ක්‍රිකට් ලොව උපක්‍රමශීලීම නායකයා – මහේල ජයවර්ධන

2736

ක්‍රිකට් ලොව උපායශීලීම නායකයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන නම් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

ක්‍රිකට් ලොව උපායශීලීම නායකයා කවුදැයි තෝරා ගැනීමට ICCය අන්තර්ජාලය ඔස්සේ ඡන්ද විමසීමක් පැවැත්වූ අතර ඕස්ට්‍රේලියාවේ Mark Taylor, නවසීලන්තයේ Martin Crowe, නවසීලන්තයේ Steven Fleming හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහේල ජයවර්ධන ICCය විසින් අපේක්ෂකයින් ලෙස තෝරා ගෙන තිබුණා.   

තවත් ක්‍රිකට් පුවත්:

මේ ඡන්ද විමසීම සඳහා ක්‍රිකට් රසිකයින් 10,000කට වඩා සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්. 44.9%ක ප්‍රතිශතයක් ලබා ගත් මහේල ජයවර්ධන ලොව උපායශීලීම නායකයා බවට ප්‍රේක්ෂකයින්ගේ මතය වී තිබුණා.

39.9%ක ප්‍රතිශතයක් ලබා ගත් නවසීලන්තයේ Steven Fleming දෙවන ස්ථානයේ සිටි අතර Crowe හා Taylor පිළිවෙළින් ලබා ගත්තේ මුළු ඡන්දවලින් 8.2%ක් හා 7%ක් පමණයි.

සන්සුන්ම නායකයා (Cool Customer) ලෙස ඉන්දියාවේ MS Dhoni නම් වී තිබුණා. හොඳම කණ්ඩායම දිරිගන්වන්නා (Motivator) ලෙස නවසීලන්ත නායක Brendon McCullum ද, හොඳම තරග රිද්මය හසුරුවන්නා ලෙස (Pacesetter) පාකිස්තාන නායක Imran Khan ද තේරීපත් වී තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<