2026 Dialog පාසල් රග්බි ලීග් ශූරතාවයේ තෙවැනි සතියට අදාළ තරග ඊයේ (10) දිනයෙන් නිමාවට පත් වුනා.
මෙම සති අන්තයේ දී ද තරග 09ක් ක්‍රියාත්මක වූ අතර, ඒ වෙනුවෙන් මෙවර ලීගයට සහභාගී වන පාසල් 18ක් තරග බිමට ප්‍රවිෂ්ට වුනා.
තර්ස්ටන් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ ම තර්ස්ටන් ක්‍රීඩකයින් විසින් ලකුණු 15ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ අතර, ම කාල සීමාව තුළ කිංග්ස්වුඩ් විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් තමන්ගෙන් ගිලිහී ගිය ජය නැවත ලබා ගැනීම සඳහා හොඳ තරගයක් ලබා දෙමින් ලකුණු 14ක් ලබා ගත්තේ, තර්ස්ටන් ක්‍රීඩකයින්ට ලකුණු 10ක් පමණක් ලබා දෙමින් වුවත්, තරගය ජය ගැනීමට ඔවුන්ට එය ප්‍රමාණවත් වුනේ නැහැ.
- තර්ස්ටන් විද්‍යාලය 25 (5T) – කිංග්ස්වුඩ් විද්‍යාලය 21 (3T, 3C)
තරගයේ වීරයා – අමිඳු රාජපක්ෂ (තර්ස්ටන් විද්‍යාලය)
මොරටුව වේලස් කුමර විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ වේල්ස් කුමරුවන් සම්පූර්ණයෙන්ම පාලනය කරමින් එකදු ලකුණක් හෝ ලබා නොදුන් සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ වේල්ස් කුමරුවන් විසින් නැවත තරගය අවතීර්ණ වෙමින් ලකුණු 21ක් ලබා ගන්නා අතරේ, සාන්ත පීතර ක්‍රීඩකයින් තවත් ලකුණු 31ක් ලබමින් එම උත්සාහය ව්‍යර්ථ කිරීමට සමත් වුනා.
- සාන්ත පීතර විද්‍යාලය 65 (11T, 5C) – මොරටුව වේලස් කුමර විද්‍යාලය 21 (1T, 1C, 2P)
තරගයේ වීරයා – නෙත්ශාන් මන්තුශ (සාන්ත පීතර විද්‍යාලය)
ශ්‍රී සුමංගල විද්‍යාල්‍ය සහ ත්‍රිත්ව විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ තමන්ට තවත් පහසු ජයක් ලියා ගැනීම ආරම්භ කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් සමත් වුනේ ශ්‍රී සුමංගල පාසල ලකුණු ලබා ගැනීමෙන් වළක්වන අතරේ ම, තම ලකුණු පුවරුවට ලකුණු 14ක් එක් කර ගනිමිනුයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ද සිය ආධිපත්‍යය ඒ අයුරින් ම පතුරවාලීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් වුනේ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් නැවතත් වලක්වාළමිනුයි. එමෙන්ම එම අර්ධය තුළ ද ඔවුන් තවත් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
- ත්‍රිත්ව විද්‍යාලය 39 (7T, 2C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 0
තරගයේ වීරයා – උදාන් විජේකෝන් (ත්‍රිත්ව විද්‍යාලය)
ආනන්ද විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම උරෙනුර ගැටෙමින් තරගයට අවතීර්ණ වුනා.
මෙහි දී වෙස්ලි විද්‍යාලය ලකුණු 14ක් ලබමින් පෙරමුණට පිවිසි අතර, ආනන්ද විද්‍යාලය ද ලකුණු 10ක් ලබමින් ඔවුන්ට අභියෝගයක් වීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් වඩාත් හොඳින් තරගයට අවතීර්ණ වෙමින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුනා.
- වෙස්ලි විද්‍යාලය 36 (6T, 3C) – ආනන්ද විද්‍යාලය 18 (2T, 1C)
තරගයේ වීරයා – කේෂර රාහුල් (වෙස්ලි විද්‍යාලය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ ඩී. එස් ක්‍රීඩකයින් එකදු ලකුණක් හෝ ලැබීමට අසමත් වූ නමුත්, සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.
තියුණු පළමු අර්ධයකින් පසුව ආරම්භ වූ දෙවැනි අර්ධය තුළ තරගය තවත් උණුසුම් වූ අතර, මෙම අර්ධය තුළ ඩී. එස්. ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනේ තරගයේ ජය පෙන්න මානයට පැමිණෙමිනුයි. මෙම අර්ධය තුළ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි. නමුත් ඔවුන් පළමු අර්ධයේ ලද ලකුණු 07 නිසා තරගයේ ජය සියතට ගැනීමට සමත් වුනා.
- සාන්ත අන්තෝනි විද්‍යාලය 21 (3T, 3C) – ඩී.එස්.සේනානායක විද්‍යාලය 19 (3T, 2C)
තරගයේ වීරයා – ශ්වෝන් එමැනුවෙල් (සාන්ත අන්තෝනි විද්‍යාලය)
සහිරා විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය
මෙම සතිය තුළ ක්‍රියාත්මක වූ වඩාත් උද්වේගකර තරගය ලෙස මෙය සැකයකින් තොරව හඳුන්වා දිය හැකි.
තරගයේ පළමු අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ අතර, එම අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
කෙසේ වෙතත් රාජකීයයන් තරගයේ දෙවැනි අර්ධය තුළ නැවත සිය ආධිපත්‍යය පතුරාවි යැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුනා. ඒ අයුරින් ම ඔවුන් දෙවැනි අර්ධය තුළ ලකුණු 21ක් වාර්තා කලේ සහිරා ක්‍රීඩකයින් ලකුණු 17ක් වාර්තා කරන අතර තුරේදියි.
කෙසේ වෙතත් රාජකීයයන්ට තරගය ජය ගැනීම සඳහා එය ප්‍රමාණවත් වුනේ නැහැ.
ඒ අනුව මෙම තරගයේ ජය සහිරා විද්‍යාලයට හිමි වූ අතර, සහිරා විද්‍යාලය විසින් රාජකීයයන් මෙසේ පරාජය කිරීමට සමත් වුනේ වසර 63කට පසුව වීම සුවිශේෂී කරුණක්.
- සහිරා විද්‍යාලය 29 (5T, 2C) – රාජකීය විද්‍යාලය 26 (4T, 3C)
තරගයේ වීරයා – අෆ්හම් අබ්ඩීන් (සහිරා විද්‍යාලය)
මහානාම විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ ම සිය ජය තහවුරු කර ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසින් සමත් වුනේ ලකුණු 22ක් ලබා ගනිමිනුයි.
කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ මහානාම ක්‍රීඩකයින් විසින් ලබා ගත්තේ ලකුණු 06ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධයේ දී මහානම ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම කාලය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ද තවත් ලකුණු 19ක් ලබමින් තරගය ජය ගැනීමට සමත් වුනා.
- සාන්ත ජෝසප් විද්‍යාලය 41 (7T, 3C) – මහානාම විද්‍යාලය 25 (3T, 2C, 2P)
තරගයේ වීරයා – ඉනෝෂ් සිල්වා (සාන්ත ජෝසප් විද්‍යාලය)
විද්‍යා විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධයත් ඉතා උණුසුම් ලෙස ක්‍රියාත්මක වුනා. එහි දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර, විද්‍යා විද්‍යාලය විසින් ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් සාන්ත තෝමස් ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී සිය ආක්‍රමණශීලී තරග රටාවට පිවිසෙමින් විද්‍යා ක්‍රීඩකයින්ට තවත් ලකුණු 05ක් පමණක් ලබා දෙන අතරේ, සිය ලකුණු පුවරුවට ලකුණු 31ක් එක් කර ගැනීමට සමත් වුනා.
- සාන්ත තෝමස් විද්‍යාලය 41 (6T, 4C, 1P) – විද්‍යා විද්‍යාලය 13 (2T, 1P)
තරගයේ වීරයා – විශ්ව ආකාෂ් (සාන්ත තෝමස් විද්‍යාලය)
ලුම්බිණි විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය
මෙම තරගයේ පළමු අර්ධය තුළ ම තමන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දමා ගැනීමට ඉසිපතන විද්‍යාලය විසින් සමත් වුනේ ලකුණු 21ක් රැස් කර ගනිමිනුයි. මෙම කාල සීමාව තුළ ලුම්බිණි කණ්ඩායම විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ලුම්බිණි ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 3ක් පමණක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉසිපතන විද්‍යාල විසින් තවත් ලකුණු 12ක් ලබා ගනිමින් සිය ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- ඉසිපතන විද්‍යාලය 33 (5T, 5C) – ලුම්බිණි විද්‍යාලය 06 (2P)
තරගයේ වීරයා – නිමන්ත සන්දීප
පාසල් රග්බි ලීගයේ සිව්වැනි සතියේ තරග මෙම සති අන්තයේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<






















