ඉන්දු – ශ්‍රී ලංකා සටනට කොරෝනා හරස් වෙයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

705
Krunal Pandya

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි විස්ස තරගය කල් දැමීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක Krunal Pandya හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන නිසයි.

Krunal හට අද උදෑසන සිදු කරනු ලැබූ Rapid Antigen පරීක්ෂාවට අනුව ඔහුට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (28) දිනය දක්වා කල් දැමීමටයි තරග සංවිධායකයින් දැනට තීරණය කර තිබෙන්නේ.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ජූලි 28 සහ 29 දින දෙක තුල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවනවා. 

කෙසේ නමුත් Krunal Pandyaගේ ආශ්‍රිතයින් ලෙස ඉන්දීය කණ්ඩායමේ 8 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර ඔවුන් 8 දෙනා ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනයට යොමු කොට PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු කර තිබෙනවා.

දෙරට අතර පසුගිය 25 වැනිදා පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනු අතර දැනට 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ ද ඉන්දීය කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<