නවසීලන්තය නව ක්‍රීඩකයින් සමඟ ගිවිසුම්ගත වෙයි

146

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2019/20 වසර සඳහා ගිවිසුම් ගත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නාම ලේඛනය නිවේදනය කර තිබේ. පසුගිය 2018/19 වසර සඳහා නම් කළ ගිවිසුම් ගත ක්‍රීඩකයින්ගේ නාම ලේඛනයේ නොසිටි නව ක්‍රීඩකයින් තිදෙනෙක් මෙවර නාම ලේඛනය සඳහා ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

වසීම් අක්‍රම් නොසතුටෙන්

පාකිස්තානයේ ප්‍රබලතම වේගපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන වසීම් අක්‍රම් මෙවර ……

නවසීලන්තය යොවුන් ක්‍රීඩක ජිමී නීෂම්, විල් යං සහ ටොම් බ්ලන්ඩන් නව නවසීලන්ත ගිවිසුම් ගත ක්‍රීඩකයින්ගේ නාම ලේඛනයට ඇතුළත් කර තිබෙන ක්‍රීඩකයින් තිදෙනෙකි.

නවසීලන්තය වෙනුවෙන් වර්තමානයේ දී එක්දින පිටියේ දැක්වූ දක්ෂතා සහ දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් ජිමී නීෂම්ව මෙවර නාම ලේඛනයට ඇතුළත් කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙවර ලෝක කුසලාන නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටින ටොම් බ්ලන්ඩන් ද මෙවර ගිවිසුම් ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් අතර ඔහු පසුගිය වසරේ ගිවිසුම් ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුල්තව සිටියේ නැත.

ටොම් බ්ලන්ඩන් මෙවර ලෝක කුසලාන නවසීලන්ත සංචිතයට කැඳවූයේ ආබාධයකට ලක්වූ ටිම් සෙයිෆර්ට් වෙනුවටයි.

සංගක්කාර එසේ මෙසේ නොවන සභාපති ධූරයකට

ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයට දායාද කළ විශිෂ්ටතම ……

26 හැවිරිදි යොවුන් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක විල් යං ලෝක කුසලානය සඳහා නම් කළ නවසීලන්ත සංචිතයට ඇතුළත් නොමැති වූවත් මෙම නව ගිවිසුම් ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය පසුගිය වසර සඳහා ගිවිසුම් ගතව සිටි ඇඩම් මිල්න්, කොරේ ඇන්ඩර්සන්, ජෝර්ජ් වෝකර් යන ක්‍රීඩකයින් 2019/20 වසර සඳහා නම් කළ ගිවිසුම් ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව නොමැත.

2019/20 වසර සඳහා නවසීලන්ත ගිවිසුම් ගත ක්‍රීඩකයින්:

ටොඩ් ඇසල්, ටොම් බ්ලන්ඩන්, කොලින් ඩි ග්‍රැරැන්ඩ්හොම්, ලොකී ෆර්ග්සන්ක, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලේතම්, කොලින් මුන්රෝ, හෙන්රි නිකොල්ස්, ජේම්ස් නීෂම්, ජීට් රාවල්, මිචෙල් සැන්ටර්, ඉෂ් සෝධි, ටිම් සවුති, රෝස් ටේලර්, නෙයිල් වොග්නර්, බී. ජේ. වොට්ලිං , කේන් විලියම්සන් , විල් යං.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<