තීරණාත්මක ක්‍රිකට් යෝග්‍යතා පරීක්ෂණයට වෙනස්ම පැවරුමක්!

188

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා වන යෝග්‍යතා පරීක්‍ෂණය මීට පෙර පැවති පරිදි ‘යෝ – යෝ’ ක්‍රමයට නොව, කිලෝමීටර දෙකක් එක එල්ලේ දිවයමින් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව ක්‍රීඩකයන් සියලු දෙනාම නියමිත කාලයක් තුළ දී කිලෝමීටර දෙකක දුරක් සම්පූර්ණ කළ යුතුව තිබේ.

ක්‍රීඩකයන් කිලෝ මීටර දෙකක දුර සම්පූර්ණ කළ යුතු කාලය ආසන්න වශයෙන් විනාඩි 8යි තත්පර 30කි.

මෙම යෝග්‍යතා පරීක්‍ෂණය ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (4 සහ 5 දිනවල) පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතයි. බ්‍රහස්පතින්දා ක්‍රීඩකයන්ගේ ශරීරයේ පවතින මේද (fat) ප්‍රතිශතය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර සිකුරාදා පෙරවරුවේ දී එක එල්ලේම කිලෝමීටර දෙකක් දිවයාමට ක්‍රීඩකයන්ට සිදු වනු ඇත.

ක්‍රීඩකයන් 35 දෙනකුගේ සංචිතයක් සඳහා මෙම පරීක්‍ෂණය කරනු ලබන අතර එහි දී සෞඛ්‍ය නිර්දේශ අනුව, ක්‍රීඩකයන් කණ්ඩායම් වශයෙන් කොටස් 4කට බෙදා කිලෝමීටර 2ක ධාවනයට යොමු කිරීමට සැලසුම් කර ඇත.

“නියමිත කාලය තුළ දී දිවයාම හෘදයේ පැවැත්මත්, රුධිර වාහිනී පද්ධතියත් සම්බන්ධයෙන් බොහෝ දේ ප්‍රකාශයට පත්කරනවා. ඒ වගේම විවිධ ආබාධ සහ ආබාධ ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් ද බොහෝ දේ හෙළි කෙරෙනවා. මොකද, කිසියම් ආබාධයක් නිසා ඔබට වේදනාවක් දැනේ නම්, විනාඩි 8ක් තිස්සේ ඒක හංගාගෙන ඉන්න කොහොමටවත් බෑ. ඒ වගේ වේදනාවක් තියාගෙන උසස් මට්ටමේ දස්කම් පෙන්වන්නත් බෑ.”

“ඒ හින්දා ඒකෙන් මාංශ පේෂි, අස්ථිවල යෝග්‍යතාව වගේම හෘදයේ පැවැත්මත්, රුධිර වාහිනී පද්ධතියත් සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි පින්තූරයක් අපට ලැබෙනවා” යයි ඉන්දියාවේ මුම්බායි නුවර, රිලයන්ස් මූලික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානියා වන වෛද්‍ය මැතිව්ස් මහතා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පවසා තිබේ.

“මේ කාල පරාසයේ දී නියමිත දුර දුවාගන්න ඔහුට පුළුවන් නම්, වෙනත් විදියකින් කියනවා නම් කාලය මැනීමේ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඔවුන්ට පුළුවන් නම්, ඔහු හෝ ඇය ‘නියම ශාරීරික යෝග්‍යතාවෙන් සිටිනවා’ කියලා අපට බය නැතිව කියන්න පුළුවන්. මොකද, ඔවුන් දිගු වේලාවක් අධික වේගයෙන් දුවලා තියෙනවා. ඒ වගේ ක්‍රීඩකයෙක් ‘පරීක්‍ෂණයෙන් සමත්’ කියලා කියන්න පුළුවන්” යැයි ද වෛද්‍ය මැතිව්ස් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාත් දිගින් දිගටම කියා සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා මනා ශාරීරික යෝග්‍යතාවකින් යුත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවයි. 

ක්‍රීඩා අමාත්‍යතුමා විසින් නව තේරීම් කමිටුවක් පත්කිරීමෙන් පසුව කොදෙව් සංචාරය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නියමිතයි. මේ තරගාවලියට එක්දින තරග තුනක්, ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග දෙකක් ඇතුළත් වේ.

*කෙසේ නමුත් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු Mickey Arthur සහ ලහිරු තිරිමාන්න හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන නිසා මේ ශාරීරික යෝග්‍යතා පුහුණුව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

කොදෙව් සංචාරය සඳහා තේරී සිටින 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය,

Dimuth Karunaratne (Captain), Kusal Janith Perera, Oshada Fernando, Lahiru Thirimane, Dinesh Chandimal, Angelo Mathews, Dhananjaya de Silva, Niroshan Dickwella, Minod Bhanuka, Pathum Nissanka, Roshen Silva, Avishka Fernando, Dhanushka Gunathilaka, Kamindu Mendis, Ashen Bandara, Bhanuka Rajapaksa, Santhush Gunathilake, Kusal Mendis, Dasun Shanaka, Thisara Perera, Lasith Embuldeniya, Wanindu Hasaranga, Ramesh Mendis, Dilruwan Perera, Duvindu Tillakaratne, Lakshan Sandakan, Akila Dananjaya, Suranga Lakmal, Lahiru Kumara, Vishwa Fernando, Asitha Fernando, Dushmantha Chameera, Nuwan Pradeep, Isuru Udana, Dilshan Madushanka 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<