ආසියානු කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2891

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 17 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය අද (21) නිවේදනය කරනු ලැබුවා. 

මෙම සංචිතය සඳහා ආබාධයකට ලක් වීම නිසා පිටියෙන් ඉවත්ව සිටි KL Rahul සහ Shreyas Iyer කැඳවීමට තීරණය කර තිබීම විශේෂත්වයක්. 

එමෙන්ම වසරකට පමණ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙමින් අයර්ලන්ත තරගාවලිය සඳහා සහභාගී වූ Jasprit Bumrah ද මෙම සංචිතයට ඇතුළත් වෙනවා. 

ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස Rohit Sharma කටයුතු කරන අතර ඔවුන් සැප්තැම්බර් 02 වැනිදා පාකිස්තාන කණ්ඩායමට එරෙහිව මහනුවර දී තරග වැදීමට නියමිතයි. 

මෙය 2019 එක්දින ලෝක කුසලානයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය එක්දින තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව වන අතර ඉන්දියාව සිය දෙවැනි තරගය නේපාලයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි. 

තරගාවලිය අගෝස්තු 30 වැනිදා නිල වශයෙන් ආරම්භ වන අතර එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සුපිරි සිව් දෙනාගේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. 

තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය:  Rohit Sharma (captain), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Suryakumar Yadav, Tilak Varma, Ishan Kishan, Hardik Pandya (vice-captain), Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Shami, Mohammed Siraj, Kuldeep Yadav, Prasidh Krishna. 

අතිරේක: Sanju Samson 

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<