Galle Gallants නැවතත් පළමු ස්ථානයට

LPL 2026

3
LPL 2026

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (1) නිමා වූ අතර එහි දී Colombo Kaps කණ්ඩායම පරාජය කළ Galle Gallants කණ්ඩායම නැවත වතාවක් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පිවිසියා.

ඒ සමඟින් ඔවුන් තරගාවලියේ Qualifier 1 වටය නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා ගත් අතර ප්‍රසාද ලකුණු පුවරුවේ මෙතෙක් 3 වැනි අසුනට පත් Colombo Kaps කණ්ඩායම Eliminator වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

>>Jaffna Kings ප්‍රසාද ලකුණු පුවරුව වෙනස් කරයි<<

19 වැනි තරගය, Colombo Kaps සහ Galle Gallants පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colombo Kaps

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gallants කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 188ක් පමණයි. ඒ අනුව Galle Gallants කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 13ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

Colombo Kaps

කමිඳු මෙන්ඩිස් (නායක), Rubin Hermann, සදීර සමරවික්‍රම, Ben McDermott, අශේන් බණ්ඩාර, James Neesham, ජනිත් ලියනගේ, මල්ෂ තරුපති, මිලාන් රත්නායක, වනුජ සහන්, Ripon Mondol, Mujeeb Ur Rahman.

Galle Gallants

දසුන් ශානක (නායක), Sam Harper, Thomas Rogers, චරිත් අසලංක, දිනුර කළුපහන, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, තරිඳු රත්නායක, Akif Javed, සචිඳු කොළඹගේ, ඒශාන් මාලිංග.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle Gallants ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ චරිත් අසලංක. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා.

එම ඉනිමේ දී ඔහු ආරම්භක පිතිකරු Sam Harper හා එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 19ක දී ලකුණු 42ක් ද, දිනුර කළුපහන හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 47ක සබඳතාවක් ද සහ සහන් ආරච්චිගේ හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 66ක සබඳතාවක් ද එක් කරනවා.

එහි දී Sam Harper පන්දු 16ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද, දිනුර කළුපහන පන්දු 21ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 29ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ද ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව නායක දසුන් ශානක ඉනිම අවසන් වෙද්දී පන්දු 8ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව මිලාන් රත්නායක, මල්ෂ තරුපති, James Neesham සහ Mujeeb Ur Rahman කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටිය පිවිසි Colombo Kaps කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 17ක් වෙද්දී අහිමි වූව ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට සදීර සමරවික්‍රම සහ Ben Mcdermott සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සදීර සමරවික්‍රම ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 19ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.

Ben Mcdermott ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙමින්.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව Colombo Kaps කණ්ඩායමට පන්දු 28ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කරමින් තරගය තමන් වෙත හරවා ගැනීමට මල්ෂ තරුපති සහ මිලාන් රත්නායක උත්සාහ කළා.

8 වැනි කඩුල්ලට කළ ඒ උත්සාහය ප්‍රතිඵනයක් නොමැති ව නිමා වෙන්නේ මල්ෂ තරුපතිගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 15ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.

ඊට පසු කඩුල්ලට දැවී යන මිලාන් රත්නායක පන්දු 19ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී  Mohammad Nawaz ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Akif Javed සහ ඒශාන් මාලිංග කඩුලු ද්විත්වය බැගින් ද, සචිඳු කොළඹගේ සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle Gallants – කඩුලු 6ක් දැවී 201 (20.0) Sam Harper 28, චරිත් අසලංක 58, දිනුර කළුපහන 20, සහන් ආරච්චිගේ 43, දසුන් ශානක නොදැවී 21, වනුජ සහන් 2/28

 

Colombo Kaps – සියලුම දෙනා දැවී 188 (19.4) සදීර සමරවික්‍රම 37, Ben Mcdermott 38, James Neesham 20, මල්ෂ තරුපති 36, මිලාන් රත්නායක 21, Akif Javed 2/42, Mohammad Nawaz 3/24, ඒශාන් මාලිංග 2/43

 

Galle Gallants කණ්ඩායමට ලකුණු 13ක ජයක්.

තරගයේ වීරයා – චරිත් අසලංක (Galle Gallants)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (02) Jaffna Kings සහ Dambulla Sixers අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි. එම තරගය මෙවර තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<