ගෙවුනු දවස: ඔක්තෝම්බර් 01 – මහේල උඩවත්තගෙන් අර්ධ ශතකයක්

516

 

“ගෙවුනු දවස” ලිපි මාලාව සමඟින් එකතු වන ඔබට ස්තූතියි! කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 මලල ක්‍රීඩා – 

නීමාලී වසර 25ක වාර්තාවක් බිඳ දමයි

සැප්තැම්බර් 30 වන දා යාපනයේදි ආරම්භ වූ 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ  දෙවන දිනය ඊයේ (01) නිමාවට පත්වූයේ තවත් වාර්තා කිහිපයක් ද අලුත් කරමිනි.

1992 වර්ෂයේදි බාසිලෝනා නුවරදි එස්. ධම්මිකා මැණිකේ විසින් තබනු ලැබූ ශ්‍රී ලංකා වාර්තාවක්, ඊයේ යාපනයේදී ඩබ්. කේ. එල්. නිමාලී විසින් අලුත් කිරීමට සමත් විය. ධම්මිකා මැණිකේ විසින් මිනිත්තු 02 තත්පර 03.85ක කාලයක් වාර්තා කරමින් තබා තිබූ එම වාර්තාව නිමාලී විසින් අලුත් කරනු ලැබුවේ මිනිත්තු 02 තත්පර 03.70ක කාලයකිනි.

මේ අතර පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් එම්. එච්. ඉශාර සඳරුවන්, ඔහු මීට පෙර තබා තිබූ ජාතික වාර්තාව දෙවරක් අලුත් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු මෙම වසර තුලදී මීටර 5ක උසක් තරණය කරමින් තබා තිබූ වාර්තාව අද උදෑසන නැවත අලුත් කරනු ලැබුවේ මීටර 5.10ක උසක් තරණය කරමිනි.

සම්පූර්ණ ලිපිය: වසර 24ක වාර්තාවක් අලුත් කරමින් දෙවන දිනය නිමාවේ


 හොකී – 

ආනන්ද පරදා ජය නාලන්දට

ආනන්ද හා නාලන්ද විද්‍යාලීය කණ්ඩායම් අතර වාර්ෂිකව පවත්වනු ලබන ‘M.W. කරුණානන්ද’ ශූරතා කුසලාන හොකී තරගය අද (01) කොළඹ 07 හොකී ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර 15 වෙනි වරට සංවිධානය කර තිබු මෙම තරගය මෙවර ආදී නාලංදීය හොකී සංගමය විසින් සංවිධානය කරනු ලැබීය .

තරග කාලය අවසානයේදී ගෝල 3ට 2ක් වශයෙන් තරඟය ජයග්‍රහණය කරමින් ‘M.W. කරුණානන්ද’ ශූරතාවය දිනාගැනීමට නාලන්ද විද්‍යාලය සමත්වූ අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නාලන්ද විද්‍යාලයේ ජීවංත පසන් නම් කරනු ලැබීය.

සම්පූර්ණ ලිපිය: වාර්ෂික හොකී තරගයේ ජය නාලන්දාවට


 ක්‍රිකට් – 

පීතරයින්ට පූර්ණ තරග ජයග්‍රහණයක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (01) පැවති තරග අතුරින් සාන්ත පීතර විද්‍යාලය පමණක් පූර්ණ තරග ජයග්‍රහණයක සාඩම්බර හිමිකරුවන් බවට පත් වීමට වාසනාවන්ත විය. අනෙක් තරග වලදී සාන්ත ජෝසප්, ත්‍රිත්ව සහ සාන්ත සෙබස්තියන් විද්‍යාල ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන ලදී.

සාන්ත පීතර විද්‍යාලය: 339/6 (53) ලක්ෂින රොද්‍රිගෝ 82, මනෙල්ක ද සිල්වා 71, රන්මිත් ජයසේන 69*, අනිෂ්ක පෙරේරා 58, අරින්ද චතුරංග 2/63.

සාන්ත ඇන්තනි විද්‍යාලය: 114 (78.1) රුක්ෂාන් රොද්‍රිගෝ 54*, සන්තුෂ් ගුණතිලක 4/02, චතුර ඔබේසේකර 4/23.

සාන්ත ඇන්තනි විද්‍යාලය (දෙවන ඉනිම): 94 (46.3) අවිශ්ක තරිඳු 37, සන්තුෂ් ගුණතිලක 3/10, මොහොමඩ් අමීන් 4/42, මනෙල්ක ද සිල්වා 2/12.

සාන්ත ජෝසප් විද්‍යාලය: 148 (56.3) හරීන් කුරේ 37, ටශාන් පෙරේරා 26, නිපුන සුමනසිංහ 22, ශශික දුල්ෂාන් 5/56.

සාන්ත සර්වේසස් විද්‍යාලය: 84 (40.5) ඉසුරු උදයංග 21, රුචිර ඒකනායක 4/21, ජෙහාන් ඩැනියෙල් 2/45, හරීන් කුරේ 2/14.

සාන්ත ජෝසප් (දෙවන ඉනිම): 173/8 (36.3) ජෙහාන් ඩැනියෙල් 76, පහන් පෙරේරා 28, ශෙවෝන් ෆොන්සේකා 24, දිනෙත් සංජය 21, තිලාන් ප්‍රශාන් 3/42.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවන ඉනිම): 174/8 (57) මුදිත හෂාන් 96*, සුපුන් කවින්ද 28, සඳරු නෙත්මිණ 24, හරීන් කුරේ 6/42.

සම්පූර්ණ ලිපිය: සාන්ත පීතර විද්‍යාලයට පූර්ණ තරග ජයග්‍රහණයක්


A කාණ්ඩයේ කිරුළ MAS Unichela කණ්ඩායමට

MAS යුනිචෙලා කණ්ඩායම මේ වසරේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධාන කල ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට සමත්  විය. මෙවර තරගාවලියේ අවසන් දිනයේ තරග ඊයේ (01) කොළඹදී ක්‍රියාත්මක විය.

ඩිමෝ කණ්ඩායම  – සියල්ලන් දැවී – 229 (47.1)  : හෂාන් දුමිඳු – 66, ජේසන් පෙරේරා – 44, ලසිත් අබේරත්න – 20, දිල්රුවන් පෙරේරා – 3/48, මාලිංග බණ්ඩාර – 2/39, ෆර්වීස් මහරූෆ් – 2/50.

MAS යුනිචෙලා කණ්ඩායම – 230/6 (38.2)  : මහේල උඩවත්ත – 87*, TM ඩිල්ශාන් – 28, චාමර සිල්වා – 28, ධනුෂ්ක ගුණතිලක – 27, රශ්මික ඕපාත – 22, රමේෂ් මෙන්ඩිස් – 2/37, නිසල තාරක – 2/49.

සම්පූර්ණ ලිපිය: MAS යුනිචෙලා කණ්ඩායම ශූරතාවය දිනා ගනී


B කාණ්ඩයේ කිරුළ කැන්රිච් කණ්ඩායමට

සිංගර් ආයතනය විසින් 24වන වරටත් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් මහා තරඟය ඊයේ (1) වෙළෙඳ සේවා පිටියේදී එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර පැවැත්විණි. අවසානයේ මෙම තරඟයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබාගත් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ ශුරයින් බවට පත්විය.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම – 237/08 (50): සී. සුදාරක 44, හෙෂාන් විජේරත්න 37*, රජීව වීරසිංහ 27*, චතුරංග කුමාර 26, දිලේශ් බුද්ධික 5/67, රොශාන් ලක්සිරි 2/25

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 238/07 (47.2): සහන් විජේරත්න 65, කවිදු කුලසේකර 61*,දමිත් ප්‍රියදර්ශන 55, ශිරාන් ප්‍රනාන්දු 3/42, රජීව වීරසිංහ 2/26

සම්පූර්ණ ලිපිය: වෙළෙඳ සේවා අවසන් කිරුල කැන්රිච් ෆිනෑන්ස්ට

දිනයක නිමාව