Air Force සහ Army ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට

214

Munchee ජාතික වොලිබෝල් ශූරතාවය 2021 තරගාවලියේ කාන්තා අවසන් පූර්ව වටයේ තරගවලින් Hirdaramani සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුවන් හමුදා සහ යුද හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම් සමත් වුනා.

දඩැල්ල වොලිබෝල් හවුස් හීදී අවසන් පූර්ව වටයේ තරග පැවති අතර එහි කාන්තා මුල්ම තරගය වූ නාවික හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර තරගය තරග වට 3-1ක් ලෙස ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වුනා.

එම තරගයේ මුල් වටය ලකුණු 25-20ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර දෙවන වටය ද 25-22ක් ලෙස ජය ගැනීමට ඔවුන් සමත් වුනා.

මුල් වට ද්විත්වයේ දී ලද පරාජයෙන් පසු නැවත තරගයට පිවිසි නාවික හමුදා කණ්ඩායම තෙවැනි වට ලකුණු 25-20ක් ලෙස ජය ගැනීමට සමත් වූ නමුත් සිව්වැනි වටය ලකුණු 25-18ක් ලෙස ජය ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වීම නිසාවෙන් තරග වට 3-1ක් ලෙස තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායමට හිමි වුනා.

තවත් වොලිබෝල් පුවත්: 

කාන්තා අංශයේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස Hirdaramani සහ යුද හමුදා කණ්ඩායම් තරග වැදි අතර එම තරගය තරග වට 3-1ක් ලෙස ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වුනා.

තරගයේ මුල් වටය ලකුණු 25-14ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ නමුත් දෙවන වටයේ ජය ලකුණු 25-21ක් ලෙස Hirdaramani ක්‍රීඩිකාවන්ට හිමි වුනා.

දෙපිලටම දෝලනය වූ මුල්වට ද්විත්වයෙන් පසු තරගයේ තුන්වැනි වටය ඉතා තියුණු සටනකින් පසු ලකුණු 32-30ක් ලෙසත්, සිව්වැනි වටය 25-23ක් ලෙසත් අවසන් කරමින් තරගය ජය ගැනීමට යුද හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා Hirdaramani සහ නාවික හමුදා කණ්ඩායම් අතර පැවති තරගය තරග වට 3-0ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් වුනා.

එම තරගයේ මුල් වටය ලකුණු 25-12ක් ලෙසත්, දෙවන සහ තෙවැනි වට පිළිවෙළින් 25-15ක් ලෙසත් ජය ගනිමින් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව කාන්තා ජාතික කිරුළ වෙනුවෙන් තරග වදින Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ අවසන් මහා තරගය ගුවන් හමුදා සහ යුද හමුදා කණ්ඩායම් අතර මේ මස (මාර්තු) 13 වනදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <