බුබුල කැඩූ තිදෙනාගේ විනය පරීක්ෂණයට දින තීන්දුයි

517
Date fixed for Dickwella, Mendis and Gunathilaka inquiry

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේ දී ‘ජෛව ආරක්‍ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රි කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා හෙට (29) විශේෂ පංච පුද්ගල විනය කමිටුවක් හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. 

එසේම ඔවුන් අතින් සිදු වූ වරද පිළිගනිමින් ඒ සඳහා සමාව අයැද සිටිමින් ඔවුන් තිදෙනා විසින් විශේෂ විනය කමිටුව වෙත විශේෂ ලිපියක් ද යොමු කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ විනය කමිටුව එදින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී රැස්වීමට නියමිතව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<