Home Sinhala වසර 3කට පසුව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට T20 ජයක්

වසර 3කට පසුව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට T20 ජයක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

278

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (28) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වුනේ, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබා ගනිමිනි. ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස සමකිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඉන්දීය කණ්ඩායම වෙනස්කම් 6ක් සිදු කරමින් මේ තරගය සඳහා අවතීර්ණ වුනේ නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු (Nitish Rana, Devdutt Padikkal, Ruturaj Gaikwad, Chetan Sakariya) සඳහා ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිකර දෙමිනි.

ඊට අමතරව Kuldeep Yadav සහ Rahul Chahar මේ තරගය සඳහා ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබුණා. ඉන්දියාවට එවැනි වෙනස්කම් ගණනාවක්ම සිදු කිරීමට සිදු වුනේ Krunal Pandya හට COVID-19 වයිරසය ආසාදනය වීම සහ ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් වුනු ක්‍රීඩකයින් 8 දෙනෙක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබුණු නිසයි. 

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ජාත්‍යන්තර වරම් දිනා ගන්නා විට, සදීර සමරවික්‍රම නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ ඉඩ වෙන්කරගෙන තිබුණා. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංක (ආබාධයක්) සහ අශේන් බණ්ඩාර අද තරගයට ක්‍රීඩා කළේ නැහැ. 

Sri Lanka: 1 Avishka Fernando, 2 Minod Bhanuka (wk), 3 Sadeera Samarawickrama, 4 Dhananjaya de Silva, 5 Ramesh Mendis, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunaratne, 9 Isuru Udana, 10 Dushmantha Chameera, 11 Akila Dananjaya.

India XI: Shikhar Dhawan(c), Ruturaj Gaikwad, Devdutt Padikkal, Sanju Samson(w), Nitish Rana, Bhuvneshwar Kumar, Kuldeep Yadav, Rahul Chahar, Navdeep Saini, Chetan Sakariya, Varun Chakravarthy

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Shikhar Dhawan සහ Ruturaj Gaikwad පළමු කඩුල්ල සඳහා ලකුණු 49ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූ අතර ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳින් කඩුලු අතර සිය අන්තයන් හුවමාරු කරගනිමින් ලකුණු ලබා ගත්තා.

Powerplay අවස්ථාව (45/0) අවසන් වීමත් සමඟ පන්දුව අතට ගත් දසුන් ශානක යොමු කළ කෙටි බවුන්සර් පන්දුව හමුවේ පුල් පහරක් එල්ල කිරීමට ගිය Gaikwad ලකුණු 21කට දැවී ගියා. 

එතැන් සිට පන්දුවාර 4ක් යන තෙක් එක් එක් පන්දුවාරයකට ලකුණු 7කට වඩා අඩුවෙන් ලබා දීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් වුනා. ඒ නිසාවෙන් ඉන්දීය දල ලකුණු ලබා ගනීමේ වේගය පැහැදිලි ලෙස කඩාගෙන වැටුණා.

නමුත් 11 වැනි පන්දුවාරයේ සිට Dhawan සහ Padikkal සිය ඉනිමේ ලකුණු සටහන සවිමත් කිරීම සඳහා වැඩි වෙහෙසක් දැරූ අතර එය යම්තාක් මට්ටමකට සාර්ථක කර ගැනීමට ඔවුන් දෙදෙනා හට හැකියාවක් ලැබුණා.

ඒ අනුව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 32ක සබඳතාවයක් ගොඩනැංවූ ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ඉන්දීය ඉනිමේ 13 වැනි පන්දුවාරය තුල බිඳ දැමීමට අකිල දනංජය සමත් වුනේ ලකුණු 40ක් ලබාගෙන සිටි Dhawanගේ කඩුල්ල දවා ගනිමිනුයි. ඔහු එම ලකුණු 40 ලබා ගැනීම සඳහා පන්දු 42ක් වැය කර තිබුණා.

ලකුණු 29ක් ලබාගෙන සිටි Devdutt Padikkal සහ පන්දු 13ක දී ලකුණු 7ක් ලබාගෙන සිටි Sanju Samson ඉන්දීය ඉනිමේ තෙවැනි සහ සිව්වැනි කඩුලු ලෙස පිටියෙන් ඉවත් කිරීමට පිළිවෙළින් වනිඳු හසරංග සහ අකිල දනංජය සමත් වුනේ ඉන්දීය ලකුණු සටහන යම් මට්ටමකට ගෙන ඒමට තිබූ අවස්ථාවන් අවහිර කරමිනි. 

අකිල දනංජය ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳින් ඉන්දීය ඉනිම පාලනය කළ අතර අවසන් පන්දුවාර 4 තුල ලකුණු 32ක් පමණක් ලබා දෙමින් ඉන්දීය මැදපෙළ පසුපෙළ පිතිකරුවන් හොඳින් පාලනය කළා.

ඉන්දියාව මේ තරගය සඳහා පැමිණියේ එක් පිතිකරුවෙකුගේ අඩුවක්ව ඇතිව වීම ද එයට හේතුවක් වුවත් අවසානයේ දී ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 132ක් පමණයි. 

පළමු විස්සයි විස්ස තරගයේ දී යම් ප්‍රහාරයකට ලක්වුණු අකිල මේ තරගයේ දී සිය නියමිත පන්දුවාර 4 ලකුණු 29කට සීමා කළේ කඩුලු 2ක් දවාගෙනයි. ඊට අමතරව වනිඳු හසරංග දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මේ තරගයේ දී ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 8 යොදා ගත් අතර පන්දු යැවීමේ සැලසුමේ ද වෙනදාට වඩා යම් පැහැදිලි වෙනසක් තිබුණා. ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නන් 8 දෙනෙක් යොදා ගත් සිව්වැනි අවස්ථාව මෙය වුනු අතර ඉන්දීය කණ්ඩායම මේ තරගය පුරාවට 4 සහ 6 පහර ලබා ගත්තේ 8ක් පමණයි. එය ඉන්දීය කණ්ඩායමක් පන්දුවාර 20ක් පිතිකරණයේ නිරත වීමෙන් පසුව ලබා ගත් අවම 4 සහ 6 පහර ප්‍රමාණය (boundaries) වුනා. 

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 133ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි මිනෝද් භානුක සහ අවිශ්ක ප්‍රනාන්දුගේ ලකුණු 12 සබඳතාවය ශ්‍රී ලංකාවෙන් උඳුරා ගැනීමට Rahul Chahar සමත් වුනේ දක්ෂ උඩ පන්දුවක්  රැකගෙනයි.

පළමු powerplay අවස්ථාව අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබාගෙන සිටියා. අවිශ්කගේ දැවී යාමට පසුව පිටියට පිවිසි සදීර සමරවික්‍රම (ලකුණු 8) හට එතරම් දුරකට සාර්ථක වීමට ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Varun Chakravarthy අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. පිතිකරණ ලැයිස්තුවේ ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණ පිතිකරණයේ නිරත වුනු නායක ශානකගේ ඉනිම ලකුණු 3කට නිමා කිරීමට Kuldeep Yadav සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් මුල්පෙළ සවිමත් කළ මිනෝද් භානුක 4 පහර 4ක් එල්ල කරමින් පන්දු පන්දු 31ක දී ලකුණු 36ක් ලබාගෙන සිටිය දී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමඟම තරගය ඉතාමත් උණුසුම් මට්ටමකට පැමිණියේ කණ්ඩායම් දෙකම ඒ මොහොතේ දී සමමට්ටමක සිටීම නිසයි.

Kuldeep Yadav ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ඉනිමේ 14 වැනි පන්දුවාරය තුල ලකුණු 15ක් උඳුරා ගැනීමට වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා සමත් වුනා. එම පන්දුවාරය මේ තරගය පුරාවට වාර්තා වුනු හොඳම පන්දුවාරය වුවත් ඉන්පසුව පන්දුවාරයේ දී ලකුණු 15ක් ලබාගෙන සිටි වනිඳුගේ කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමිව ගියා. 

අවසන් පන්දුවාර දෙකේ දී ශ්‍රී ලංකාවට ලකුණු 20ක් ලබා ගැනීමට නියමිතව තිබුණු අතර 19 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී Bhuvneshwar Kumar එවූ ෆුල් ටොස් පන්දුවෙන් උපරිම ඵල නෙලාගත් චාමික 6 පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවේ පීඩනය අවම කළා. 

අවසන් පන්දුවාරය තුල හඹා යාමට නියමිතව තිබුණු ලකුණු 8 පන්දු 4ක් තුල හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 4කින් තරගය ජය ගත් අතර, 2018 මාර්තු 6 වැනිදාට පසුව ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායමක් විස්සයි විස්ස තරගයක දී පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙය වුනා. චාමික පන්දු 6ක දී නොදැවී ලකුණු 12*ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට සාර්ථක අවසනායක් උරුම කර දුන්නා.

කෙසේ නමුත් වෙනදාට වඩා පිතිකරණ ලැයිස්තුවේ පියවරක් පසුපසින් පිටියට පැමිණි ධනංජය ද සිල්වා සිය අන්තය රැකගනිමින් පන්දු 34ක දී ලකුණු 40*ක් ලබා ගත්තේ සැලසුම් සහගත පිතිකරණයක නිරත වෙමිනි. පන්දු යැවීමේ දී Kuldeep Yadav ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා. 

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



තරගයේ වීරයා – ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (29) මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙන අතර තරගාවලිය 1-1ක් ලෙස සමවීම නිසා අවසන් සහ තෙවැනි විස්සයි විස්ස තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය ගැනීමට අවස්ථාව හිමිවෙනවා. එමනිසා අවසන් විස්සයි විස්ස තරගය උණුසුම් සටනක් වනු නිසැකය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<