2023 LPL තරගාවලියට දින නියම වෙයි

LPL 2023

669

4 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය මෙම වසරේ ජූලි 31 වැනිදා පටන් අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (27) නිවේදනය කළා.

ප්‍රධාන ක්‍රීඩාංගණ තුනක් මූලික කොට ගෙන කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය මෙවර ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීම මගින් ලීගය පෙර සැලසුම් කළ කාලරාමුවට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා.

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තරගාවලිය වෙත ගෙන්වා ගැනීමට ඉහළ අවස්ථාවක් ලැබෙන නිසාත්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයට ද හොඳින්ම ගැළපෙන නිසාත් මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවල දී තරගාවලිය පැවැත්වීමට අපි තීරණය කළා.”

ලංකා ප්‍රිමියර් ලීග් අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා විසින් තරගාවලිය මෙම කාලයේ දී පැවැත්වීමට හේතුව එසේ පැහැදිලි කර තිබුණා.

LPL තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක් ම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 14 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි 6 දෙනා විදෙස් ක්‍රීඩකයින් වේ.

එමෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් පිටියට ශ්‍රී ලංකාවෙන් එල්ල වන ප්‍රධානතම අභියෝගය ලෙසත් LPL තරගාවලිය හඳුන්වා දිය හැකියි.

මෙවර LPL තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<