යාපනය මධ්‍ය මහා විද්‍යාලය අවසන් මහා තරගයට

ThePapare පාපන්දු ශූරතාවය

325

පාසල් පාපන්දු පිටියේ ප්‍රධානතම තරගාවලියක් ලෙස පැවැත්වෙන ThePapare පාපන්දු ශූරතාවයේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (18) පැවැත්වුනා.

මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Al Asqa ක්‍රීඩකයින් පරදවමින්

මතභේදාත්මක අර්ධ අවසන් පූර්ව වටයේ දී කිංස්වුඩ් පරදවමින් Al Asqa ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයට පිවිසි අතර යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩකයින් පරාජය කලේ ගේට්වේ විද්‍යාලයයි.

තරගය ආරම්භයේම සිය ආධිපත්‍ය පැතිරවීමට ගත් යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පළමු ගෝලය එස්. මිශාන්ත් වාර්තා කළා. ඒ තරගයේ 9 වැනි මිනිත්තුවේ දීයි.

තරගයේ 22 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් සීමාවේ සිට ගෝලයට එල්ල කරමින් දෙවැනි ගෝලය වාර්තා කිරීමට එස්.මිශාන්ත්ට හැකි වුනේ යාපනය ක්‍රීඩකයින් තරගයේ පෙරමුණට ගෙන එමිනුයි.

එතෙක් වේලාවක් යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩකයින් රඳවා තිබූ ආධිපත්‍ය බිඳ හෙළමින් සිය කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට Al Aqsa ක්‍රීඩක මොහොමඩ් අෆ්කර්ට හැකි වුනා.

නමුත් එම ගෝලයට නැවත පිළිතුරක් ලබා දෙමින් තරගයේ 34 වැනි මිනිත්තුවේ දී දිගු පන්දු පහරක් මගින් පන්දුව ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමේ තෙවැනි ගෝලය වාර්තා කිරීමට යාපනය ක්‍රීඩක K. Santhuruට හැකි වුනා.

එම අර්ධය තුළ වෙනත් ගෝල වාර්තා කිරීමට Al Aqsa ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසා එම අර්ධය යාපනය ක්‍රීඩකයින් පෙරමුණේ තබමින් අවසන් වුනා.

දෙවැනි අර්ධය ආරම්භ වී මද වේලාවක් ගත වෙද්දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමි සිව්වැනි ගෝලය වාර්තා කිරීමට යාපනය ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ 58 වැනි මිනිත්තුවේ දී හිමි වූ එම දඬුවම් පහර ලබා ගත් A. Sebastyaral ගෝලයේ දකුණු කෙළවරින් පන්දුව දැල වෙත යොමු කළා.

යාපනය ක්‍රිඩකයින්ගේ ජයග්‍රහණය තහවුරු කරමින් පස්වැනි ගෝලය 70 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට V. Abeshan සමත් වුනේ නිදහස් පහරක් මගින් දඬුවම් සීමාවට යොමු කළ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරලයි.

ඒ සමඟින් තරගය 5-1 ක් ලෙස ජයග්‍රහණය කරමින් 2022 ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඒ අනුව ඔවුන් ThePapare පාපන්දු ශූරතාවය වෙනුවෙන් මරදාන සාන්ත ජෝසප් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

අවසන් ලකුණු තත්වය: යාපනය මධ්‍ය මහා විද්‍යාලය 05-01 Al Aqsa විද්‍යාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

යාපනය මධ්‍ය මහා විද්‍යාලය: එස්. මිශාන්ත් 09′ & 22′, K. Santhuru 34′, A. Sebastyaral 58′ (P), V. Abeshan 70’

Al Aqsa විද්‍යාලය: මොහොමඩ් අෆ්කර් 24’

ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයේ උණුසුම සජීවීව විඳගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<