Home Sinhala දසිස් – රමිරු සුපිරි දක්ෂතා නිසා රාජකීය විද්‍යාලය නිල් මහා සටනින් ජය...

දසිස් – රමිරු සුපිරි දක්ෂතා නිසා රාජකීය විද්‍යාලය නිල් මහා සටනින් ජය ලබයි

368

පුරා වසර 7කට පසුව නිල් මහා සටනේ ජයග්‍රාහකයින් ලෙස කිරුළු පළඳින්නට අද (18) කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා. ඒ 144 වැනි නිල් මහා සටනෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 180කින් පරාජය කරමින්.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් නායක රොමේෂ් මෙන්ඩිස් මුලින් පන්දු යැවීම තෝරාගත් අතර තරගයේ දිවා ආහාරය තෙක් ගෞරවය ඔවුන් දිනා ගත්තේ රාජකීය විද්‍යාලයේ කඩුලු 3ක් ලකුණු 20ක් තුල දවා ගනිමින්.

නමුත් එතැන් පටන් තරගය නිමා වෙන තුරුම රාජකීය විද්‍යාලය සිය අණසක පතුරුවන්නට සමත් වුනා. එහි දී රාජකීය විද්‍යාලයේ නායක දසිස් මංචනායක සහ රමිරු පෙරේරා අතරේ ගොඩනැගුණු ද්විත්ව ශතක සබඳතාවය නිසා ඔවුන් තම මුල් ඉනිමට ලකුණු 326ක් ලබා ගැනීමෙන් පසු පන්දුවට පහර දීමේ අවස්ථාව තෝමසුවන්ට ලබා දුන්නා.

>>Photos – Royal College vs S .Thomas’ College | 144th Battle of the Blues – Day 03<<

දෙවැනි දිනය ආරම්භයේ සිට පිතිකරණයේ යෙදුණු සාන්ත තෝමස් විද්‍යාලයට තම මුල් ඉනිමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 153ක් පමණයි. එහි දී බුලාන් වීරතුංග කඩුලු 3ක් බිඳ හෙලද්දී, රනුක මලවිආරච්චි, සන්දේශ් රාමනායක සහ සිනෙත් ජයවර්ධන කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ලකුණු 173ක ඉදිරියක් සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ රාජකීයන් එහි දී කඩුලු 4කට ලකුණු 168ක් රැස් කිරීමෙන් පසු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් දිනය තුල දී ලකුණු 341ක දුෂ්කර ඉලක්කයක් සාන්ත තෝමස් විද්‍යාලයට ලබා දෙමින්. එහි දී මුල් ඉනිමේ ශතකලාභී දසිස් මංචනායක දෙවැනි ඉනිමේ වේගවත් ලකුණු 57ක් රැස් කළා.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් තරගයේ එකම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ වේගපන්දු යවන ක්‍රීඩක ආකාශ් ප්‍රනාන්දු තරගය පුරාවට රාජකීය විද්‍යාලයේ කඩුලු 8ක් තමන් සතුකර ගන්නට සමත් වුනා. ඒ මුල් ඉනිමේ කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් ලෙසයි.

අද උදෑසන තම පිතිකරණය ඇරඹූ සාන්ත තෝමස් විද්‍යාලයේ තිශේන් ඇහැලියගොඩ ලකුණු ලබා ගැනීමට පෙරම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට රනුක මලවිආරච්චි සමත් වුනා. දෙවැනි කඩුල්ල ලෙස නායක රොමේෂ් මෙන්ඩිස් දැවී යන විට සාන්ත තෝමස් ලකුණු පුවරුවට එකතු වී තිබුණේ ලකුණු 18ක් පමණයි.

සාන්ත තෝමස් ආරම්භක පිතිකරු දිනෙත් ගුණවර්ධන දවා ගැනීම වෙනුවෙන් උවිඳු වීරසේකර විශිෂ්ට උඩපන්දුවක් රැකගත් අතර එම කඩුල්ල සන්දේශ් රාමනායකට හිමි වුනා. පසුව රාජකීය විද්‍යාලයේ දඟපන්දු යවන්නන් තරගයට අවතීර්ණ වීමත් සමඟ දිවා ආහාරය වන විට සාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු 6ක් ලකුණු 76ක් තුල බිඳ වැටී අවසන්ව තිබුණා.

එහි දී සාන්ත තෝමස් මුල් ඉනිම අතරේ පන්දු යැවීමට අවස්ථාව නොලද නෙත්වින් ධර්මරත්න අද මැදපෙළ කඩුලු 2ක් දවා ගනිමින් අමතර වාසියක් ගෙන දුන්නා. පිත්ත සේම පන්දුවත් එක ලෙස හුරු දසිස් මංචනායක මහිත් පෙරේරාව පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

දිවා විවේකයෙන් අනතුරුව සාන්ත තෝමස් විද්‍යාලයේ පරාජය වැළැක්වීමේ අදිටනින් කඩුලු රකින පිතිකරු සෙනේශ් හෙට්ටිආරච්චි සහ චාරුක පීරිස් හොඳ සටනක් ලබා දුන්නා. ඒ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153ක දී ලකුණු 66ක් එකතු කරමින්.

රාජකීය විද්‍යාලයේ ජයග්‍රහණයට එරෙහිව ගොඩ නැගුණු මෙම බැම්ම තේ පානයට මොහොතකට පෙර බිඳ හෙළන්නේ රමිරු පෙරේරා විසිනුයි. ඔහු ගුවනේ පා කර යැවූ පන්දුවට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට ගිය චාරුක පීරිස්ට පන්දුව මග හැරී යද්දී, එය ඔහුගේ පිට ඉන්නේ දැවටුනා. ඒ වන විට චාරුක ලකුණු 22ක් ලබා සිටියා.

එතකින් නොනැවතුනු රමිරු පෙරේරා මීලඟ පන්දුවේ දී ආකාශ් ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කළේ සිය ගණනින් රාජකීය විද්‍යාල ධජ ගුවනේ ලෙලදවමින්. තේ විවේකයෙන් වැඩි වේලාවක් යන්නට පෙර තරගය අවසන් කරන්නට රාජකීය විද්‍යාලය හැකි වුනු අතර ලකුණු 46ක් ලබා සිටි සෙනේශ් හෙට්ටිආරච්චි ලබා දුන් උඩපන්දුව රැකගත් රාජකීය නායක දසිස් මංචනායක ඉතාමත් සංවේදී ලෙස තම විද්‍යාලයේ ජය සැමරුවා.

Result


Royal College
326/8 (74) & 168/4 (26)

S. Thomas’ College
153/10 (55) & 161/10 (58.5)

Batsmen R B 4s 6s SR
Rehan Peris c Senesh Hettiarachchi b Akash Fernando 4 4 1 0 100.00
Sineth Jayawardena b Nathan Caldera 1 3 0 0 33.33
Ovina Ambanpola b Akash Fernando 30 71 1 0 42.25
Uvindu Weerasekara c Nathan Caldera b Kavindu Dias 3 13 0 0 23.08
Dasis Manchanayake b Kavindu Dais 137 150 17 0 91.33
Ramiru Perera c Romesh Mendis b Kavindu Dais 128 186 15 2 68.82
Sandesh Ramanayaka lbw b Akash Fernando 0 4 0 0 0.00
Sanvidu Senartharachchi not out 8 8 0 0 100.00
Bulan Weerathunga b Akash Fernando 2 3 0 0 66.67
Nethwin Dharmarathne not out 0 5 0 0 0.00


Extras 13 (b 8 , lb 0 , nb 3, w 2, pen 0)
Total 326/8 (74 Overs, RR: 4.41)
Bowling O M R W Econ
Akash Fernando 13 1 55 4 4.23
Nathan Caldera 16 2 64 1 4.00
Kavindu Dias 13 2 58 3 4.46
Dinura Gunawardena 7 0 35 0 5.00
Charuka Peiris 13 0 55 0 4.23
Abheeth J Paranawidana 10 0 39 0 3.90
Senadhi Bulankulama 1 0 3 0 3.00
Mahith Perera 1 0 9 0 9.00
Batsmen R B 4s 6s SR
Senadhi Bulankulama c Sanvidu Senartharachchi b Ranuka Malaviarachchi 40 104 5 0 38.46
Thishen Ehaliyagoda c Sandesh Ramanayaka b Bulan Weerathunga 5 7 1 0 71.43
Dineth Gunawardena lbw b Sandesh Ramanayaka 10 26 2 0 38.46
Romesh Mendis c Sandesh Ramanayaka b 4 9 1 0 44.44
Nathan Caldera c Dasis Manchanayake b Ramiru Perera 20 25 3 0 80.00
Charuka Peiris c Sineth Jayawardena b Sandesh Ramanayaka 17 66 2 0 25.76
Mahith Perera c Sanvidu Senartharachchi b Bulan Weerathunga 30 43 5 0 69.77
Senesh Hettiarachchi c b Sineth Jayawardena 9 33 1 0 27.27
Akash Fernando not out 1 9 0 0 11.11
Kavindu Dais st Sanvidu Senartharachchi b Sineth Jayawardena 0 6 0 0 0.00
Abheeth J Paranawidana b Bulan Weerathunga 0 4 0 0 0.00


Extras 17 (b 6 , lb 0 , nb 2, w 9, pen 0)
Total 153/10 (55 Overs, RR: 2.78)
Bowling O M R W Econ
Ranuka Malaviarachchi 12 1 39 2 3.25
Bulan Weerathunga 14 6 26 3 1.86
Sandesh Ramanayaka 10 0 36 2 3.60
Dasis Manchanayake 2 0 11 0 5.50
Sineth Jayawardena 7 3 9 2 1.29
Ramiru Perera 10 1 29 1 2.90
Batsmen R B 4s 6s SR
Sineth Jayawardena lbw b Akash Fernando 4 5 1 0 80.00
Ovina Ambanpola c Romesh Mendis b Akash Fernando 5 11 0 0 45.45
Uvindu Weerasekara b Akash Fernando 28 43 2 1 65.12
Dasis Manchanayake b Akash Fernando 57 49 6 0 116.33
Ramiru Perera not out 46 34 3 2 135.29
Sanvidu Senartharachchi not out 11 16 0 0 68.75


Extras 17 (b 11 , lb 0 , nb 2, w 4, pen 0)
Total 168/4 (26 Overs, RR: 6.46)
Bowling O M R W Econ
Nathan Caldera 7 0 28 0 4.00
Akash Fernando 9 0 59 4 6.56
Kavindu Dias 6 0 39 0 6.50
Dinura Gunawardena 3 0 16 0 5.33
Charuka Peiris 1 0 15 0 15.00


Batsmen R B 4s 6s SR
Thishen Ehaliyagoda lbw b Ranuka Malaviarachchi 0 3 0 0 0.00
Dineth Gunawardena c Uvindu Weerasekara b Sandesh Ramanayaka 15 44 1 0 34.09
Romesh Mendis lbw b Bulan Weerathunga 12 20 2 0 60.00
Senadhi Bulankulama c b Nethwin Dharmarathne 13 39 2 0 33.33
Nathan Caldera b Nethwin Dharmarathne 18 40 1 0 45.00
Mahith Perera lbw b Dasis Manchanayake 7 8 1 0 87.50
Senesh Hettiarachchi c Dasis Manchanayake b Sineth Jayawardena 46 87 7 0 52.87
Charuka Peiris b Ramiru Perera 22 86 3 0 25.58
Akash Fernando c Uvindu Weerasekara b Ramiru Perera 0 1 0 0 0.00
Kavindu Dais lbw b Sineth Jayawardena 14 19 3 0 73.68
Abheeth J Paranawidana not out 0 8 0 0 0.00


Extras 14 (b 8 , lb 4 , nb 2, w 0, pen 0)
Total 161/10 (58.5 Overs, RR: 2.74)
Bowling O M R W Econ
Ranuka Malaviarachchi 10 2 34 1 3.40
Bulan Weerathunga 9 4 18 1 2.00
Sandesh Ramanayaka 7 1 24 1 3.43
Sineth Jayawardena 9.5 3 14 2 1.47
Dasis Manchanayake 4 0 9 1 2.25
Nethwin Dharmarathne 10 2 27 2 2.70
Ramiru Perera 9 2 25 2 2.78




තරගය නැරඹීමට පැමිණ සිටි රාජකීය විද්‍යාලයේ සිසුන් දසිස් මංචනායක සහ රමිරු පෙරේරා තම කර මතින් පිටිය වටා රැගෙන ගියේ ප්‍රබල සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කිරීමට ඔවුන් දෙදෙනා පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ප්‍රකට කළ විශිෂ්ට දස්කම්වලට කෘතගුණ සැලකීමක් වශයෙනුයි.

මේ අනුව 2019 වර්ෂයේ දී සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ ලද පරාජයෙන් පසු නැවතත් ඩී.එස්. සේනානායක සමරු ඵලකය තමන් වෙත නතුකර ගන්නට රාජකීය විද්‍යාලය අද සමත් වන්නේ මෙවර නිල් මහා සටන ආරම්භයට පෙර බොහෝ දෙනා පලකළ අනාවැකි පුස්සක් බවට පත් කරමිනුයි.

තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ සම්මාන බෙදී ගියේ පහත ආකාරයටයි.

  • තරගයේ වීරයා – දසිස් මංචනායක
  • හොඳම පිතිකරු – රමිරු පෙරේරා
  • හොඳම පන්දු යවන්නා – ආකාශ් ප්‍රනාන්දු
  • හොඳම පන්දු රකින්නා – උවිඳු වීරසේකර

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<