ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි

9909
Asantha

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) විමසන බව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති වන අසන්ත ද මෙල් මහතා පවසා සිටී.

ඊයේ තරගයේ වීරයා කුසලානයට ඩේවිඩ් වෝනර් කළ දේ

ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම ………..

එසේම වර්ෂාව නිසා තම කණ්ඩායමට බලාපොරොත්තු වු ජයග්‍රහණ නොලැබීම පාඩුවක් වුවත් ඇෆ්ගනිස්තාන තරගයට පසුව පැවති තරග වර්ෂාවට හේදී ගිය නිසා තරග වැදීමට අවස්ථාවක් නොලැබීම ද කණගාටුදායක තත්ත්වයක් බවත් හෙතම පවසා සිටියේය.

‘‘අපි 4 වැනිදාට පස්සෙ ක්‍රිකට් ගහලා නැහැ. අපි ෆෝම් එකේ හිටියට තරග ගහන්න ලැබුණේ නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. අපි කැමති ෆෝම් එකේ ඉන්න කොට ක්‍රීඩා කරන්න. ඕස්ට්‍රේලියාව සමඟ තරගයටත් එතරම් හොඳ කාලගුණයක් නැහැ. අපි බලමු මොකද කරන්නෙ කියලා.” යනුවෙන් මෙල් මහතා Daily News පුවත් සමඟ පැවති සංවාදයක දී පවසා තිබුණි..

ලෝක කුසලාන තරගාවලියේ නීතිරීති අනුව එක් බවුන්සර් පන්දුවක් පමණක් යැවිය හැකි බැවින් වේගපන්දු යවන්නන්ට මුහුණ දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සූදානමින් සිටින බව ද මෙල් මහතා ඊයේ (13) එංගලන්තයේ ඕවල් හිදී පැවති ශ්‍රී ලංකා පුහුණුවීම් සැසිය පවසා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණ තණතීරු සම්බන්ධයෙන් ද මෙල් මහතා දැඩි ලෙස සිය අප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා සිටියේය.

“අපිට සෙල්ලම් කරන්න දෙන තණතිලි වල ටිකක් තණකොළ වැඩියි. ඉන්දියාව ගහන කොට ඒක දුඹුරුයි. කාර්ඩිෆ් වල වුනත් අපිට දුන්න තණතිල්ල නෙමේ එංගලන්ත – බංග්ලාදේශ තරගයට දුන්නේ. හැමෝටම එක වගේ තණතිලි තියෙන්න ඕන. අපි මේක ICC එකට ලිඛිතව දන්වනවා.”

සිංහයින්ගේ කැන්ගරු ගොදුර සාර්ථක වෙයිද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ………

එසේම ලෝකයේම හොඳම කණ්ඩායම් අතර පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන පහසුකම් ගැන ද තමන් කණ්ඩායමක් ලෙස සෑහීමකට පත් නොවන බව ද එම පුවත් පත් සමඟ පැවති හමුවේ දී පවසා ඇත.

“Practice නෙට්ස් වුනත් 3ක් තිබුනා දුන්නේ 2යි. අපිට කාර්ඩිෆ් වල ඉන්න දීල තිබුණ හොටෙල් එකේ පහසුකම් හරියට තිබුණේ නැහැ. Bristol වල හොටෙල් එකේ Pool එකක්වත් තිබුණේ නැහැ. විශේෂයෙන්ම වේගපන්දු යවන්නට තමයි එකෙන් ලොකුම බලපෑම වෙන්නේ මොකද ඔවුන් සාමාන්‍යයෙන් Pool එකේ බැහැලා තමයි මසල් රිලැක්ස් කරගන්නේ. ඒක නිසා ඒ වගේ පහසුකම් අපට තියෙන්න ඕන. අපිට දීලා තියෙන Bus එකේ වුනත් එක ආසනයක් මදි.”

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ද මෙල් මහතා මෙසේ පවසා සිටියා.

“ඕස්ට්‍රේලියා තරගය පැවැත්වෙන ඕවල් තණතීරුව වුනත් කලින් තරග වලට තිබ්බා වගේ නෙමේ. ආයිත් අපිට තණකොළ තියෙන එකක් දීලා තියෙන්නේ. මේක ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් එක නිසා හැමෝටම මොනවා දුන්නත් එක වගේ වෙන්න ඕන” යැයි Daily News පුවත් සමඟ පැවති සංවාදයේ දී අවසන් ලෙස පවසා තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය හෙට (15) වර්තමාන ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ ලන්ඩන් නුවර ඕවල් පිටියේ දී පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com  සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<