Home Sinhala චමරිගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසගත තරගාවලි ජයක්

චමරිගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසගත තරගාවලි ජයක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

575

චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී සහ සුපිරි පිතිකරණ දස්කම් නිසාවෙන් නවසීලන්තයට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (3) සමත් වුනා.  

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති එහි අවසන් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් ජය ගැනීමත් සමඟිනුයි 

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර Suzie Bates ලකුණු 63*ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වුනා 

කඩුලු රකින පිතිකාරිණියක් වන Bernadine Bezuidenhout සහ දෙවැනි එක්දින තරගයේ දී ශතකයක් ලබා ගත් Amelia Kerr මේ තරගයේ දී නවසීලන්ත ලකුණු සටහන 53ක් ලෙස සටහන් වන විට ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.  

අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74*ක සබඳතාවයක් ගොඩනැංවීමට Suzie Bates සහ Sophie Devine සමත් වුනා. කෙසේ නමුත් දහවල් 12ට පමණ ඇදහැලුණු වර්ෂාව නිසාවෙන් නවසීලන්ත ඉනිම පන්දුවාර 31කින් ඔබ්බට ඇදී ගියේ නැහැ. ඒ වන විට ඔවුන් ලකුණු 127ක් ලබාගෙන සිටියා 

වර්ෂාවෙන් පැය 3කට ආසන්න වේලාවක් අහිමි වී යාම නිසා ශ්‍රී ලංකාවට පන්දුවාර 29ක් තුල ලකුණු 196ක ඉලක්කයක් හිමි වුනා.  

ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක ලකුණු 7ක් තුල දැවී යාම නිසා ශ්‍රී ලංකා ආරම්භය එතරම්ම සාර්ථක වුනේ නැහැ. අනතුරුව චමරි අතපත්තු සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 190*ක වාර්තාගත සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළා. එය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය ලෙස ද වාර්තා පොත් අතරට එකතු වුනා. 

ආරම්භයේ සිටම ප්‍රවේගකාරී ලෙස සිය පිති ප්‍රහාරය දියත් කළ අතපත්තු පන්දු 60ක් තුල ඇයගේ ශතකය ලබා ගත්තේ මේ තරගාවලිය තුල ලබා ගත් සිය දෙවැනි ශතකය සම්පූර්ණ කරගෙනයි. එය අතපත්තුගේ එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 8 වැනි ශතකයයි. එසේම මේ ශතකය ඇය ලබා ගත් වේගවත්ම එක්දින ශතකය ලෙස ද වාර්තා පොත් අතරට එක් වුනා. 

අතපත්තු තරගයේ ක්‍රීඩිකාව සහ තරගාවලියේ ක්‍රීඩිකාව වෙමින් නොදැවී ලකුණු 140*ක් ලබා ගත් අතර පන්දු 80ක් තුල වාර්තා වූ ඇයගේ ඉනිමට 4 පහර 13ක් සහ 6 පහර 9ක් ඇතුළත් වුනා.  

ඇයට අනගි සහයක් ලබා දුන් නිලක්ෂි නොදැවී ලකුණු 48*ක් ලබාගෙන ශ්‍රී ලංකා ජයග්‍රහණය දක්වා අතපත්තු සමඟ කඩුල්ලේ රැඳී සිටියා. අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර 26කුත් පන්දු 5ක් තුල කඩුලු 2ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත් අතර එය නවසීලන්ත කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලබා ගත් පළමු තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාස පොත් අලුත් කළා. 

නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලිය මෙසේ නිමාවට පත්වන අතර දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජූලි 8 වැනිදා පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<  

Result


Sri Lanka Women
196/2 (26.5)

New Zealand Women
127/2 (31)

Batsmen R B 4s 6s SR
Bernadine Bezuidenhout run out (Kavisha Dilhari) 4 15 0 0 26.67
Suzie Bates not out 63 87 3 0 72.41
Amelia Kerr b Oshadi Ranasinghe 19 36 2 0 52.78
Sophie Devine not out 38 48 2 0 79.17


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 127/2 (31 Overs, RR: 4.1)
Fall of Wickets 1-7 (4.1) Bernadine Bezuidenhout, 2-53 (16.2) Amelia Kerr,

Bowling O M R W Econ
Inoshi Priyadarshani 7 0 28 0 4.00
Udeshika Prabodhani 7 2 18 0 2.57
Oshadi Ranasinghe 5 0 22 1 4.40
Inoka Ranaweera 7 0 34 0 4.86
Kavisha Dilhari 5 0 25 0 5.00


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu not out 140 80 13 9 175.00
Vishmi Gunaratne c Maddy Green b Lea Tahuhu 0 3 0 0 0.00
Harshitha Samarawickrama c Georgia Plimmer b Sophie Devine 3 10 0 0 30.00
Nilakshi de Silva not out 48 68 5 0 70.59


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 196/2 (26.5 Overs, RR: 7.3)
Fall of Wickets 1-1 (0.4) Vishmi Gunaratne, 2-6 (3.3) Harshitha Samarawickrama,

Bowling O M R W Econ
Lea Tahuhu 6 1 29 1 4.83
Sophie Devine 5 0 32 1 6.40
Eden Carson 5 0 46 0 9.20
Molly Penfold 3 0 29 0 9.67
Amelia Kerr 4.5 0 34 0 7.56
Fran Jonas 3 0 26 0 8.67