SAG2019 – ශ්‍රී ලංකාව තරගයක් දී තෙවැනි ස්ථානය සඳහා තරගයට

62

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ පිරිමි අවසන් පූර්ව තරග අද (01) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත් වූ අතර එහි දී තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායම සමත් විය. 

SAG2019 – ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ප්‍රබල ප්‍රහාරයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ මූලික…

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු අතර එහි දී මාලදිවයින තරග වට 3-0ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. දෙවන තරගය පාකිස්තානය සමඟින් පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජය විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට සමත් විය. 

ඉන්දීය කණ්ඩායම පළමු වටයේ දී A කාණ්ඩය යටතේ ඔවුන් සහභාගි වූ බංග්ලාදේශ තරගය හා නේපාල තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය. 

පළමු තරග වටය තියුණු තරගයක් වූ අතර ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ප්‍රහාරයන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තරමක පසුබෑමකට ලක්විය. තියුණු තරගයකින් අනතුරුව ඉන්දීය කණ්ඩායම තරගයේ පළමු තරග වටය ජයග්‍රහණය කළේ ලකුණු 27-25ක් ලෙසිනි. 

දෙවන වටයේ දී ද ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්වීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වලතා මනා ලෙස හඳුනා ගෙන ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණි. දෙවන තරග වටය ද ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළ අතර එහි ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 25-19ක් ලෙසිනි. 

SAG2019 – පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පසුබසියි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ දෙවන…

තරග වට 2-0ක් ලෙස ඉදිරියෙන් සිටිමින් තුන්වැනි තරග වටය ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ප්‍රබල උත්සාහයක නිරත විය. කෙසේ වෙතත් මුල් තරග වට දෙකේ දී සිදු වූ අඩුපාඩු තරමක් මඟහරවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන්දීය ජයග්‍රහණය තරමක් කල් දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි තරග වටය ජයග්‍රහණය කළේ ලකුණු 21-25ක් ලෙසිනි. 

සිව්වැනි තරග වටය වන විට ප්‍රබල තරගයක් නිර්මාණය වී තිබූ අතර ඉන්දීය කණ්ඩායම තරග වට 2-1ක් ලෙස ඉදිරියෙන් පසු විය. වේගවත් ප්‍රහාර හා නිවැරදි පන්දු ‍යොමු කිරීම් මඟින් තරගයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාව වෙතින් ඈත් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේ ලකුණු 25-21ක් ලෙස සිව්වැනි තරග වටය ජයග්‍රහණය කරමිනි. 

ඒ අනුව තරගයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම සතු වූයේ තරග වට 3-1ක් ලෙසිනි. 

  • පළමු තරග වටය: ඉන්දියාව 27 – 25 ශ්‍රී ලංකාව
  • දෙවන තරග වටය: ඉන්දියාව 25 – 19 ශ්‍රී ලංකාව
  • තුන්වැනි තරග වටය: ඉන්දියාව 21 – 25 ශ්‍රී ලංකාව 
  • සිව්වැනි තරග වටය: ඉන්දියාව 25 – 21 ශ්‍රී ලංකාව

SAG2019 – තෙවැනි ස්ථානයේ සටනට ශ්‍රී ලංකාවට අවස්ථාව

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව තරග අද (30) ශ්‍රී ලංකා…

එම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගය සඳහා පිවිසීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය හෙට (02) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් තරගය එළඹෙන දෙසැම්බර් මස 03 වැනිදා පැවැත්වේ. 

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<