ශ්‍රී ලංකාව එංගලන්තයේ ටෙස්ට් සංචාරයකට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2024

3211

2024 වර්ෂයේ දී එංගලන්තයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 3කින් යුත් සංචාරයක් සඳහා වන කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබුවා.

තරගාවලිය එළඹෙන වසරේ අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 3ක දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය 2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළ තරගාවලියක් වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය Emirates Old Trafford හිදී සහ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග පිළිවෙළින් Lords සහ The Kia Oval ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්තය සමඟින් තරග 3කින් සමන්විත ද්විපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ 2018 වසරේ දීයි.

ශ්‍රී ලංකාව අවසන් වරට එංගලන්ත ටෙස්ට් සංචාරයක නිරත වුනේ වසර 8කට පසුව වන අතර එහි දී තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළේ එංගලන්ත ක්‍රීඩකයින් විසිනුයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 21 සිට 25 දක්වා – Emirates Old Trafford
  • දෙවැනි ටෙස්ට් තරගය – අගෝස්තු 29 සිට සැප්තැම්බර් 2 දක්වා – Lord’s
  • තෙවැනි ටෙස්ට් තරගය – සැප්තැම්බර් 6 සිට සැප්තැම්බර් 10 දක්වා | The Kia Oval

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<