ගෙවුනු දවස සැප්තැම්බර් 04 – සුපිරි අටේ සුපිරි උණුසුම

318
Sep - 04

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

5වැනි තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සමග පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය එක් ජයග්‍රහණයක් පමණක් සහිතව අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ දෙරට අතර ඊයේ පැවති 5 වන සහ අවසන් තරගය කඩුලු 5කින් පරාජය වීමත් සමගයි. මේ තරගය පැවතියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

නොකඩවා 4 වන වරටත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී, 5වන වරටත් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔවුන්ට හිමි විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වුනේ වෙනස්කම් 4ක් සමගයි. ඒ අනුව මැතිව්ස්, තිසර, අවිශ්ක ප්‍රනාන්දු සහ ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමෙන් ඉවත් වෙද්දී ධනුෂ්ක, උපුල්, දසුන් සහ සුරංග කණ්ඩායමට එක්වුණේ එක්දින තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් සංඛ්‍යාව 19 දක්වා ඉහල දමමින්.

සම්පූර්ණ ලිපිය: අවසන් තරගයෙනුත් ශ්‍රී ලංකාව දෙවැනි වෙයි


 පාපන්දු –

සුපිරි 8 දෙවැනි දිනය

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ, සුපිරි 8 දෙනාගේ වටය ඊයේ (3) ආරම්භ වූ අතර මෙම සතියේ අවසන් තරඟ ද්විත්වය අද (4) කොළඹ තුරඟ තරඟය පිටියේදී පැවැත්විය. එහි පළමු තරඟය නිමාවූයේ සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ගෝල 5 – 0 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරදෙමිනි. දෙවන තරගයේදි කිසිදු කණ්ඩායමක් එක් ගෝලයක් හෝ වාර්තා කිරීමට අපොහොසත් විය.

නාවික හමුදා කණ්ඩායම 00 – 05 සොලිඩ් ක්‍රීඩා සමාජ කණ්ඩායම

නිව් යංග්ස් කණ්ඩායම 00-00 කොළඹ පාපන්දු  කණ්ඩායම

සම්පූර්ණ ලිපිය: සොලිඩ් ජය ගනිද්දී නිව් යන්ග්ස් ශූරයින්ට අභියෝගයක් වේ


පිහිනුම් –

සමස්ත ලංකා ජය කොළඹට

සමස්ත ලංකා පාසල්  පිහිනුම් ශුරතාවලිය දින 3ක් පුරා පැවැත්වූයේ කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදීය. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු අදියරට අදාළ ක්‍රීඩා 6ක් මෙම සති අන්තයේ පැවතී අතර පිහිනුම් තරග ඉන් ප්‍රධාන ස්ථානයක් ගන්නා ලදී.

ශූරතා ලකුණු සටහන

බාලිකා අංශය

  • විසාකා විද්‍යාලය – කොළඹ 70
  • මහාමායා විද්‍යාලය – මහනුවර 36
  • සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය – කොළඹ 26
  • හරිශ්චන්ද්‍ර විද්‍යාලය – මීගමුව 17
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල 15
  • කාන්තා විද්‍යාලය – කොළඹ 11
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ 11
  • ආවේ මරියා කන්‍යාරාමය – මීගමුව 10
  • හිල්වුඩ් විද්‍යාලය – මහනුවර 07
  • ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය – බම්බලපිටිය 06

බාලක අංශය

  • ශා. ජෝසප් විද්‍යාලය – මරදාන 61
  • ශා.පීතර විද්‍යාලය – බම්බලපිටිය 31
  • ආනන්ද විද්‍යාලය – කොළඹ 30.50
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල 21
  • ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර 19
  • රාජකීය විද්‍යාලය – කොළඹ 17
  • නාලන්ද විද්‍යාලය – කොළඹ 12
  • D. S. සේනානායක විද්‍යාලය – කොළඹ 08
  • ලයිසියම් ජාත්‍යන්තර පාසල – රත්නපුර 05
  • ශා. අන්තෝනි විද්‍යාලය – කටුගස්තොට 05

සම්පූර්ණ ලිපිය: පාසල් පිහිනුම් ශූරතා දෙකම කොළඹට

දවසේ නිමාව

පසුගිය සතියෙන් –

කුසලාන අනුශූරතාවය ලංකාවට

අාසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ පළමු අදියරේ කුසලාන අනුශූරතාව දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී සත්කාරක හොං කොං කණ්ඩායමට ප්‍රබල සටනක් දෙන්නට ඔවුන් සමත් වුවදහොං කොං ක්‍රීඩකයින් පළමු අදියරේ කුසලානය සිය රටේම රඳවා ගන්නට සමත් විය.

කුසලාන අවසන් පූර්ව තරගය – චීනය 17 – 19 ශ්‍රී ලංකාව

කුසලාන අවසන් තරගය – හොං කොං 22 – 17 ශ්‍රී ලංකාව

මේ අතර මෙම තරගාවලියට සමගාමීව පැවැත්වූ හොං කොං කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූයේ පළඟ අනුශූරතාවයි.

පළඟ අවසන් පූර්ව තරගය – ගුවාම් 00 – 26 ශ්‍රී ලංකාව

පළඟ අවසන් තරගය – සිංගප්පූරුව 10 – 07 ශ්‍රී ලංකාව

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාව සටනක් දී අනුශූරයන් වෙයි


සුපිරි 8 ඊයේ තරග බිමට

ඩයලොග් ආයතනය මගින් සවිබල ගැන්වෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම පාපන්දු තරගාවලිය වන “ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ” සුපිරි 8 දෙනාගේ වටය ඊයේ (2) කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ විය.

එහිදි යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවති තරගය ජය පරාජයකින් තොරවද, බ්ලූ ස්ටාර් සහ රිනවුන් ක්‍රීඩා සමාජයන් අතර තරගය ගෝල 02-00 ලෙසින් බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කරමින් ද නිමාවට පත් විය.

සම්පූර්ණ ලිපිය: සුපිරි අටේ ප්‍රථම දිනයේ ජය බ්ලූ ස්ටාර් සමාජයට


ජයග්‍රහණය මොරටුවට

සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයමොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර ඊයේ (2) මුවර්ස් පිටියේදී පැවැත්විණි. තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමින් මෙම තරඟය සාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය කලේ ලකුණු 141කිනි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 262-5 (50) නුවනිදු ප්‍රනාන්දු 138, තරුශ ප්‍රනාන්දු 42, ප්‍රවීන් කුරේ 39,නිපුන් ලක්ෂාන් 2/48, යෙශාන් වික්‍රමාරච්චි 2/52

තර්ස්ටන් විද්‍යාලය –121 -10 (42.4) නිමේෂ් පෙරේරා 40, විනුජ රණසිංහ 3/15, තරුශ ප්‍රනාන්දු 2/30

සම්පූර්ණ ලිපිය: 17න් පහල කිරුළ සෙබස්තියන් විද්‍යාලයට

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට