ගෙවුනු දවස: ඔක්තෝම්බර් 08 – රත්නම් ක්‍රීඩා සමාජයට ජය

888

සිංගර් වෙළඳසේවා ක්-රිකට් තරගාවලියේ MAS යුනිචෙලා සහ MAS ඇක්ටිව් අතර පැවති තරගයේ ඡායාරූපයකි ©ThePapare.comසිංගර් වෙළඳසේවා ක්-රිකට් තරගාවලියේ MAS යුනිචෙලා සහ MAS ඇක්ටිව් අතර පැවති තරගයේ ඡායාරූපයකි ©ThePapare.comරත්නම් ක්-රීඩා සමාජය සහ කොල්ලුපිටිය ක්-රීඩා සමාජය අතර පැවති තරගයේ ඡායාරූපයක් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

පාපන්දු –

රත්නම් ක්‍රීඩා සමාජයට ජය

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධාන කරනු ලබන පාපන්දු කුසලාන තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් ඊයේ (08) වැල්ලවත්ත කුරේ ක්‍රීඩා පිටියේදී පැවත්විය. ඒ රත්නම් ක්‍රීඩා සමාජය සහ කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය අතරයි.

ප්‍ථම අර්ධය – රත්නම් ක්‍රීඩා සමාජය 01 : 00 කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය

අවසන් ලකුණු – රත්නම් ක්‍රීඩා සමාජය 05 : 00 කොල්ලුපිටිය ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලිපිය: ගෝල 05-00කින් ජය රත්නම් කණ්ඩායමට


ක්‍රිකට් –

ශනොගීත්ගෙන් ශතකයක්

19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (8) අවසන් වූ තරග වලින් දැවැන්ත ජයග්‍රහණයන් තුනක සතුට භුක්ති විඳින්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල සමත් වූ අතර ඉසිපතන – සාන්ත පීතර තරගය පමණක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 422 (පන්දුවාර 72) ශම්මුගනාදන් ශැනුගීත් 136, හසිත බෝයගොඩ 109, එස්. පර්සිවල් 51*, නිවන්ත හේරත් 4/66

ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 90 (පන්දුවාර 29.5) නිවන්ත හේරත් 30, තිසරු ඩිල්ශාන් 8/31.

ධර්මරාජ විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 65.4)  දේශාන් ගුණසිංහ 70, උදන්ත අමරකෝන් 47, ගිහාන් විතාරණ 33, මොහොමඩ් ශුයිබ් 3/21, තිසරු ඩිල්ශාන් 2/23, ශම්මුගනාදන් ශැනුගීත් 2/29.

සාන්ත මරියා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 126 (පන්දුවාර 24.4) මාස් රහීම් 78, සුහඟ විජේවර්ධන 3/48, කලණ පෙරේරා 3/31, මදුෂාන් හසරංග 2/14, උමේක්ෂ දිල්ෂාන් 2/13.

නාලන්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 260 (පන්දුවාර 62) දිල්හාර පොල්ගම්පල 81, මාලිංග අමරසිංහ 60, ලක්ෂිත රසාංජන 49*, සුහඟ විජේවර්ධන 33, ලසිත උදාගේ 2/59.

සාන්ත මරියා විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 77.3) සඳරු ශ්‍රියශාන්ත 48, සජීව රන්ජිත් 32, මාස් රහීම් 33, උමෙෂ්ක ඩිල්ශාන් 3/44, ලක්ෂිත රසාංජන 4/59.

නාලන්ද විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 74 (පන්දුවාර 15.1) දසුන් සෙනවිරත්න 33.

සම්පූර්ණ ලිපිය: තිසරු සහ ශනොගීත් ත්‍රිත්ව විද්‍යාලයට සුපිරි ජයක් හිමිකර දෙයි


ධනුශ්ක ගුණතිලක ශතකයකට මෙපිටින් නතර වේ

සිංගර් – වෙළඳ සේවා ක්‍රිකට් සංගම් පිළිමලුන් පිටු දැකීමේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට MAS යුනිචෙලා, ඩිමෝ, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් සමත් විය. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී MAS ඇක්ටිව්, සම්පත් බැංකු, හැටන් නැෂනල් බැංකු සහ ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම් පරාජය කරමිනුයි.

MAS ඇක්ටිව් – 201/9 (50): ඩිල්ශාන් මුණවීර – 55, ජෙහාන් මුබාරක් – 44*, TM සම්පත් – 26, ලහිරු ජයරත්න – 3/37, ෆර්වීස් මහරූෆ් – 3/47.

MAS යුනිචෙලා- 204/3 (30.3) : ධනුෂ්ක ගුණතිලක – 96, මහේල උඩවත්ත – 37, තිලක්ෂ සුමනසිරි – 28*, TM ඩිල්ශාන් – 20*.

ජෝන් කීල්ස් – 358/9 (50) : මනෝජ් සරත්චන්ද්‍ර – 133, ජනක ගුණරත්න – 123, මාධව වර්ණපුර – 2/55, සචින් ජයවර්ධන – 2/56.

හැටන් නැෂනල් බැංකුව – සියල්ලන් දැවී – 203 (42.5) : සචින් ජයවර්ධන – 67, සජීව වීරකෝන් – 27, විකුම් බණ්ඩාර – 3/34, මධුශාන් රවිචන්ද්‍රකුමාර් – 3/21, ශානුක දුලාජ් – 2/25.

කොමර්ෂල් ක්‍රෙඩිට් – සියල්ලන් දැවී – 229 (46.5) : චතුරංග ද සිල්වා – 66, සුරාජ් රන්දීව් – 28, මිලින්ද සිරිවර්ධන – 3/51, ජෙෆ්රි වැන්ඩර්සේ – 3/54.

ටෙක්ස්චර්ඩ් ජර්සි  – සියල්ලන් දැවී – 194 (36.4) : මිලින්ද සිරිවර්ධන – 79, ඩිලාන් ජයලත් – 46, චතුරංග ද සිල්වා – 5/36.

සම්පත් බැංකුව – සියල්ලන් දැවී –149 (32.4) : කෞෂාල් සිල්වා – 34, දසුන් ශානක – 32, පුලින තරංග – 3/35, නිසල තාරක – 2/47.

ඩිමෝ කණ්ඩායම  – 152/4 (17.2) : නිපුන් කරුණානායක – 68, ලසිත් අබේරත්න – 44, කසුන් රාජිත  3/40.

සම්පූර්ණ ලිපිය: MAS යුනිචෙලා, ඩිමෝ, ජෝන් කීල්ස් සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් පූර්ව වටයට

දිනයක නිමාව