පාසල් රග්බි ලීග් තරගාවලියට ක්‍රීඩකයින් ලියාපදිංචි කෙරේ

360

එළඹෙන මාර්තු මාසයේ පළමු සතියේ ආරම්භ වීමට 2018 ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම මෙම මස 09 වන සිකුරාදා (හෙට) ආරම්භ වන බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය (SLSRFA) දන්වා සිටී.

ජාතික සත් සාමාජික කණ්ඩායමේ නායකයා CH & FC කණ්ඩායම

නවසීලන්තයේ පැවති පුහුණු වැඩමුළුවක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ..

ලියාපදිංචි කටයුතු පෙබරවාරි මාසය අවසානය දක්වා සිදුකෙරෙන අතර අදාළ පාසල් කණ්ඩායම්වල කළමනාකරුවන් නියමිත ලිපිලේඛන බාරදෙමින් අවසන් දිනට පෙර සිය කණ්ඩායම් ලියාපදිංචි කර ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම රග්බි ලීග් තරගාවලිය සඳහා ලංකාව පුරා තිබෙන පාසල් 90කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර ඔවුන් 1, 2 හා 3 වශයෙන් කාණ්ඩ 3කට හා A, B හා C යනුවෙන් කොටස් 3කට කාණ්ඩගත කෙරේ. ඒ අනුව මෙම තරගාවලිය සඳහා සහභාගී වන දහසකට අධික ක්‍රීඩකයින් නියමිත පරිදි ලියාපදිංචි කර ගැනීම ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ වගකීමක් වන බැවින්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ඔවුන්ට ලබා දෙන ලෙස අදාළ පාසල්වලින් ඔවුන් ඉල්ලා සිටී.   

ලියාපදිංචි කටයුතු වලට අදාළ වැඩිදුර විස්තර සඳහා අමතන්න – ඩෙන්සිල් ඩාලිං (ලේකම් – SLSRFA) – 0718211604

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<