තරග 1,076කට නොකඩවා ගිය සුපිරි පාපන්දු රසිකයා ‘Corona’වට බිලිවේ

148
Charlton Super Fan Seb Lewis

එංගලන්තයේ Charlton Athletic පාපන්දු සමාජයේ සුපිරි පාපන්දු රසිකයෙකු වූ Seb Lewis පසුගිය දා ‘Coronavirus’ වසංගතය වැළඳී ජීවිතක්ෂයට පත්වී ඇත. 

මේ වන විට එංගලන්තයේ English Football League Championship ලීග් තරගාවලියේ ක්‍රීඩා කරනු ලබන ගිණිකොණදිග ලන්ඩන් ප්‍රදේශය කේන්ද්‍ර කරගත් ක්‍රීඩා සමාජයක් වන Charlton Athletic කණ්ඩායමේ ප්‍රමුඛතම රසිකයා ලෙස සැලකෙන 38 හැවිරිදි Seb Lewis නමැති පුද්ගලයා පසුගිය දා ‘coronavirus’ තත්වයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇත. 

ඔහු 1998 වසරේ සිට පසුගිය මාර්තු මාසයේ මුල භාගයේ දී ‘coronavirus’ වසංගතය හේතුවෙන් සියලුම තරගාවලි කල් දමන තෙක් වසර 22කට වැඩි කාලයක් පුරාවට Charlton Athletic ක්‍රීඩා කරනු ලැබූ සෑම තරගයකටම නොකඩවා සහභාගී වී ඇත. 

එහි දී එම කාලය තුළ Charlton සිය ක්‍රීඩාංගණයේ දී ම මෙන්ම ඉන් පිටත ද ක්‍රීඩා කරනු ලැබූ එකඳු තරගයක් හෝ පාඩුකර නොගනිමින් සියලුම තරග නැරඹීම සඳහා ඔහු සහභාගී වී ඇති අතර ඒ අනුව ඔහු තරග 1,076ක වාර්තාගත සංඛ්‍යාවක් සඳහා අඛණ්ඩව සහභාගී වී ඇත.

කෙසේ නමුත් ඔහු ‘coronavirus’ තත්වයට ගොදුරු වෙමින් පසුගිය දා ජීවිතක්ෂයට පත්වූ බව Charlton විසින් ඔවුන්ගේ නිල Instagram සහ Twitter ගිණුම් හරහා දැනුම් දෙනු ලැබීය. එම පණිවිඩයේ ඔවුන් දක්වා තිබුණේ;

“අපේ Charlon Athletic පාපන්දු සමාජයේ කැපවීමෙන් ඉහළම, ලෙන්ගතුම සහ ජනප්‍රියම රසිකයා වුන Seb Lewis 38 වැනි වියේ දී මියයාම පිළිබඳව අපි ගොඩක් කනගාටුවට පත්වෙනවා. ඔහු තමයි අපේ Charlton පවුලේ ජීවය වුනේ. 

1998 වසරේ පෙබරවාරි මාසයේ ඉඳලා මේ දක්වා අපි ක්‍රීඩා කළ සෑම ‘home’ සහ ‘away’ තරගයක්ම නොකඩවා නැරඹීමට ඇවිත් ඔහු තිබූ වාර්තාව ගැන අපිට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඔහු නොකඩවා නරඹපු තරගවල වාර්තාව 1,076ක්. බොහොම ස්තූතියි Seb ඔබ Charlton වෙනුවෙන් කරපු කැපවීම සහ දක්වපු ළැදියාව වෙනුවෙන්. ‘The Valley’ සහ අපි ක්‍රීඩා කරන ‘away’ තරග සියල්ලට මත් මීට පස්සේ ඔබේ අඩුව අනිවාර්යයෙන් දැනෙයි.”

We are truly devastated to hear of the passing of one of Charlton’s most dedicated, loyal and popular supporters, Seb Lewis, at the age of just 38. Seb was the heart and soul of the Charlton family and was so proud of his achievement of attending every single game, home and away since February 1998. His record stands at 1,076 consecutive fixtures. The thoughts of everyone at the club are with Seb’s family at this very difficult time. Thank you Seb for your loyalty and dedication to Charlton. The Valley and every away end up and down the country, will never be the same without you. #cafc

Charlton Athletic shared a photo on Instagram: “We are truly devastated to hear of the passing of one of Charlton’s most dedicated, loyal and…” * See 2,955 photos and videos on their profile.

 

තවත් කියවන්න;

ඊට අමතරව පාපන්දු ක්‍රීඩකයින් මෙන්ම පාපන්දු ලෝලීන් ද රැසක් ඔහුගේ පවුලට Sebගේ වියෝව පිළිබඳව ශෝක පණිවිඩ එක්කරන්නට වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පියා පවසා සිටියේ;

“මම දැනන් හිටියා Seb ප්‍රසිද්ධයි කියලා. නමුත් දැන් අපිට තේරෙනවා ඔහුට අනිත් ඇය කෙතරම් ආදරයෙන් ද හිටියේ කියලා. ඒ හැම පණිවිඩයක් වෙනුවෙන් ම අපි ඒ හැම දෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”

පාපන්දු ක්‍රීඩකයින් මෙන්ම පාපන්දු ලෝලීන් ද ඔහුගේ වියෝව පිළිබඳව ශෝක පණිවිඩ එක්කළ අයුරු –

Charlton Athletic FC on Twitter

? “We’re going to miss him dearly.” Lee Bowyer pays tribute to Seb Lewis… #cafc #RIPSeb https://t.co/7oOAGiTsF4

chris solly on Twitter

So sad to hear the news about Seb! The most dedicated and loyal football fan I’ve ever known and such a fun character, you’ll be truly missed by us all! #RIPSeb

Jason Euell on Twitter

RIPSeb Gone but never forgotten?. Once an Addick, Always an Addick Home & Away. #MadeInCharlton ???⚪️#CAFC https://t.co/dGCD9mSyNv

Jason Pearce on Twitter

Awful news. Best wishes to his family at this tough time. He will be missed. #RIPSeb ? https://t.co/iDsjXOxw9p

Joe Gomez on Twitter

Rest in peace Seb, thoughts go out to his family ?? https://t.co/jARhTak492

Chris Powell on Twitter

I’ve heard the very sad news about the passing of Seb Lewis, someone I got to know through my time as a player and manager at #cafc. If anyone could say they were Charlton through and through, it was Seb. My condolences to his family and friends. Rest in peace, Seb.

Louis Mendez on Twitter

Like all #cafc fans, I’ve been pretty rocked by the sad news about superfan Seb Lewis. @AmyCafc86 formulated an idea for us all to pay our respects & help share an important message. Let’s hang scarves/flags/shirts out your window and share with the tag #StayHomeForSeb

Tom Wallin on Twitter

StayHomeForSeb #cafc

Lewis Catt on Twitter

A fitting idea of a tribute to the great @SebLewis81 by @AmyCafc86. Hang a piece of Charlton memorabilia in your window in tribute to Seb. Please listen to the government. Stay home, Save lives #StayHomeForSeb #cafc

 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<