හිටපු කොදෙව් දැවැන්තයාට පාපන්දු ක්‍රීඩාව ගැන සිතක් පහළ වෙයි

1325

ක්‍රිකට් හා පාපන්දු යන ක්‍රීඩා දෙකෙන්ම සිය රට නියෝජනය කිරීම සුවිශේෂී දක්ෂතාවයක්. එසේ කිරීමට සමත් වූ ක්‍රීඩකයින් ඇත්තේ ඉතා අතලොස්සක් පමණයි.

එම දක්ෂතාවය දැක්වූ එක් ක්‍රීඩකයෙක් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක සර් Viv Richards. ඔහු පාපන්දු හා ක්‍රිකට් ඉසව් දෙකෙන්ම සිය රට නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රීඩා කරන්නට සමත් වුනා.

සර් Viv Richards 1975 හා 1979 වසරවල දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ලෝක කුසලානය දෙවරක්ම දිනා ගත්තා. එමෙන්ම ඔහු 1974 වසරේ දී Antigua හා Barbuda නියෝජනය කරමින් පාපන්දු ලෝක කුසලානයේ තේරීම් තරග ද ක්‍රීඩා කළා.

පසුගිය දා හාස්‍ය මුසු Twitter පණිවිඩයක් ඔස්සේ ඔහු සඳහන් කර තිබුණේ අවස්ථාවක් ලැබේ නම් තමන් Liverpool කණ්ඩායමට වුනත් ක්‍රීඩා කරන්නට කැමති බවයි.

මේ දිනවල පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Quetta Gladiators කණ්ඩායමේ උපදේශකවරයෙක් වශයෙන් ද සේවය කරන සර් Richards, Twitter ඔස්සේ තමන් පාපන්දු ක්‍රීඩා කරන රූපයක් නිදහස් කර තිබුණේ Liverpool කණ්‌ඩායමට ආරාධනාවක් කරමින්.

MoSalah හා Mane අතරට තවත් භයානක ප්‍රහාරයක් එකතු කරගන්නට ඔබට ඉඩ තිබෙනවා ද?”, යැයි ඔහු Liverpool කණ්ඩායමෙන් විමසා තිබුණා.

සිය පිත්තෙන් ක්‍රිකට් පිටිය අන්දමන්ද කළ සර් Richardsගේ ටෙස්ට් සාමාන්‍යය ලකුණු 50.23ක්. ඔහුගේ එක්දින සාමාන්‍ය දැක්වෙන්නේ 47ක් ලෙසයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<