පිරිමි අවසන් පූර්ව වටයට Bitu Link, Air Force, CEB සහ Army කණ්ඩායම්

Munchee ජාතික වොලිබෝල් ශූරතාවය 2021

206

Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ පිරිමි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට Bitu Link, ගුවන් හමුදා, CEB (ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම) සහ යුද හමුදා කණ්ඩායම් සමත් වුනා.

එහි A කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 4න් 3ක් ජය ගනිමින් එක් තරගයක් පරාජය වී තිබුණා.

ඔවුන් එම වටයේ දී යුද හමුදා කණ්ඩායම හමුවේ තරග වට 3-1ක් (22/25, 25/21, 19/25, 19/25) ලෙස පරාජය ලැබූ නමුත් Ocean Lanka හමුවේ තරග වට 3-0ක් (25/17, 25/16, 25/21) ලෙසත්, නාවික හමුදාව හමුවේ තරග වට 4-1ක් (25/23, 20/25, 25/15, 25/20) ලෙසත්, පොලිස් කණ්ඩායම හමුවේ තරග වට 3-0ක් (25/18, 25/12, 25/15) ලෙසත් ජය ගැනීමට සමත් වුනා.

තවත් වොලිබෝල් පුවත්: 

A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ Hirdaramani කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග 4න් 3ක් ජය ගැනීමට සමත්ව තිබූ අතර ඔවුන් සිය කාණ්ඩයේ පෙරමුණ ගත් CEB පරාජය කිරීමට සමත් වීම ද කැපී පෙනුණා.

ඔවුන් එම කාණ්ඩයේ සහභාගි වූ පොලිස් කණ්ඩායම අතර තරගය තරග වට 3-0ක් (25/12, 25/15, 25/19) ලෙසත්, නාවික හමුදාව අතර තරගය 3-0ක් (25/12, 25/17, 25/14) ලෙසත්, විදුලිබල මණ්ඩල කණ්ඩායම අතර තරගය තරග වට 3-1ක් (22/25, 25/21, 19/25, 19/25) ලෙසත් ජය ගැනීමට සමත් වූ නමුත් Ocean Lanka සමඟ පැවති තරගය තරග වට 3-0ක් ලෙස පරාජය වුනා.

A කාණ්ඩයේ තෙවැනි ස්ථානය Ocean Lanka කණ්ඩායමට හිමි වූ අතර සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පිළිවෙළින් නාවික හමුදා සහ පොලිස් කණ්ඩායම් හට හිමිවෙමින් මූලික වටය නිමා වුනා.

B කාණ්ඩයේ ප්‍රථම ස්ථානය Bitu Link විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 4න් සියල්ලම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණා.

ඔවුන් එම වටයේ දී  Wasana Bakers කණ්ඩායම තරග වට 3-0ක් (27/25, 25/23, 25/14) ලෙසත්,  ගුවන් හමුදා කණ්ඩායම තියුණු සටනකින් පසු තරග වට 3-2ක්  (25/22, 25/23, 26/24, 25/22, 16/14) ලෙසත්, තරුණ සේවා සභා කණ්ඩායම තරග වට 3-0ක් (25/19, 25/23, 25/20) ලෙසත්, වරාය අධිකාරි කණ්ඩායම තරග වට 3-0ක් (26/24, 25/21, 25/22) ලෙසත් පරාජය කිරීමට සමත් වුනා.

B කාණ්ඩයේ දෙවන ස්ථානය ගුවන් හමුදාවට හිමි වූ අතර ඔවුන් තරුණ සේවා සභා කණ්ඩායම අතර තරගය තරග වට 3-0ක් (25/11, 25/18, 25/13) ලෙසත්, වරාය අධිකාරි කණ්ඩායම අතර පැවති තරගය තරග වට 3-0ක් (25/22, 27/25, 25/18) ලෙසත්, Wasana Bakers කණ්ඩායම අතර තරගය තරග වට 3-1ක් (25/16, 24/26, 25/21, 25/20) ලෙසත් ජය ගැනීමට සමත් වූ නමුත් තියුණු සටනකින් පසු Bitu Link අතර පැවති තරගය තරග වට 3-2ක් ලෙස පරාජය වුනා.

එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය Wasana Bakers කණ්ඩායමට හිමි වූ අතර වරාය අධිකාරි කණ්ඩායම සිව්වැන්නා ලෙසත් තරුණ සේවා සභා කණ්ඩායම සිය කාණ්ඩයේ අවසානයා ලෙසත් තරගාවලිය නිමා කළා.

Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ අවසන් පූර්ව වටයේ තරග හෙට (03) පැවැත්වීමට නියමිතයි.

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන,

Group A
Pos Club P W L Pts SW SL SR SPW SPL SPR
1 CEB 4 3 1 9 10 4 2.5000 333 275 1.2109
2 Army 4 3 1 9 9 4 2.2500 312 250 1.2480
3 Ocean Lanka 4 3 1 8 9 5 1.8000 323 317 1.0189
4 Navy 4 1 3 4 6 9 0.6667 312 348 0.8966
5 Police 4 0 4 0 0 12 0.0000 210 300 0.7000

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන,

Pos Club P W L Pts SW SL SR SPW SPL SPR
1 Bitu Link 4 4 0 11 12 2 6.0000 340 301 1.1296
2 Air Force 4 3 1 10 11 4 2.7500 361 302 1.1954
3 Wasana Bakers 4 2 2 6 7 7 1.0000 317 310 1.0226
4 Ports Authority 4 1 3 3 4 10 0.4000 311 346 0.8988
5 NYSC 4 0 4 0 1 12 0.0833 255 325 0.7846

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <