බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න බය වෙයි

1985

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයක් මේ වසරේ (2019) ජූලි මස දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන එම තරග සංචාරය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමේ තීරණය තාවකාලිකව නවතා දමා තිබේ.

ප්‍රබල ක්‍රීඩකයෙක් සංචිතයෙන් ඉවතට

දකුණු අප්‍රිකාවට තවත් හිසරදයක් වෙමින් ලෝක කුසලානය ……….

2018 වසරේ දෙසැම්බර් මස දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම ක්‍රිකට් තරගාවලිය මේ වසරේ ජූලි මාසය දක්වා කල් තැබුවේ පසුගිය දෙසැම්බර් මස බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණු නිසාවෙනි. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 3ක් ඇතුළත් කර තිබුණි.

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා නොසිතූ ලෙස එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් නිසා ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්වය පිළිබඳව මුළු ලෝකයාගේම අවධානය යොමු විය.

මේ වසරේ ජුලි සහ අගෝස්තු මාසවල දී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි නමුත් නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වනු ඇතැයි පසුගිය සතියේ දී පවසා සිටීමත් සමඟම බංග්ලාදේශයත් ඔවුන්ගේ තීරණය මෙසේ පවසා තිබේ.

එසේම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳව දැඩි විමසිල්ලකින් පසුවන්නේ පසුගිය මාර්තු මස 15 වැනිදා නවසීලන්ත සංචාරයක නිරත වී සිටිය දී ක්‍රියිස්ට්චර්ච් හිදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පසුවයි. කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් අනූ නවයෙන් දිවි ගලවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් වන අතර ප්‍රහාරය එල්ල වූ දින සිකුරාදා දිනයක් නිසාවෙන් බංගලාදේශ ක්‍රීඩකයන් ද සිකුරාදා දේව මෙහෙයන් වලට සහභාගී වීම සඳහා එම දේවස්ථානයට පැමිණෙමින් තිබුණි.

එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින සිට …..

“අපි තවමත් හරියටම තීරණයක් අරගෙන නැහැ. අපි තවමත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය අධ්‍යනය කරමින් ඉන්නේ. අපි විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ සිටින බංග්ලාදේශ තානාපතිවරයාව මේ පිළිබඳව දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම ලබන මාසයේ දී පැවැත්වෙන ආසියානු ක්‍රිකට් පාලනාධිකාරි හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමඟ මේ තරගාවලිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වන නිසාමුඩීන් චවුද්රි මහතා එක්තරා මාධ්‍යයකට සිය අදහස් දක්වමින් පවසා සිටියේය.

එසේම ශ්‍රී ලංකාවේ පසුගිය දා ඇතිවූ මෙම අනාරක්ෂිත බව නිසා පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද තාවකාලිකව නවතා දමන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<