Nathan Lyon අළුබඳුනෙන් ඉවතට

අළුබඳුන තරගාවලිය 2023

1775

එංගලන්තය සමඟ පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Nathan Lyon හට සම්පූර්ණ තරගාවලිය අහිමි වන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් තහවුරු කර තිබෙනවා.

දෙවැනි තරගයේ පන්දු රකිමින් සිටිය දී ඔහු ආබාධයට ලක් වූ අතර එම නිසා ඔහුට පන්දු යැවීමට හැකි වුනේ නැහැ. නමුත් සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ ආබාධ මධ්‍යයේ ඔහු පිතිකරණයට පැමිණෙනු දක්නට ලැබුණා.

මෙම ආබාධයට පෙර ඔහු ටෙස්ට් තරග 100ක් කිසිදු ආබාධයකින් තොරව ක්‍රීඩා කිරීමට සමත්ව තිබූ අතර ක්‍රීඩකයින්ට ඉතා අපහසු වන එම කඩඉම මීට පෙර පසු කර තිබුණේ  Alastair Cook, Allan Border, Mark Waugh, Sunil Gavaskar සහ  Brendon McCullum යන ක්‍රීඩකයින් පමණයි.

ඔහුට තරගාවලියේ ඉදිරි තරග අහිමි වීමත් සමඟ ඔහුගේ ස්ථානය සඳහා තෙවැනි ටෙස්ට් තරගයට Todd Murphy කැඳවීමට කටයුතු කර තිබෙන අතර වර්තමානයේ දස්කම් අතර සිටින Todd Murphy ඉන්දීය සංචාරයේ දී තරග හතරක් තුළ කඩුලු 14ක් දවා ගැනීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය අතිරේක ක්‍රීඩකයා වූ Matt Renshaw ද සංචිතයෙන් නිදහස් කිරීමට කටයුතු කර ඇති නමුත් ඔහු සහ අනෙක් අතිරේක ක්‍රීඩකයා වන Michael Neser තවදුරටත් එංගලන්තය තුළ රැඳී සිටිනවා.

  • තෙවැනි තරගය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා සංචිතය: David Warner, Usman Khawaja, Marcus Harris, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Mitchell Marsh, Alex Carey, Pat Cummins, Mitchell Starc, Josh Hazlewood, Todd Murphy, Scott Boland, Michael Neser, Jimmy Peirson

2023 අළුබඳුන තරගාවලියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

 Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<