නව වොලිබෝල් සභාපති සහ ලේකම් නිතරගයෙන්ම දිනුම්

290

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ 2021 වසරේ නිලවරණය අද (04) පෙරවරු 9.00 සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. 

එහි දී ගරු සභාපති, ගරු ප්‍රධාන ලේකම්, ගරු භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයක් නිතරගයෙන් තේරී  පත්විය. නව සභාපති ලෙස  කාංචන ජයරත්න මහතා ද, ප්‍රධාන ලේකම් ලෙස ඒ. එස්. නාලක මහතා ද නිතරගයෙන් පත්විය.

කංචන ජයරත්න මහතා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වොලිබෝල් සංගමය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අතර ඒ. එස්. නාලක මහතා වෙළඳසේවා වොලිබෝල් සංගමය නියෝජනය කරමින් ඉදිරිපත් විය.

ගරු සභාපති නාම යෝජනා භාර දී තිබූ හිටපු සභාපති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සිය නාමයෝජනා ඉල්ලා අස්කර ගන්නා ලදි. ගරු භාණ්ඩාගාරික ලෙස තුෂාර සම්පත් මහතා නිදන් පත්විය. සභාපති තනතුරු හයක් සඳහා අපේක්ෂකයින් 8 දෙනෙක් ඉදිරිපත් විය. එහි දී පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද ලබා ගත්, 

  1. බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න – ඡන්ද 141
  2. කේ. ආර්. ඩී. සී. රත්නමුදලි – ඡන්ද 136
  3. එස්. ඩබ්. එම්. යූ. චන්දන විජේසිංහ – ඡන්ද 131
  4. ආර් එම් නිමල් පෙරේරා -ඡන්ද 128
  5. එයාර් කොමාඩර් පී. එන්. ද කොස්තා – ඡන්ද 127
  6. ටී. ඩී. එස්. ද සිල්වා – ඡන්ද 101

මහතුන් උපසභාපතිවරුන් ලෙස පත්වන ලදි.

ප්‍රධාන සංවිධායක තනතුර සඳහා අපේක්ෂකයින් දෙකක් ඉදිරිපත් වූ අතර ධනපාල ජයපත්ම මහතා ඡන්ද 135ක් ලබා ගනිමින් එම තනතුර සඳහා තේරීපත් විය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු වොලිබෝල් ව්‍යාපෘති නිලධාරියකු සහ හිටපු ජාතික පුහුණුකරු වූ ඒ. ඒ. ජයතිස්ස මහතා පරාජයට පත්වීම පත් වීම විශේෂ සිද්ධියකි.

මීට අමතරව නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර සඳහා අසංක රාජපක්ෂ මහතා නිතරගයෙන් පත්විය. ඔහු DSI ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

තවත් වොලිබෝල් පුවත්:

ක්‍රීඩා පිටි ලේකම් තනතුර සඳහා ක්‍රිෂාන්ති ජයවර්ධන මහත්මිය නිතරගයෙන් පත්විය. මීට අමතරව නියෝජ්‍ය ලේකම් තනතුරු දෙකක් සඳහා කාන්තසිරි මීගමුවගේ මහතා සහ සමන් අබේවර්ධන යන මහතුන් නිතරගයෙන් තේරී පත්විය.

පාසල් වොලිබෝල් නියෝජිත ලෙස උප සභාපතිවරයෙකු වශයෙන් කුමාර වෙන්ඩකෝන් මහතා ව්‍යවස්ථානුකූලව පත්වන ලදි.

මීට අමතරව ස්වාධීන කමිටු සාමාජිකයන් ලෙස 11 දෙනෙකු තෝරා පත් කර ගන්නා ලදි. මේ සඳහා අයැදුම්කරුවන්  14 දෙනකු ඉදිරිපත් වන ලදි.

  1. එන්. ඒ. පී. අජිත් නෙත්තසිංහ – ඡන්ද 135
  2. ආර්. ඒ. ඊ. සී. එච්. රත්නසේකර – ඡන්ද 112
  3. ඉමියා රාලලාගේ උපේන්ද්‍ර මහේෂ් විජේරත්න – ඡන්ද 112
  4. එච්. පී. ඊ. ආර්. කුලතුංග – ඡන්ද 112
  5. එච්. දීපාල් ඒකනායක – ඡන්ද 112
  6. ඩී. එස්. ඒ. අරුණ ශාන්ත – ඡන්ද 108
  7. ජසෙන්තු නම්බි ප්‍රභාත් ඉන්දික – ඡන්ද 106
  8. ලොකුගේ දොන් සුදත් – ඡන්ද 101
  9. 9.ඒ රවිවර්මන් – ඡන්ද 77
  10. යටවරගේ ලලිත් ප්‍රියන්ත – ඡන්ද 77
  11. රේණුකා නිල්මිණි මෙනවිය – කාන්තා නියෝජනය ලෙස තේරී පත්වන ලදි.

පහත අපේක්ෂකයින් පරාජයට පත්විය.

  1. ඩබ්. ඒ. උදිත පුෂ්පකුමාර – ඡන්ද 39
  2. පී. ආර්. එස්. ඩී. පොල්ගම්පල -ඡන්ද 31
  3. කේ. යෝගරත්නම් – ඡන්ද 28

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<