ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම තරගයත් පහසුවෙන් ම ජයග්‍රහණය කරමින් තව දුරටත් තරගාවලියේ අපරාජිත බව රැක ගත්තා.
ඔවුන් වෙතින් අද පරාජයට පත් වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන්ට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී (20) නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 68ක් පමණයි. එම ඉලක්කය ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 51ක් ද ඉතිරි කර ගනිමින් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
>>ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ පෙර තරගයට එක් වූ සංජනා කාවින්දි සහ රශ්මිකා සෙව්වන්දි වෙනුවට හසිනි පෙරේරා සහ චේතනා විමුක්ති එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි, චේතනා විමුක්ති, සත්‍යා සංදීපනී සහ නිමාෂා මීපගේ.
සිම්බාබ්වේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Josephine Nkomo (නායිකාව), Kelis Ndhlovu, Modester Mupachikwa (කඩුලු රකින්නිය), Chipo Mugeri-Tiripano, Beloved Biza, Chiedza Dhururu, Nyasha Gwanzura, Christine Mutasa, Nomvelo Sibanda, Tendai Makusha සහ Olinder Chare.
ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිම නැවත වතාවක් විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා එක් ව ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ හසිනි පෙරේරා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිම ජයග්රහණයෙන් අවසන් වෙද්දී ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා සිටි අතර ඊට අමතර ව නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 5ක දී නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Beloved Biza සතු වුණා.
- විශ්මි විස්සයි විස්ස ලකුණු 1000 සම්පූර්ණ කරයි
- ශ්‍රී ලංකාව ස්කොට්ලන්තයත් පරාජය කරයි
- වෙළඳ සේවා Super Premier T20 ශූරතාව CDB කණ්ඩායමට
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ පහසුවෙන් ම ඇෆ්ගනිස්තානය පරාජය කරයි
- ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිම ආරම්භ කළ Kelis Ndhlovu සහ Modester Mupachikwa එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 30ක සබඳතාවක් ගොඩ නගනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Modester Mupachikwa ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.
Kelis Ndhlovu ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවා.
සිම්බාබ්වේ ඉනිමේ අනෙක් සෑම පිතිකාරිනියක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වූවා. එහි දී කවීෂා දිල්හාරි ලකුණු 8කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව නිමාෂා මීපගේ සහ සත්‍යා සංදීපනී කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර සුගන්දිකා කුමාරි සහ චේතනා විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සිම්බාබ්වේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 68 (19.1)Kelis Ndhlovu19, Modester Mupachikwa 15, කවීෂා දිල්හාරි 3/08, සත්‍යා සංදීපනී 2/14, නිමේෂා මීපගේ 2/09
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 69 (11.3)විශ්මි ගුණරත්න නොදැවී 39, හසිනි පෙරේරා 22, Beloved Biza1/07
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
තරගයේ වීරයා – කවීෂා දිල්හාරි (ශ්‍රී ලංකාව)
තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 22 වැනිදා නවසීලන්තය සමඟින් Ajman හි Karwan ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.






















