ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා.
ඔවුන් මෙම අවස්ථාව සපුරා ගත්තේ පෙර වසරේ ශූරයන් වූ කොළඹ මහානාම විද්‍යාලයට එරෙහි ව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී (8) පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ මහානාම විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 123ක් ලබා සිටියා.
දිගින් දිගට ම පැවැති වර්ෂාව හේතුවෙන් තරගය එතැන් සිට නතර කෙරෙන අතර තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම් ව තීරණය කෙරුණා. ඒ අනුව කෙරුණ ගණනය කිරීම අනුව මහින්ද විද්‍යාලයට ජයග්‍රහණය හිමි වූවා.
- ආරොන්, සමිරු සහ මෙවිඳු දක්ෂතා දක්වයි
- 19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- පාකිස්තානුවෝ තමන්ට එරෙහි වසර 51ක වාර්තාවක් සතු කර ගනී
- ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරග 59ක පැටිකිරිය
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලයේ වැඩි ම ලකුණුලාභියා වූයේ මානිත රාජපක්ෂ. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.
ඔහු එම ඉනිම තුළ දී ගෙසඳු බිසස් හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 67ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී ගෙසඳු බිසස් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නවා.
ඔවුන්ට අමතර ව දුල්සිත් දර්ශන පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද, සෙහස් අශිංස පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද සහ කවීෂ ගිත්මාල් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24 ද බැගින් ලබා ගන්නවා.
එම ඉනිමේ දී කවීෂ ගිත්මල් අවසන් කඩුල්ලේ දී සදෙව් නෙත්මිණ (නොදැවී 2) හා එක් ව පන්දු 40ක දී ලකුණු 26ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යැවූ නවිඳු රොද්‍රිගෝ ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කෞෂික තිලකරත්න ලකුණු 32කට කඩුලු 2ක් ද, සනුක ගනේපොල, නෙතුක කුලතුංග සහ තවිරු පෙරේරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ කෞෂික තිලකරත්න. ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු සිනෙත් වීරරත්න පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ ඉනිම අවසන් වෙද්දී විමාශ් මදනායක පන්දු 24කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ගෙසඳු බිසස් සහ සදෙව් නෙත්මිණ කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා. ඊට අමතර ව කවීෂ ගිත්මාල් සහ විශ්මිත සත්සර කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහින්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 191 (49.1) සෙහස් අශිංස 24, දුල්සිත් දර්ශන 31, ගෙසඳු බිසස් 20, මානිත රාජපක්ෂ 38, කවීෂ ගිත්මල් 24, නවිඳු රොද්‍රිගෝ 3/41, කෞෂික තිලකරත්න 2/32
- මහානාම විද්‍යාලය – කඩුලු 7ක් දැවී 123 (38.4) සිනෙත් වීරරත්න 30, කෞෂික තිලකරත්න 33, විමාශ් මදනායක නොදැවී 16, සදෙව් නෙත්මිණ 2/36, ගෙසඳු බිසස් 2/11
ගාල්ල මහින්ද විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 36ක ජයක්.
අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















