ගෙවුනු දවස සැප්තැම්බර් 14 – ඉසිපතනයට ද්විත්ව ශතකයක්

443
Sri Lanka Sports News Last Day Summary September 14th

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පැරා ඔලිම්පික් –

ලංකාවට පැරා ඔලිම්පික් පදක්කමක්

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට ඉටු කිරීමට නොහැකි වූ වගකීමක් ඉටු කරමින් බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර අහසට ශ්‍රී ලංකා ධජය ඔසවා තබන්නට පැරා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. ඒ F 46 (එක් අතක් හෝ කොටසක් අහිමි/ආබාධිත) කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනුයි.

සම්පූර්ණ ලිපිය: දිනේෂ් ප්‍රියන්ත රියෝ බිමේ ශ්‍රී ලංකා ධජය ඔසවයි


ක්‍රිකට් –

නායිකාව චමරි අතපත්තු

සැප්තැම්බර් මස 18 වැනි දා සිට ආරම්භ වන ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරග 4 සහ විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයේ වගකීම දැරීමට චමරි අතපත්තු තෝරාපත් කරගෙන ඇත.

සංචිතය: චමරි අතපත්තු (නායක), ප්‍රසාදිනි වීරක්කොඩි (උප නායක), චමරි පොල්ගම්පල, ඩිලානි මනෝදරා, නිපුනි හංසිකා, ඉෂානි ලොකුසූරිය, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝදනි, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, සුගන්ධි දසනායක, ඉමල්කා මෙන්ඩිස්, හර්ෂිතා මාධවී

සම්පූර්ණ ලිපිය: ඕස්ට්‍රේලියාවට එරෙහි නායකත්වය චමරි අතපත්තුට

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ඉදිරියට

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන්  තරඟ දෙක ඊයේ (14) නිමාවට පත්වූ අතර මෙම තරඟ වලින් ජයග්‍රහණ ලබාගැනීමට MAS Silueta හා කැන්රිච් ෆිනෑන්ස් ආයතන කණ්ඩායම් සමත් විය.

සෙලාන් බැංකු කණ්ඩායම – 278/09 (50) කාංචන ගුණවර්ධන 99, චානක විජේසිංහ 73, සුබෝධ ශ්‍රියන්ත 30, රුමේෂ් සිල්වා 3/55, ඇන්ජලෝ එමනුවෙල් 2/32, සංගීත් කුරේ 2/51.

MAS Silueta කණ්ඩායම – 282/07 (49) කෞෂාල් ගජසිංහ 63, දෙනුවන් රාජකරුණා 51*,කවීන් සිල්වා 45, ඉශාන් නිලක්ෂ 39, ඇන්ජලෝ ජයසිංහ 37, චරිත් රාජපක්ෂ 2/44.

සිංගර් කණ්ඩායම – 272/06 (50) මාධව නිමේෂ් 136*, උමාල් ලියනගේ 68, දිලීශ බුද්ධික 2/31, අලංකාර අසංක 2/47

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 274/07 (49.4) දමිත් ප්‍රියදර්ශන 101,ටෙහාන් ප්‍රනාන්දු 41, ශෙහාන් ප්‍රනාන්දු 40, රොෂාන් අනුරාධ 34*, චතුර ලක්ෂාන් 2/44, රජිත ප්‍රිහාන් 2/48

සම්පූර්ණ ලිපිය: කැන්රිච් හා MAS Silueta ජයග්‍රහණය කරමින් පළමු වටය නිමයි

පැතුම් නිස්සංකගෙන් ද්විත්ව ශතකයක්

2016/17 වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ වාර්තා වූ ප්‍රථම ‘ද්විත්ව ශතකය’ තම නාමය ඉදිරියෙන් සනිටුහන් කරගන්නට දකුණත් පිතිකරු පැතුම් නිස්සංක ඊයේ (14) සමත් විය. ඒ අනුව ඔහු ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය ඊයේ දින පැවති තරග වලදී පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ලකුණු සටහන

ජනාධිපති විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 145 (පන්දුවාර 41.5): හිරුණ සිගේරා 35, ශලක බණ්ඩාර 30, මොහොමඩ් රිෆාස් 22, මධුශික සඳරුවන් 4/30, නෙරන්ජන් වන්නිආරච්චි 3/33, ලහිරු ඩිල්ශාන් 2/30.

ඉසිපතන විද්‍යාලය – කඩුලු 5ට ලකුණු 319 (පන්දුවාර 60): පැතුම් නිස්සංක 205*, සංජුල බණ්ඩාර 31*, හේෂාන් ෆර්නෑන්ඩු 25, කලණ පෙරේරා 22, තනුල චමෝද් 2/79

ජනාධිපති විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 66): හිරුණ සිගේරා 86, ලහිරු ඩිල්ශාන් 4/31, මධුශික සඳරුවන් 2/57.

ශාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 91 (පන්දුවාර 22.5): අශාන් සේනාධීර 31, තිලංග උදීශාන් 5/41, ධනංජය ලක්ෂාන් 4/38.

රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 7ට ලකුණු 201 (පන්දුවාර 62): හසාරු චාමිකර 60, ආදිත්‍ය සිරිවර්ධන 36, රවිශ්ක විජේසිරි 60, දුවීන් සසිඳු 50*, මාස් රහීම් 4/76, තිමිර කුමාර 3/55.

ශාන්ත මරියා විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 89 (පන්දුවාර 20): මාස් රහීම් 32, තිලංග උදීශාන් 5/20, සඳුන් මෙන්ඩිස් 2/19, ධනංජය ලක්ෂාන් 2/20.

සම්පූර්ණ ලිපිය: නිස්සංක සහ උදීශාන් සිය පාසල් ජය ටැඹ කරා මෙහෙයවයි

සෙබස්තියන් පළමු ඉණිම අවසානයි

සිංගර් ආයතනය මගින් සවිබල ගැන්ව‍ෙන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල්  ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය, කොළඹ නාලන්දා විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟින් ඊයේ (14) කොළඹ තර්ස්ටන් පිටියේදී ආරම්භ විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම- 172/10 (87.5) දුනිත් වෙල්ලාලගේ 31, ජනිශ්ක පෙරේරා 21, ජයෝද් කල්දීර 3/25, තමිදු කමලසූරිය 2/30, රවීන් ද සිල්වා 2/17

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට)- 4/0 (3)

සම්පූර්ණ ලිපිය: කිරුල සොයා යන අවසන් දිනය හෙටයි

දවසේ නිමාව