මාතර දී ගිගුම් දෙන රුහුණු මහා නිල් සටන

123 වැනි රුහුණු නිල් මහා සටන

231
Gateway College v Royal Institute

රුහුණුලක ප්‍රධානතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 123 වැනි වරටත් පැවැත්වෙන “රුහුණු නිල් සටන” මේ මස 24 වැනිදා සිට තෙදින තරගයක් ලෙසින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර මහ ක්‍රිකට් තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලය සෙනුර පෙරේරා විසින් මෙහෙයවනු ලබන අතර සාන්ත සර්වේශස් විද්‍යාලය චිරාන් නෙත්තරු විසින් මෙහෙයවනු ලබනවා.

සාන්ත සර්වේශස් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier B කාණ්ඩය නියෝජනය කරන සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ මේ දක්වා තරගාවලියේ අපරාජිතව සිටිමින් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා සිටි.

ඔවුන් සහභාගී වූ තරග අතරින් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ ලබා ගන්නා ලද අතර අනෙකුත් තරග සියල්ලෙන් ම පළමු ඉනිමේ වාසි ලබා ගන්නා ලදි.

එතෙක් නිමා වූ එම තරගාවලියේ දී වඩාත් දක්ෂතා දැක්වූ සාන්ත සර්වේශස් ක්‍රීඩකයා වන්නේ දිනුරු අබේවික්‍රම. ඔහු ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 900ක් ලබා සිටිනවා.

St Thomas' vs St. Servatius Collegeඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රාශියකගෙන් ද සාන්ත සර්වේශස් විද්‍යාලය සමන්විතයි. ඒ අතර නායක චිරාන් නෙත්තරු වෙත හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔහු ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 870ක් ලබා සිටින අතර දකුණතින් මඳ වේග පන්දු යවමින් කඩුලු 32ක් ද ලබා සිටිනවා.

කණ්ඩායමේ උපනායක තරුෂ් දමිඳු දකුණත් පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 530ක් ද දකුණතින් මද වේගපන්දු යවමින් කඩුලු 40ක් ද ලබා ගෙන දක්ෂතා දක්වනවා.

ඊට අමතර ව වමතින් පිත්ත හසුරුවමින් සහ වමතින් දඟපන්දු යවමින් දක්ෂතා දක්වන විරාන් චමුදිත ලකුණු 410ක් සහ කඩුලු 39ක් දවා ගනිමින් ද, කුශාන් විජේරාම ලකුණු 580ක් සහ දකුණතින් මද වේගපන්දු යවමින් කඩුලු 37ක් ද ලබා සිටින අතර චතුම් බිම්සර කඩුලු 38ක් සහ ලකුණු 210ක් ලබා ගනිමින්  සාන්ත සර්වේශස් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයන් ලෙසින් පෙරමුණේ පසු වෙනවා.

සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය: චිරාන් නෙත්තරු (නායක) තරූෂ් දමිඳු (උප නායක) විරාන් චමුදිත, මිතිල මින්සර, තාරුක ඉමදිත්, විශ්ව සුපුන්, දෙනුවන් ප්‍රමෝද්, රවීන් කවින්ත, තිසාන් දෙවිමින්, බිනාල් නෙත්මක, දිනුරු අබේවික්‍රමසිංහ, රිසිනු කිත්නුක, චමරිඳු නෙත්සර, කලණ සංකල්ප, චතුම් බිම්සර, කුශාන් විජේරාම, එච්. එල්. එම්. එම්. චාල්ස්, අහමඩ් සජිඩ්, අශාන් හිරුෂ, චලන ඉඳූෂ, ප්‍රවීන් මධුශංක, අම්රි අහමඩ්, රසිඳු ඉමල්ෂ, කවිත් රන්සර, හේෂාන් හිරුෂ, තරිඳු ධනුශ්ක, සමිරු ගිම්හාන්, ප්‍රනීත් මිහිරංග.

නිලධාරීන්: එච්. කේ. එල්. බී. විරාජිත (විදුහල්පති), අමිලා නිලන්ති (උප විදුහල්පති), නයනානන්ද ද සිල්වා (ක්‍රීඩා භාර ආචාර්ය), අයි. ජී. චාමර (ක්‍රිකට් භාර ආචාර්ය), පී. බී. බුද්ධික (ප්‍රධාන පුහුණුකරු), ඒ. එම්. ප්‍රියන්ත (පුහුණුකරු), කවිඳු දුලක්ෂිත (සහාය පුහුණුකරු)St Thomas' vs St. Servatius College

සාන්ත තෝමස් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ Tier A කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ මාතර රාහුල විද්‍යාලයට සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව සම්පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කරමින් ද සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරමින් ද තරගාවලිය නිමා කළා.

එම ගමනේ දී වඩාත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින් පෙරමුණේ පසු වෙන්නේ පෙසඳු සංජන ජයරත්න. ඔහු ලකුණු 750ක් සහ දකුණතින් පිට දඟපන්දු යවමින් කඩුලු 30කට වැඩි ප්‍රමාණයක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

St Thomas' vs St. Servatius Collegeකණ්ඩායමේ නායක සෙනුර පෙරේරා ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතරින් පෙරමුණේ පසු වෙනවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 400 සීමාවේ සිටින අතර වමතින් දඟපන්දු යවමින් කඩුලු 20ක් දවාගෙන සිටිනවා.

ඊට අමතර ව 2024 වසරේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින සංජු ඩිලශාන් ද මේ අතර වෙනවා. ඔහු නිමා වූ තරගාවලියේ තරග කිහිපයකට පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 300කට වැඩි ප්‍රමාණයක් ලබා සිටිනවා.

කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන් ම ආරම්භක පිතිකරු ද වන අබ්දුල් මාජිත් පාසල් ක්‍රිකට් තරගාවලිය නිමා කරන්නේ ලකුණු 400 පසු කරමින්. කණ්ඩායමේ එක ම ශතකලාභියා වෙන්නේ ජිමුත් ධනික ඉද්දමල්ගොඩ. ඔහු මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 136ක් සමඟින් ලකුණු 500 සීමාවට පිවිස සිටිනවා. දකුණ් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන ජිමුත් කඩුලු 15ක් තමන්ගේ ගිණුමට එක් කර ගන්නවා.

සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම් සංචිතය: සෙනුර පෙරේරා (නායක), ලෝසිත දික්සිත් (උප නායක), භානුක ඉන්සමාල්, ඉඳුසර ජයතුංග, නෙනුක ද සේරම්, දිනත් සංචිත්, කුමේෂ් නුවන්ජන, ඔචින්ත චාමික ගුණවර්ධන, සසිඳු ජයසේකර, දුමිඳු ශාක්ශාර එදිරිසිංහ, ජිමුත් ධනික ඉද්දමල්ගොඩ, පෙසඳු සංජන ජයරත්න, තරුජ පිවිතුරු, සංදීප ද සිල්වා, අබ්දුල් මාජිඩ්, මනූග යොනාල්, සංජු ඩිල්ශාන්, චමිඳු රශ්මික, එම්. ජී. ටී. නිම්නෙත්, ආර්. එස්. යූ. ජයවර්ධන, ඩබ්ලිව්. බී. එම්. යූ. අමරසිංහ, එම්. ඩබ්ලිව්. පී. ප්‍රමුදිත, ඊ. ජේ. ඒ. පී. එස්. නිසසල, තත්සර දෙව්මිත්.

නිලධාරීන්: අරවින්ද වීරක්කොඩි (විදුහල්පති), රුවිනි රූබසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), අසංග ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය), ජගත් නන්ද කුමාර (ප්‍රධාන පුහුණුකරු), සුදේශ් ශිරන්ත (කනිෂ්ඨ පුහුණුකරු)

St Thomas' vs St. Servatius Collegeදෙවිදුහල් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වන්නේ 2007 අවුරුද්දේ දී. එම වසරේ දී ජයග්‍රාහි සාන්ත තෝමසුවෝ මේ දක්වා වාර්ෂික මහා ක්‍රිකට් තරග 32ක් ජයග්‍රහණය කරමින් රුහුණු නිල් මහා සටනේ ආධිපත්‍ය පතුරුවා ගෙන සිටිනවා. සාන්ත සර්වේශස් විද්‍යාලය මේ දක්වා ජයග්‍රහණය කරන්න හැකී වී ඇත්තෙ තරග 27ක් පමණක්. ඉතිරි තරග 63 ජය පරාජයෙන් අවසන් වී තිබෙනවා.

දෙවිහදුල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අප්‍රේල් මස 8 වැනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. රුහුණු නිල් මහා සටනට එක් වෙන සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලයට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<