වනිඳු හසරංග ICC ශ්‍රේණිගත කිරීම්වල හොඳම තැනට

1428

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (28) නිකුත් කළ නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, එහි දෙවැනි තැන වනිඳු හසරංග වෙත ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය දා (25) පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී සිය නියමිත පන්දුවාර 4 තුල ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමින් වනිඳු ඉතාමත් හොඳ දස්කම් අතරට පැමිණියා. 

ඔහු ප්‍රසාද ලකුණු 720ක් දිනාගෙන ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට පැමිණීමත් සමඟම ඇෆ්ගනිස්තානයේ Rashid Khan එහි තෙවැනි තැන දක්වා ස්ථානයක් පසුබැස තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙය ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මෑත කාලයේ දී පැමිණි හොඳම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය වෙනවා. එසේම වනිඳුගේ පුද්ගලික ක්‍රිකට් දිවියේ ලබා ගත් හොඳම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය ද මෙයයි.

ප්‍රසාද ලකුණු 792ක් දිනාගෙන තිබෙන දකුණු අප්‍රිකාවේ Tabraiz Shamsi ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි කිරුල තවදුරටත් දිනාගෙන සිටිනවා.

නවතම ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථාන 15 පහත පරිදි වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<