වෙළෙඳ සේවා අවසන් කිරුල කැන්රිච් ෆිනෑන්ස්ට

1894
The victorious Kanrich Finance cricket team
The victorious Kanrich Finance cricket team

සිංගර් ආයතනය විසින් 24වන වරටත් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් මහා තරඟය අද (1) වෙළෙඳ සේවා පිටියේදී එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම හා කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අතර පැවැත්විණි. අවසානයේ මෙම තරඟයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබාගත් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අවසන් මහා තරගයේ ශුරයින් බවට පත්විය.

පසුගිය ලිපි:ඩයලොග් රග්බි ලීග් තරගාවලිය නොවැම්බර් මාසයේදි

එල්. බී ෆිනෑන්ස් කණ්ඩායම විසින් හේලිස් ආයතන කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින් ද, කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම MAS sliueta කණ්ඩායම හමුවේ කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන මෙම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

කටුනායක වෙළෙඳ සංගම් ක්‍රිකට් පිටියේදී පැවැත්වුනු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. ඒ ඇරයුමින් පිටියට පැමිණි එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් සී. සුදාරක එක් 4 පහරක් පමණක් එල්ල කර කඩුල්ල තුල රැදී සිටිමින් කණ්ඩායමට අවශ්‍ය ලකුණු 44ක් ලබාගන්නා ලදි.

චතුරංග කුමාර පන්දු 9ක් තුල 4 පහරවල් 3ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 26ක් තම කණ්ඩායමේ ලකුණු පුවරුවේ සටහන් කර දැවීයන ලදි. තවද එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ අවසන් පිතිකරුවන් ලෙස ක්‍රීඩා කල හෙශාන් විජේරත්න 4 පහරවල් 3ක් හා 6 පහරවල් 3ක් සමගින් ලකුණු 37*ක් නොදැවී ලබාගන්නා ලදි.

හෙශාන් සමඟ හොද සබඳතාවයක් ගොඩනැංවූ රජීව වීරසිංහ 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 27*ක් නොදැවී තම කණ්ඩායම වෙනුවෙන් රැස් කරගැනීමට සමත් විය.

දිලේශ් බුද්ධික කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 67ක් තුළ කඩුලු 5ක් දවාලමින් විශිෂ්ට පන්දුකරණයක නිරත විය.

එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම – 237/08 (50): සී.සුදාරක 44, හෙෂාන් විජේරත්න 37*, රජීව වීරසිංහ 27*, චතුරංග කුමාර 26, දිලේශ් බුද්ධික 5/67, රොශාන් ලක්සිරි 2/25

ලකුණු 238ක අභියෝගයක් හඹායාමට දෙවනුව පිටියට පැමිණි කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් සහන් විජේරත්න ලකුණු 65කින් දායකත්වය ලබා දුන් අතර ඔහුගේ අර්ධ ශතක ඉණිමට මනරම් 4 පහරවල් 7ක් අන්තර්ගත විය.

කවිදු කුල‍සේකර 4 පහරවල් 4ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 61*ක් නොදැවී  ලබාගන්නා ලදි. කවිදු කුලසේකරගේ ඉණිම කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තෙක්ම ඔහුගේ එම ඉණිම දියත් කල අතර ඔහු නොදැවුනු ක්‍රීඩකයෙකු ලෙස තරඟය අවසන් කරන ලදි.

ඔවුන් දෙදෙනාගේ පිතිකරණය පමණක්ම නොව, දමිත් ප්‍රියදර්ශනගේ අර්ධ ශතක ඉණිමද, කැන්රිච් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා විශාල පිටුවහලක් වූ අතර, එම ඉණිමට අලංකාරවත් 4 පහර 6ක් හා 6 පහර 4ක් අන්තර්ගත කරමින් තම දස්කම් දක්වන ලදි.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම – 238/07 (47.2): සහන් විජේරත්න 65, කවිදු කුලසේකර 61*,දමිත් ප්‍රියදර්ශන 55, ශිරාන් ප්‍රනාන්දු 3/42, රජීව වීරසිංහ 2/26

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයග්‍රහණයක්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට