සැප්තැම්බර් මස 18 වැනි දා සිට ආරම්භ වන ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරග 4 සහ විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයේ වගකීම දැරීමට චමරි අතපත්තු තෝරාපත් කරගෙන ඇත.

පසුගිය ලිපි: විශ්‍රාම ගියත් නොනැවතුණු ඩිල්ශාන්ගේ පිත්ත

කණ්ඩායමේ නිත්‍ය නායිකාව වූ ශෂිකලා සිරිවර්ධන ආබාධයකට ලක්වීමට හේතුවෙන් මීට පෙර පැවති විස්සයි විස්ස සහ එක්දින තරගාවලියේදී ද අතපත්තු හට, සිය නායකත්වය ලබා දීමට අවස්තාව හිමිවුනු අතර මේ වන විටත් ශෂිකලාගේ ආබාධමය තත්ත්වය සුව නොවීම හේතුවෙන් නැවතත් ඇයව නායිකාව ලෙස තෝරා පත් කරගෙන ඇත. මීට පෙර පැවති කාන්තා 20-20 ශූරතාවලිය අතරතුරදිය ශෂිකලා ආබාධයකට ලක්වූ අතර ඒ මඟින් අතපත්තුට ප්‍රථම වතාවට දැවැන්ත තරගාවලියක නායකත්වය දැරීමට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර සහභාගී වූ ඉන්දියා සංචාරය ඒතරම් සතුටුදායක එකක් නොවුනු අතර දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේදි ඔවුන් සහභාගී වුනු කාණ්ඩයෙන් තුන්වැනි ස්ථානය කරා එමින් යම් වටිනාකමක් හිමිකර ගැනීමට සමත් විය.

අවසාන් වරට පැවති ලෝක විස්සයි විස්ස කාන්තා ශූරතාවලියේදි ඕස්ට්‍රේලියාවට එරෙහිව යම් කිසි අභියෝගයක් වීමට ඔවුන්ට හැකි වූවත් ඔවුන්ට එයින් හිමිවූයේ පරාජයයි.

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර ආරම්භක ක්‍රීඩිකා යශෝදා මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩිකා ඕෂදි රණසිංහ සහ ශ්‍රීපාලී වීරක්කොඩි මෙම සංචිතයට ඇතුලත් නොකෙරූ ක්‍රීඩිකාවන් වෙයි.

සංචිතය.

  • චමරි අතපත්තු (නායක)
  • ප්‍රසාදිනි වීරක්කොඩි (උප නායක),
  • චමරි පොල්ගම්පල
  • ඩිලානි මනෝදරා
  • නිපුනි හංසිකා
  • ඉෂානි ලොකුසූරිය
  • අමා කාංචනා
  • උදේශිකා ප්‍රබෝදනි
  • ඉනෝකා රණවීර
  • ඉනෝෂි ප්‍රනාන්දු
  • අචිනි කුලසූරිය
  • සුගන්ධි දසනායක
  • ඉමල්කා මෙන්ඩිස්
  • හර්ෂිතා මාධවී

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට