දිනේෂ් ප්‍රියන්ත රියෝ බිමේ ශ්‍රී ලංකා ධජය ඔසවයි

4299
Dinesh Priyantha

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට ඉටු කිරීමට නොහැකි වූ වගකීමක් ඉටු කරමින් බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර අහසට ශ්‍රී ලංකා ධජය ඔසවා තබන්නට පැරා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. ඒ F 46 (එක් අතක් හෝ කොටසක් අහිමි/ආබාධිත) කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනුයි.

මෙරට වේලාවෙන් අද අලුයම පැවති මෙම ඉසව්වට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් එක්ව සිටින ලදී. ඒ අතරින් ප්‍රධානතම බලාපොරොත්තුව වූ දිනේෂ් ප්‍රියන්ත තම දෙවන උත්සාහයේදී තරගකරුවන් 13 දෙනා අතුරින් දෙවන ස්ථානයට පැමිණෙන්නට සමත් විය.

Dinesh Priyanthaකෙසේ වෙතත් චීන ක්‍රීඩක චුංලියැන් ගුඕ සිය 6 වන උත්සාහයේදී දිනේෂ්ව අභිබවා ගිය අතර තමන් සතුව තිබු මෙම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කල ඉන්දීය ක්‍රීඩක දේවේන්ද්‍ර රන් පදක්කම දිනා ගන්නා ලදී.

චීන ක්‍රීඩකයා රිදී පදක්කමට හිමිකම් කියද්දී දිනේෂ් ප්‍රියන්ත හේරත් නමින් ලෝකඩ පදක්කමේ අයිතිය ලියවුනේ ශ්‍රී ලංකා පැරාලිම්පික් ඉතිහාසයේ දෙවන පදක්කම ලෙසයි. දිනේෂ් ලෝකඩ පදක්කම සඳහා හෙල්ල විසිකළ දුර මීටර් 58.23ක්

මීට පෙර පසුගිය 2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී T-46 කාණ්ඩයේ පිරිමි මීටර් 400 ඉසව්වේ 3 වන ස්ථානය දිනාගත් ප්‍රදීප් සංජය මෙරට ඉතිහාසයේ පළමු පැරාලිම්පික් පදක්කමට හිමිකම් කියන ලදී.

මෙවර රියෝ පැරාලිම්පික් උළෙලේ T -42 සිට T 47 දක්වා කාණ්ඩ සඳහා පැවති පිරිමි මීටර් 100×4 සහය ඉසව්වේදී සිවු වන ස්ථානය දිනා ගන්නටත් දිනේෂ් ප්‍රියන්ත හේරත් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.