ඩිල්ශාන්, තිසර සහ ශෙහාන් US Masters හි ජයග්‍රහණ ලබයි

US Masters T10 2023

7785

ඇමරිකාවේ දී පළමු වරට පැවැත්වෙන US Masters T10 තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ (22) දිනයේ දී පැවැත්වුණු අතර ඒවායේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩක දක්ෂතා විශේෂයෙන් කැපී පෙනුණා.

California Knights vs Morrisville Unity

තරගාවලියේ 10 වැනි තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් California Knights විසින් නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර එම ඉලක්කය හඹා ගිය Morrisville Unity විසින් පන්දුවාර 8යි පන්දු පහක් පමණක් වැය කරමින් අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.

මෙහි දී පළමුව පන්දුවට පහර දුන් Knights ඉනිම සම්පුර්ණයෙන් ම Aaron Finch මත රඳා පැවතුණා. Finch විසින් පන්දු 30කින් ලකුණු 63ක් ලබා ගනිද්දී, තරගය ජයග්‍රහණය කළ Unity කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වීමට ශෙහාන් ජයසූරිය සමත් වුනා.

ශෙහාන් පන්දු 17කින් ලකුණු 27ක් ලබා ගත්තේ හයේ පහර සහ හතරේ පහර දෙක බැගින් වාර්තා කරගනිමිනුයි.

  • California Knights 100/4 (10) Aaron Finch 63, Obus Pienaar 3/13
  • Morrisville Unity 102/3 (8.5) ශෙහාන් ජයසූරිය 27, Obus Pienaar 23, Ricardo Powell 1/3

New Jersey Triton’s vs Texas Chargers

තරගාවලියේ 11 වැනි තරගය වූ මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් New Jersey Triton’s විසින් සිය පන්දුවාර 10 තුළ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 57ක් පමණයි. මෙහි දී Texas Chargers වෙනුවෙන් Fidel Edwards සහ Ehsan Adil කඩුලු 3 බැගින් දවා ගනිද්දී, තිසර පෙරේරා විසින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

පහසු ඉලක්කයක් හඹා ගිය Texas Chargers විසින් පන්දුවාර 4කින් අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. මෙහි දී තරගය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි තිසර පන්දු 3කින් ලකුණු 6ක් ලබා සිටියා.

  • New Jersey Triton’s 59/9 (10) Danza Hyatt 10, Fidel Edwards 3/5
  • Texas Chargers 60/2 (4) Mohammad Hafeez 27, RP Singh 1/18

 

Atlanta Riders vs New York Warriors

තරගාවලියේ 12 වැනි තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් Atlanta Riders විසින් නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී Lendl Simmons විසින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමෙන් Sohail Khan කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. ධම්මික ප්‍රසාද් සිය පන්දුවාර දෙක තුළ ප්‍රතිවාදීන් වෙත ලකුණු 25ක් ලබා දුන් නමුත් කඩුලු ලබා ගැනීමට සමත් වුනේ නැහැ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි New York Warriors වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් තිලකරත්න ඩිල්ශාන් විසින් පන්දු 14කින් ලකුණු 24ක් ලබා ගත්තේ හයේ පහර දෙකක් ද සමඟිනුයි.

තරගයෙන් Warriors වෙත කඩුලු හයක ජයග්‍රහණයක් ලබා දීමට Jonathan Carterගේ පිත්තෙන් තවත් ලකුණු 41ක් එක් වුනා.

  • Atlanta Riders 103/6 (10) Lendl Simmons 41, Robin Uthappa 32, Sohail Khan 4/15
  • New York Warriors 109/4 (10) Jonathan Carter 41, තිලකරත්න ඩිල්ශාන් 24, Harmeet Singh 2/8

තරගාවලියේ තවත් තරග තුනක් අද (23) දිනයේ පැවැත්වීමට නියමිතයි.

US Masters T10 තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<