Home Sinhala ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

680

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (29) අවසන් වූ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජය ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ඉන්දියාව පරාජය කරමින් තරගාවලිය ද ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් 2019 වසරට පසුව විස්සයි විස්ස තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වන අතර විස්සයි විස්ස තරගාවලි ඉතිහාසයේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබා ගත් පළමු තරගාවලි ජය ද මෙයයි.

පළමු විස්සයි විස්ස තරගය ඉන්දියාවත්, දෙවැනි විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාවත් ජයග්‍රහණය කර තිබූ නිසාවෙන් කණ්ඩායම් දෙකම අද තරගය ජයගෙන තරගාවලිය ජය ගැනීමේ අපේක්ෂාව ඇතිව පිටියට පිවිසියා.

ඒ අනුව කණ්ඩායම් දෙකම දෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර ආබාධවලට ලක්වුණු Navdeep Saini සහ ඉසුරු උදාන අද තරගයෙන් ඉවත් කර තිබුනා. ඒ වෙනුවට Sandeep Warrier සහ පැතුම් නිස්සංක මේ තරගයට ක්‍රීඩා කළ අතර Warrierගේ පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය මෙයයි. 

ශ්‍රී ලංකාව – 1 Avishka Fernando, 2 Minod Bhanuka (wk), 3 Sadeera Samarawickrama, 4 Dhananjaya de Silva, 5 Pathum Nissanka, 6 Ramesh Mendis, 7 Dasun Shanaka (capt), 8 Wanindu Hasaranga, 9 Chamika Karunaratne, 10 Dushmantha Chameera, 11 Akila Dananjaya

ඉන්දියාව – 1 Shikhar Dhawan (capt), 2 Ruturaj Gaikwad, 3 Devdutt Padikkal, 4 Sanju Samson (wk), 5 Nitish Rana, 6 Bhuvneshwar Kumar, 7 Sandeep Warrier, 8 Chetan Sakariya, 9 Kuldeep Yadav, 10 Varun Chakravarthy, 11 Rahul Chahar

ඉන්දීය ඉනිම ආරම්හ කරමින් Shikhar Dhawan සහ Ruturaj Gaikwad පිටියට පැමිණි අතර දෙවැනි තරගයේ දී මෙන් සාර්ථක ආරම්භයක් ගොඩනැංවීමට ඔවුන් දෙදෙනාට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ දුෂ්මන්ත චමීර Dhawan වෙත යොමු කළ පළමු පන්දුවෙන්ම Dhawan දැවී ගිය නිසයි. ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය තුල නායකයෙක් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය මුල්ම  අවස්ථාව මෙය වුනා.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 18ක සබඳතාවයක් ගොඩනැංවීමට Gaikwad සහ Padikkal සමත් වුවත්, ඔවුන් දෙදෙනාගේ කඩුලු දෙක සහ Sanju Samsonගේ කඩුල්ල ලකුණු 2ක් තුල දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත් වුනා.

තරගයේ 5 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිය පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ වනිඳු එම පන්දුවාරය තුල ලකුණු 2කට කඩුලු 2ක් දවා ගත්තේ ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින්. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු powerplay අවස්ථාව අවසන් වන විට ඉන්දියාව කඩුලු 4ක් දැවී ලබාගෙන තිබුණේ ලකුණු 29ක් පමණයි. 

සිය ලකුණු 50 සීමාව පසුකිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 13කුත් පන්දු 3ක් එනම් පන්දු 81ක් වැයවුනු අතර එය ඔවුන්ගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය තුල ලබා ගත් මන්දගාමීම ලකුණු 50 වුනා.

මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක තිබුණු අතර දසුන් ශානක සුපිරි ගණයේ උඩ පන්දු දෙකක් රැකගනිමින්  Nitish Rana සහ Bhuvneshwar Kumarගේ කඩුලු 2ක ඉන්දියාවට අහිමි කළා. 

කිසිඳු ඉන්දීය පිතිකරුවෙක් හට ලකුණු 23 සීමාව අභිබවා යාමට නොහැකි වුනු අතර ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනු Kuldeep Yadav නොදැවී ලකුණු 23*ක් ලබා ගත්තේ පන්දු 28ක් සඳහා මුහුණ දෙමිනි. එසේම ඔවුන්ගේ ඉනිමේ සටහන් වුනු හොඳම සබඳතාවය වුනේ Bhuvneshwar සහ Kuldeep එක්ව 6වන කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 19 සබඳතාවයයි. 

අවසානයේ දී ඉන්දීය කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 81ක් පමණක් වන අතර එය ඔවුන්ගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලබා ගත් තුන්වැනි අඩුම ලකුණු ප්‍රමාණය වුනු අතර ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ද වුනා.

එසේම මේ ඉන්දීය ඉනිම පුරාවටම එකඳු 6 පහරක් හෝ එල්ල නොවුණු අතර 2016 වසරට පසුව ඉන්දීය විස්සයි විස්ස ලකුණු සටහනක 6 පහරක් වාර්තා නොවුණු පළමු අවස්ථාව මෙය වුනා. තවද මේ ඉනිම පුරාවට වාර්තා වුනේ 4 පහර 4ක් පමණක් වන අතර එය ද ඉන්දීය කණ්ඩායමක් ලබා ගත් අඩුම 4 පහර ප්‍රමාණය වුනා.

සිය 24 වැනි උපන් දිනය අදට යෙදී තිබුණු, දැනට ලොව විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින වනිඳු හසරංග සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කරමින් ලකුණු 9ක් තුල කඩුලු 4ක් දවා ගත්තා.

එය ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දු යවන්නෙක් දැක්වූ හොඳම පන්දු යැවීමේ දස්කම ද වුනා. ඊට අමතරව දසුන් ශානක කඩුලු 2ක් දවා ගන්නා විට, රමේෂ් මෙන්ඩිස් සහ දුෂ්මන්ත චමීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

තවත් ක්‍රිකට් පුවත්:

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එම ලකුණු 82 ඉලක්කය පහසුවෙන් හඹා යාමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 6 තුල එනම් powerplay අවස්ථාව තුල ලබා ගත්තේ කඩුල්ලක් දැවී ලකුණු 23ක් පමණයි. 

මිනෝද් භානුක ලකුණු 18ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ආරම්භය සවිමත් කළ අතර අවසානයේ දී ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග පිළිවෙළින් ලකුණු 23*ක් සහ ලකුණු 14*ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය තහවුරු කළා.

ධනංජයගේ ඉනිම සඳහා 4 පහර 2ක් අන්තර්ගත වුනු අතර ඊට අමතරව ශ්‍රී ලංකා ලකුණු සටහනට තවත් 4 පහර 3ක් එක්කාසුව තිබුණා. අවසානයේ දී පන්දුවාර 14කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ශ්‍රී ලංකාව පහසුවෙන් ලකුණු 82 ඉලක්කය හඹා ගියා.

පන්දු යැවීමේ දී Rahul Chahar ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් හට විශාල අභියෝගයක් ලබා දුන් නමුත් අනෙක් පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය කඩුලු  ආරක්ෂා කරගත්තා. 

ජයග්‍රහණ පිපාසයකින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් සිය ජයග්‍රාහී මාවතට පැමිණීම සඳහා මේ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් අඩිතාලම ඉදිරියේ දී විශාල සවියක් වනු නිසැකය.

තරගයේ වීරයා – වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once