KKR වේගපන්දු යවන්නෙක්ට ආබාධයක්

285

ජාතික ක්‍රිකට් තරු එකිනෙකා මුණගැසෙන තරගාවලියත් කල් යයිකොල්කටා නයිට් රයිඩර්ස් වේගපන්දු යවන ක්‍රීඩක අලී ඛාන් ආබාධයකට ලක්ව තිබෙනවා. අද (06) නිකුත් කළ IPL නිල මාධ්‍ය නිවේදනයක ඔහුට තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වේ යැයි පැවසුනත් Cricbuzz වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ ඔහු ආබාධයක් සහිතව වුනත් සිය කණ්ඩායම සමඟ පුහුණුවීම් සිදු කරන බවයි. 29 හැවිරිදි අලී ඛාන් ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන පළමු ක්‍රීඩකයායි.

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක හැරී ගර්නි T20 බ්ලාස්ට් තරගාවලියේ දී උරහිසේ ආබාධයකට ලක් වීම නිසා අලී ඛාන්ට නයිට් රයිඩර්ස් කණ්ඩායමට පිවිසීමට වරම් හිමි වුනා. 2018 වසරේ කැනඩාවේ පැවති ග්ලෝබල් T20 තරගාවලියේ දී ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් නායක ඩ්වේන් බ්‍රාවෝගේ ඇස ගැටුණු ඔහුට පසුව කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන්නට අවස්ථාව හිමි වුනා. ඒ වසරේ CPL තරගාවලිය ක්‍රීඩා කළ ඔහු තරග 12ක දී කඩුලු 16ක් දවා ගත්තේ එම තරගාවලියේ දෙවැනියට හොඳම වේගපන්දු යවන්නා වෙමින්.

තවත් ක්‍රිකට් පුවත්:

 

 

 

2020 CPL තරගාවලියේ දී ඔහු ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු අටක් දවා ගන්නට සමත් වුනා. ඛාන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙන්ම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියටත් සහභාගී වුනා. එක් එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති අලී ඛාන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 36ක් ක්‍රීඩා කර කඩුලු 38ක් දවාගෙන තිබෙනවා.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<