දිනපු සතුටට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සල්ලි මල්ලක්

1343

ඉන්දියාව සමඟ පැවති තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා සමත් වුනා. ඒ නිසාවෙන් ඔවුන්ට දිරි දීමනාවක් ලෙස විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මෙය ඊයේ (30) පැවති විධායක කමිටු රැස්වීම සඳහා යොමු කර එහි දී සම්මත වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් හරහා තහවුරු කර සිටියා

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වෙනවා. මේ මුදල් ප්‍රමාණය තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ සහාය කාර්ය මණ්ඩලය අතරේ බෙදී යනු ඇත.

2007 සිට පැවත එන ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<