සිතාර, ශෙනාල්, අරෝෂණ හා හංසික වැඩි දස්කම් අතරට

218

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (19) සාර්ථකව නිමාවට පත්විය.

රාජකීයේ මිශාරගෙන් රාජකීය ඉනිමක්

පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් වන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේත් (18) සාර්ථක…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

සාන්ත තෝමස් විදුහල් පිටියේ දී නිමා වූ සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 152ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 91ක් පමණි. පන්දු යැවීමේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු නායක ඩෙලෝන් පීරිස් ලකුණු 26කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

>>Photos: S.Thomas’ College v Wesley College | Singer U19 Cricket Tournament 2018/19

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සාන්ත තෝමසුවන් සිය දෙවන ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 46ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටියේ වෙස්ලි විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 107ක් ඉදිරියෙන් සිටිමිනි. එතැන් සිට ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් විද්‍යාල පිතිකරුවන් දිනයේ පළමු කාර්තුව තුල කඩුලු 3ක් දැවී ලකුණු 206ක් ලබාගෙන සිය දෙවන ඉනිම ද අත්හිටු වීමට තීරණය කළේ වෙස්ලි විද්‍යාලයට ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමිනි.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හැසිර වූ සිතාර හපුහින්න හතරේ පහර 9ක් හා දැවැන්ත 6 පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 129*ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ ඩියොන් ප්‍රනාන්දු ලකුණු 26ක් ලබාගෙන සිය විද්‍යාලයේ දෙවන ඉනිම ඔසවා තබන ලදි.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිමේ මුල්පෙළ හා පසුපෙළ තරමක් දුරට අස්ථාවර වුවත් මැදපෙළ ස්ථාවර කළ  ශෙනාල් දංගල්ල හා කාවින්දන පෙරේරා අර්ධ ශතක ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ ඩෙලෝන් පීරිස් ලකුණු 70කට කඩුලු 3ක් දවා ගනිමින්  කඩුලු 10ක් දවා ගන්නා ලදි.

අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගැනීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම –  152/9d (44.4): උමයංග සුවාරිස් 45, තේනුක පෙරේරා 5/31.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 91 (36.3): ඩෙලෝන් පීරිස් 7/26.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 206/3d (34): සිතාර හපුහින්න 129*, ඩියොන් ප්‍රනාන්දු 26, කලන පෙරේරා 23, තේනුක පෙරේරා 2/27.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම – 191/7 (73): ශෙනාල්  දංගල්ල 51, කාවින්දන පෙරේරා 50, මොවින් සුබසිංහ 27, ඩෙලෝන් පීරිස් 3/70.

ප්‍රමෝද් මධුවන්තගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට සැරසන්ස් කණ්ඩායමේ…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

ඊයේ (18) දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටියේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 117ක් පසුපසින් සිටිමිනි.

දෙවන දිනයේ මුල් කාර්තු දෙක තුල තවත් ලකුණු 226ක් සිය පළමු ඉනිමට එක්කාසු කර ගත් සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි. උප නායක ජොහෑන් ද සිල්වා, ශෙවෝන් ඩැනියල් හා සචින්ත රවිඳු  යන තිදෙනාම අර්ධ ශතක ලබාගෙන ඒ සඳහා සහාය විය.

තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 146ක් ලබාගෙන සිටිය දී ඉනිම අත්හිටු වීමට තීරණය කළ අතර ඒත් සමඟින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. පන්දු යැවීමේ දී ශාලින්ද සෙනෙවිරත්න තරගය පුරාවට කඩුලු 8ක් දවා ගනිමින් සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වීය.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 232 (76.2): පුබුදු බණ්ඩාර 78, අශාන් ලොකුකැටිය 46, උමෙයිර් රයිසාන් 26, අශේන් ඩැනියල් 4/68, ශාලින්ද සෙනෙවිරත්න 3/81.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 341/6d (79): ජොහෑන් ද සිල්වා 79, ශෙවෝන් ඩැනියල් 73, සචින්ත රවිඳු 58, දිනෙත් ජයකොඩි 45,  දිලේෂ් පෙරේරා 48, ලක්ෂාන් ගමගේ 30*, කවිෂ්ක සේනාධීර 3/126.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 146/9d (54.4): අශාන් ලොකුකැටිය 49, ශාලින්ද සෙනෙවිරත්න 5/78.


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගය ආනන්ද විදුහල් පිටියේ දී පැවැත්විය.

දෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක සිටියේ රාජකීය විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 325ක් පසුපසින් සිටිමිනි. අවසානයේ අද උදෑසනම ආනන්ද පළමු ඉනිම ලකුණු 140කට සීමා කර ගැනීමට ලහිරු මදුසංක ප්‍රමුඛ රාජකීය පන්දු යවන්නන් සමත් විය.

ආනන්ද පළමු ඉනිම ලකුණු 140කට සීමා වීම නිසා නැවත වතාවක් රාජකීය විද්‍යාලය පන්දු යැවීමට තීරණය කළේ ඉනිමක ජයක් අපේක්ෂාවෙන් වුවත් කනිෂ්ක රන්තිලකගේ හා ජනිඳු ජයවර්ධන ගොඩනැංවූ සබඳතාවය නිසා එය සිදුකර ගැනීමට රාජකීය විද්‍යාලයට නොහැකි විය. ගිශාන් බාලසූරිය කඩුලු 4යි.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 373/2d (81): කමිල් මිශාර 250, අහන් වික්‍රමසිංහ 69*, ඉසිවර දිසානායක 31.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 140 (41.2): සුදීප අගුලුගහ 32, ලහිරු මදුසංක 5/37.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම (F/O) – 203/8 (70): කනිෂ්ක රන්තිලකගේ 42, ජනිඳු ජයවර්ධන 35, දමින්ද රෙෂාන් 31, ගිශාන් බාලසූරිය 4/29.

කොදෙව් සංචාරයට යන එංගලන්ත සංචිතයේ වෙනසක්

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් එංගලන්තයේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචාරයට කැඳවා තිබේ. ඒ ආබාධයකට ලක් වූ ඔලී ස්ටෝන් වෙනුවටයි. ඒ අනුව ස්ටෝන්ට…

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

ධර්මරාජ විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුව යැවූ මහින්ද විද්‍යාලය ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම ලකුණු 325කට සීමා කළේය.

කසුන් ගුණවර්ධන හා ඉසුරු දයානන්ද පිළිවෙළින් ලකුණු 82ක් හා ලකුණු 60ක් වාර්තා කරන ලදි. පන්දු යැවීමේ දී නිපුන් මාලිංග කඩුලු 3ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය වූ ඊයේ අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 70ක් ලබා සිටියේය.

දිනයේ ආරම්භයේ සිටම සිය පිතිකරණ ප්‍රහාරය නොනවත්වා දියත් කළ මහින්ද විද්‍යාල පිතිකරුවන් තරගයේ දෙවන දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 475ක් ලබාගෙන සිටියේය. එහි දී හංසික වැලිහිඳ හා විනුර දුල්සර ශතක වාර්තා කර ගැනීමට සමත් වන විට නවෝද් පරණවිතාන මහින්ද විදුහල් පළමු ඉනිමට අර්ධ ශතකයක් එක්කාසු කරන ලදි. තුෂාන් බණ්ඩාර කඩුලු 4යි.

Photos: Nalanda College vs President’s College | Singer U19 Cricket Tournament 2018/19

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 325 (82): කසුන් ගුණවර්ධන 82, ඉසුරු දයානන්ද 60, යකිත සමරරත්න 48, චේතිය බණ්ඩාර 32, නිපුන් මාලිංග 3/54.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 475/9 (103): හංසික වැලිහිඳ 155, විනුර දුල්සර 102, නවෝද් පරණවිතාන 77, නිපුන් මාලිංග 41, තුෂාන් බණ්ඩාර 4/119.


ධර්මාශෝක විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

මේ පාසල් තරගාවලියේ යම් කාණ්ඩයක තරගයක් ලෙස ක්‍රියාත්මක වූ එකම තරගයේ පළමු ඉනිමේ ජය ලබා ගැනීමට සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

ධර්මාශෝක විද්‍යාලය ලබාගත් ලකුණු 143ට පිළිතුරු ලෙස වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 259ක් පමණි. ලකුණු 116ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ධර්මාශෝක විද්‍යාලය තරගයේ නියමිත අවසන් දිනය වන විට කඩුලු 9ක් දැවී ලකුණු 208ක් රැස්කර ගත්තේය. මේ තරගය පුරාවට අරෝෂණ ද සොයිසා හා ධර්මාශෝක විද්‍යාල නායක දිනුක ඩිල්ෂාන් යන දෙදෙනා පමණක්  අර්ධ ශතක ලබාගන්නා ලදි.

B කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කෞමාල් නානායක්කාර ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිමේ කඩුලු 5ක් දවා ගත්තේය.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම –  143 (46.3): දිනුක ඩිල්ෂාන් 69, සුවත් මෙන්ඩිස් 4/40

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම –  259 (88.2): කාවින්ද ද මෙල් 39, විනුජ රන්පුල් 38, තරිඳු අමරසිංහ 35, කවිඳු නදීෂාන් 4/86, දිනුක ඩිල්ශාන් 3/41, අරෝෂණ ද සොයිසා 3/49.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 208/9 (84): අරෝෂණ ද සොයිසා 85,  කෞමාල් නානායක්කාර 5/78, සුවත් මෙන්ඩිස් 3/46.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<