිහිපයේ දී ද උපරිම කැපවීමෙන් ක්‍රියා කරනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<